බහුතර මුස්ලිම් ජනතාව මේ අන්තවාදී මුස්ලිම් ත්‍රස්තවාදීන්ට විරුද්ධයි – රන්ජන් රාමනායක

බුද්ධි අංශ නිලධාරින් හිරේ දැමීම නිසා ආරක්ෂක අංශ දුර්වල වී ත්‍රස්තවාදීන් බෝම්බ පුපුරවන බවට විපක්ෂය චෝදනා කළත්, නේවී එකේ අට දෙනෙකු හිරේ දමා ඇත්තේ, දෙමළ මුස්ලිම් සිංහල ව්‍යාපාරිකයන්ගේ දරුවන් පැහැරගෙන ගොස් කප්පම් ගන්න උත්සාහ කිරීම නිසාත්, ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ නිසාත් යැයි මාර්ග හා මහාමාර්ග සංවර්ධන ඇමති රංජන් රාමනායක මහතා මාදිවෙල සිය නිල නිවසේ පැවති මාධ්‍ය හමුවක දී කීය. වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද ප්‍රකාශ කළේය.

ත්‍රස්ත සංවිධාන පෝෂණය කළේ අද විපක්ෂයේ සිටින ප්‍රබලයෙකු බව අසාද් සාලි මහත්මයා පැහැදිලිව කියනවා. පසුගිය 21 ඉරිදා සිදු වූ මේ චිරස්තීන  සිද්ධිය ගැන මම කොහොමටවත් දැනගෙන හිටියේ නෑ. එසේ මට දැනගන්නට ලැබුණා නම්, මේ වගේ සිද්ධියක් වෙන්න මම කොහොමටවත් ඉඩ දෙන්නේ නෑ. මාධ්‍ය සාකච්ඡාවක් කැඳවලා හෝ මගෙ මුහුණ පොත හරහා හෝ මම මහජනතාව දැනුවත් කරනවා.

සහරාන් හසීම් කියන තැනැත්තා විසින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් මේ රටේ කතෝලික පල්ලිවලටත්, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයටත් එල්ල කරන බවට විදේශ ආරක්ෂක අංශ වලින් පවා දැනුම් දී තිබුණා. කිතුනු දේවස්ථාන විනාශ කරන්න කියලා, මෙසේ තවුහිඩ් ජමාත් සංවිධානයට උපදෙස් දීලා තියෙන්නේ ජිහාඩ් අයි.එස්. අයි.එස් කණ්ඩායම් වලින්.

ශ්‍රී ලංකාවේ සංවිධානයට මුදල් ලැබෙන ප්‍රධාන මාර්ගය මිනිස් ජවාරම, අවි ආයුධ හා කුඩු ජවාරම. අපි පසුගිය කාලේ කුඩු අල්ලලා විනාශ කළා. ඒ කේන්තියත් මේ සිද්ධියට බලපාන්න ඇති කියලා සැකයක් තියෙනව. ඊට හේතුව කුඩු ජාවාරමට එරෙහිව පෙළපාලි උද්ඝෝෂණ පටන් ගන්න මුල් වුණේ අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් තුමා නිසා. මීගමුව මහ වීදිය පල්ලියේ අබා කොස්තා පියතුමා අල්තාරය ළග කපා කොටා විනාශ කෙරුවේ කුඩු වලට එරෙහි වීම නිසා.

අපේ බුද්ධි අංශ ඉතාමත් ක්‍රියාශීලීයි. ඔවුන් ඉතාම නිවැරදි තොරතුරු දුරකථන අංකත් එක්ක ලබා දුන්නා. එම සංනිවේදනයේ කොතැනක හෝ වැරැද්දක් සිදුවී තියෙනව. එහෙත් බුද්ධි අංශවලට අපහාස කරන එක වැරදියි.

තහුජිත් ජමාත් සංවිධානය ආරම් කරන්නේ 2005 දි. සන්නද්ධ වෙන්න් 2014 දි. සමස්ථ මුස්ලිම් ප්‍රජාවම මේකට කැමති නෑ. මේකට සම්බන්ධ අන්තවාදී අදහස් දරණ සුළු පිරිසක් පමණයි. අන්තවාදී අදහස් වලට විරුද්ධ වුණු මුස්ලිම් පූජක තුමෙකුගෙ කට කපල තියෙනව. අන්තවාදී සංවිධානවලට විරුද්ධව මුස්ලිම් ජනතාව පෙළපාලී ගිහින් තියෙනව. ඒකෙන් පැහැදිලි වෙන්නේ බහුතර මුස්ලිම් ජනතාව අන්තවාදීන්ට විරුද්ධයි කියන එක.

බුද්ධි අංශ නිලධාරින් හිරේ දැම්ම නිසා ත්‍රස්තවාදීන් හිස ඔසවල කියල ආණ්ඩුවට චෝදනා එල්ලවෙනව. ඒ ගැන කිවයුත්තේ මේ ටිකයි. නේවි එකේ එකොළොස් දෙනෙකු හිරේ දමා ඇත්තේ, දමිල මුස්ලිම් සිංහල ව්‍යපාරිකයන්ගෙ දරුවන් පැහැරගෙන ගොස් කප්පම් ගැනීමට උත්සාහ කළ නිසාත්, තවත් අට දෙනෙක් රිමාන්ඩ් කර ඇත්තේ මාධ්‍යෙව්දී ලස්සන්ත වික්‍රමතුංග ඝාතනය කිරීම නිසාත්ය කියන එකයි. බෝම්බේ පිපිරුණ 21 වෙනිදා ශිරන්ති රාජපක්ෂ මහත්මිය කොච්චිකඩේ පල්ලියට ගිහින් තියෙන්නේ උදේ හය හමාරේ පූජාවට. බරිවෙලාවත් අට හමාරේ පූජාවට ගියානම් මොනව වෙන්න තිබුණද?

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *