අද ත්‍රස්තවාදය කියන්නේ ජාතික ප්‍රශ්නයක් නෙමේ ගෝලීය ප්‍රශ්නයක් – ජනාධිපති නීතිඥ සී.ජේ. වැලිඅමුන

අද ත්‍රස්තවාදය කියන්නේ ජාතික ප්‍රශ්නයක් නොව  ගෝලීය ප්‍රශ්නයක් බව  ජනාධිපති නීතිඥ සී.ජේ. වැලිඅමුන මහතා ප්‍රකාශ  කළේය .අනිද්දා පුවත්පතේ පළමු  සංවත්සරයේදී  කතා කරමින් ඒ මහතා මේ බව පැවසීය . එහිදී වැලිඅමුණ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය .

අනිද්දා ගැන කතා කරනන අද මට මේ අවස්ථාව ලබාදීම ගැන අනිද්දා කර්තෘ ජනරංජන මහත්තයාට විශේෂයෙන්ම ස්තූතිතවන්ත වෙනව. මේ සංවාද මණ්ඩපයේ මාර්තෘ කාව 2020 එහා ශ්‍රී ලංකාව.

2020 එහා ගැන කතාකරනකොට අධිකරණ ක්ෂේත්‍රය, නීතිය ගැන සියල්ලම ගත්තහම මම හිතන්නේ, අද දකින්න ලැබෙන හැම දේකින්ම පේන්නේ, 2020 ඉස්සරහට ප්‍රතිසංස්කරණ ගැන හිතන්න තියෙනව. අද අපි ලේ විලක් මැද. ඉතා ගනගාටුවෙන් මේ දේශනය පවත්වනව. මම මේ ප්‍රකාශය කරන්නේ වටේ ඉන්න මත සම්පාදකයන් හමුවේ.

අපිට අවශ්‍යයි ප්‍රධාන ප්‍රතිසංස්කරණ. අධිකරණය ගැන වෙන්න පුළුවන්, නීතිය ගැන වෙන්න පුළුවන්. අපි දන්න නීතිය ක්‍රියාත්මක කරන්න ගියාට පස්සෙ, මීට ශතවර්ෂයකට එහා ගිය නීතිත් එක්ක තමයි මේ අනාගතය දකින්නේ. අපි දකින යථාර්ථය සමහරවිට දූෂණ විරෝධයන් ගැන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍ය අපරාධ ගැන වෙන්න පුළුවන්. අපරාධ මර්ධන කිරීමට ගන්නා නීති වෙන්න පුළුවන්. අපි හිතනවා මේ පොලිස් නිලධාරින්ගෙන්, මේ රජයේ නිලධාරින්ගෙන් මේ මහා බරපතල අපරාධ පාලනය කරන්න පුළුවන් කියල. අපිට තියන ප්‍රතිපාදනයන් තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වගේම අපිට තියෙන ප්‍රතිපාදනයන් ආරක්ෂා කර ගනිමින්.

මම හිතන්නේ ප්‍රධාන නීති හැමදෙයක්ම පාහේ සිවිල් හෝ අපරධ වේවා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නව යුගයට ගැලපෙන ආකාරයට, ඉදිරියට ගැලපෙන ආකාරයට සකස් කිරීම තමයි ප්‍රධාන වශයෙන් අපිට තියෙන අභියෝගය.

ඒ සඳහා අනිද්දා පුවත්පත යම්කිසි දායකත්වයක් ලබාදෙනව, මොකද ඒ තුළ අපි ඇති රටාව අපිට පුරුදු නැති වුවත්, අපි එහි යමක් දකිනවා… අපි උදාහරණයක් විදිහට ගම්මු නඩු කල්යෑම. නඩුකාරයෙකුට හෝ නීතිඥයෙකුට මේ වගකීම පවරලා හරිම ලේසියි අහන්න මේ නඩු කල්යන්නෙ ඇයි කියල. …. ඒ සඳහා සුදුසු වතාවරයක් තියෙනව. උසාවියක නඩු හත්අටසීයක් තියෙනකොට, නීතිඥවරු දින ගැනීම නඩු කල්යෑම තියෙන අතරතුරම සාක්ෂි කාරයෝ අධිකරණවලට එන්නෙ නැත්නම්, ඒ නිසා කල්යන නඩු….. අධිකරණයක් සඳහා අවශ්‍ය අපි ගත්තොත් ස්ටෙනෝලා (ලඝු ලේඛිකාවන්) නැහැ ලංකාවෙ දැන්. ස්ටෙනෝලා, ටයිප් කරන කට්ටිය ලංකාවේ බිහිකරන්නෙත් නැහැ.

වෙනත් රටවල ස්ටෙනෝ කෙනෙක් කියන්නෙ, ග්‍රැජුවෙට් කෙනෙකුට වැඩිය පඩි හම්බ වෙන, රජයේ නිලධාරීන්ට හා සමාන ඉහළ පඩියක් හම්බවෙන අය. මේ අයට ප‍ඩියක් දෙන්න යනකොට බලන්න පුළුවන් ලංකාවේ එකට තියෙන ප්‍රතිවිරෝධය. අපි දන්නවා වැටුප් පරිපාලන කොමිෂන් සභාවෙන් එකට ප්‍රතිවිරෝධයන් තියෙනව. ඒවා ප්‍රධාන අත්‍යාවශ්‍ය සේවා. මම කියන්නේ උදාහරණ.

වෛද්‍ය‍සේවය තුළ වෛද්‍යවරු අතර වෙනත් පුළුවන්. ඉංජිනේරුවන් වශයෙන් හිතලා මේක විසඳන්න බෑ. මේක ජාතික ප්‍රශ්නයක්. අපි හිතන්න ඕනෙ අධිකරණ ක්ෂේත්‍රයතුළ තියෙන ප්‍රශ්නය ජාතික ප්‍රශ්නයක් කියල. ඒ නිසා මම හිතන්නෙ ‍අනෙක් සේවාවල වගේම අධිකරණය තුළත් අපි හිතන්න ඕනෙ. අපි හිතනව නම් අර මාධ්‍ය කට්ටිය හිතනවා වගේ තො‍රතුරු ලබාදීමේ අයිතිය තියෙන්නේ මාධ්‍යකරුවන්ටයි කියල, එහෙම නැත්තනම් කලා නිර්මාණවල අයිතිය තියෙන්නේ කලා කරුවන්ට විතරයි කියලා. ඒ වගේම අධිකරණය අයිති වෙන්නේ නීතිඥ මහත්තරුවන්ට හා විනිශ්චකාරවරුන්ට විතරයි කියලා, මේකට උත්තර හොයාගන්න හම්බවෙන්නෙ නැ. පාර්ලිමේන්තුවෙ ඉඳලා හැම දේශපාලඥයෙක්ම හිතනවා රට අයිති ඒ ගොල්ලන්ට කියලා. මේ හැමදෙයක්ම අයිති මහජනතාවට. ප්‍රතිසංස්කරණාත්මක නැවත බැලීමක් අවශ්‍ය වෙනවා 2020 ඉඳලා. මේ ත්‍රස්තවාදය වැලැක්වීම සඳහා වුණත් එහෙමම තමයි.

උදාහරණයක් විදිහට ගත්තොත් අපි අද හිතනව නම් මේක ලංකාවෙදි අවසන් කරන්න පුළුවන් කියලා ඒක මිත්‍යාවක්. අපි දන්නවා, ලෝකෙ පුරාම අපි දැකලා තියෙනව, ත්‍රස්තවාදය කියන්නේ ජාතික ප්‍රශ්නයක් නෙමේ ගෝලීය ප්‍රශ්නයක්. මානව හිමිකම් ආරක්ෂා කිරීමත් අපේ රටේ වගේම ගෝලීය අවශ්‍යතාවයක්. මේ දේවල් යම්කිසි ආකාරයකට දේශීය වශයෙන් හා ගොලීය වශයෙන් සම්බන්ධ වෙලා තියෙනව. අපි දැකල තියෙනව පසුගිය වසර කීපය තුළ යම් යම් ආයතන ස්වාධීන වුණා. මට ආඩම්බරයෙන් කියන්න පුළුවන් අධිකරණය සෑහෙන්න ඉදිරියට ගිහිල්ලා තියෙනව. නමුත් ඒකෙන් කියන්නෙ නෑ අධිකරණය අපි අපේක්ෂා කරන ආකාරයටම ස්වාධීන වෙලා තියෙනව කියලා. ඒ වගේම අපි දැක්කා පොලීසියෙ මොන අඩුපාඩුකම් තිබු‍ණත්, සී.අයි.ඩී. වගේ ආයතන තුළ අපි මෙතෙක් නොදැකපු ආකාරයේ ස්වාධීනත්වයක් අපිට දකින්නට ලැබුණා. මේ 19 වන ආණුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔවුන්ට ලබාදීපු ශක්තිය නිසා.

ඉතින් ඒ නිසා තමයි ජනාධිපතිවරයෙකුට හෝ ආණ්ඩුවකට පොලිස් නිලධාරියෙක් පවා ට්‍රාන්සර් කරන්න බැරි වුණේ. මම හිතනව නම් මම රටේ ප්‍රධාන තනතුරක් දරනව, මට ඕන විදිහට පොලිස් නිලධාරියෙක් ට්‍රාන්සර් කරන්න බෑ කියල, ඒක ඔහුගේ ප්‍රශ්නයක් මිසක් රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නයක් නොවේ.

ඒක දිගටම රේඩියෝ එකේ එක දේශපාලඥයෙක් කතා කරනව බුද්ධි අංශ අකර්මණ්‍ය කිරීම පිළිබඳව. ඒක 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ, යහපාලනයේ තිබුණ දුර්වල කමක්ලු. නමුත් මගේ විශේෂ යුතුකමක් තියෙනවා. ………  නඩු පිළිබඳව කතා කරන නිති‍ඥයෙක් විදිහට මේ බුද්ධි අංශ අකර්මණ්‍ය කළා කියන චූදිතයො 25 දෙනෙකුට වැඩිය නෑ. බුද්ධි අංශ වල ඉන්නවා අපි දන්න විදිහට 12000ක විතර නිලධාරින් සංඛ්‍යාවක් ඉන්නව. මේ 12000කින් ඇයි මේ 25 දෙනෙක් ගැන ඇයි මේ කතා කරන්නේ? මම දන්න ‍විදිහට මේ විසිපස් දෙනෙක් පමණයි මේ බුද්ධි අංශවල දේශපාලනය කරලා හමුදාවල කීර්තිය නැතිකරලා තියෙන්නේ. මේ අය සම්බන්ධව මේ බුද්ධි අංශය බුද්ධි අංශය කියලා කතාකරන මේ කථිකාව, මේ ත්‍රස්තවාදයට එරෙහිව යන අරගලය හෝ වේවා, ඉස්ලාමීය ත්‍රස්තවාදය ගැන කතාකිරීම හෝ වේවා. මේ විසිපස් දෙනෙක් වටා ගොනු කරන්නේ දේශපාලන වාසි ගැනීමට. මම හිතන විදිහට ජාතික අපදාවකදි දේශපාලන වාසියක් ගන්න හදන තැනැත්තෙක් ත්‍රස්තවාදියෙක් වගේම තමයි. ජනාධිපති නීතිඥ සී.ජේ. වැලිඅමුණ මහතා ඉහත සඳහන් ප්‍රකාශකළේ අනිද්දා පුවත්පතට වසරක් පිරීම නිමිත්තෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලාවේ පැවති උත්සවකය දී ය.

මනෝජ් රූපසිංහ

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *