තවුහිජ් ජමාත් කල්ලියට ලියාපදිංචිය දුන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගෙ ආණ්ඩුව කාලේ – සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය

ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඊයේ (29) කරපු මාධ්‍ය සාකච්ඡාව හරහා විවිධ කාරණා ඉස්මතු කළා. ඊයෙ කියපු කාරණයක් තමයි, මේ රටේ තියන සමහර සංවිධාන අපි නඩත්තු කළා, එවට උදව් කළා, එවා පවත්වාගෙන ගියා කියන කාරණය. අපි මහින්ද රාජපක්ෂ මහත්තයගෙ ආණ්ඩුවලට චෝදනාවක් කළා, මේ තවුෆික් ජමාත් කියන සංවිධානය ආරම්භ වුණේ මහින්ද රාජපක්ෂ මහත්තයගෙ කාලේ, 2005 වර්ෂයේ දී. එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. එම සංවිධානය අක්ෂි කාච දීමේ ව්‍යාපෘති නාමල් එක්ක කෙරුවා. දෙගොල්ල දෙගොල්ලන්ව පෝෂනය කෙරුවා. සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා එසේ ප්‍රකාශ කළේ ඊයේ (30) රාජගිරියේ දී පැවති එම සංවිධානයේ මාධ්‍ය සාකච්ඡාවක දී ය.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අපේ රටේ 250කට ආසන්න සංඛ්‍යාවක් මියගිහිල්ලා, 500කට ආසන්න ප්‍රමාණයක් තුවාල වෙලා, ඊට අදාළ දේශපාලන වාතාවරණයක තමයි අපි කටයුතු කරමින් ඉන්නේ.

ඒ තත්ත්වය උඩ මේ වෙනකොට ආරක්ෂක හමුදාවන් පොලීසිය විශාල පරිශ්‍රමයක් දරමින් ඉන්නවා මේක පාලනය කරන්න. යම් තත්ත්වයකට එකේ සාර්ථකත්වයක් තියෙනව කියන එක තමයි අපේ අදහස.

කොළඹ වගේම කල්මුණේ, කාන්තන්කුඩි, මාවනැල්ල, වරකාපොල වගේ තැන්වලින්, ලංකාව පුරාම විවිධ ස්ථාන හා පුද්ගලයින් හෝදිස්සියට ලක් කරමින් මේ ඇති වෙච්ච තත්ත්වය නැවත ඇති නොවෙන්න ආරක්ෂක හමුදා පියවර ගනිමින් ඉන්නවා. දේශපාලන නායකත්වයක යම් ප්‍රමාණයකට ඒක හසුරවමින් ඉන්නවා. ඒක සතුටට කරුණක්.

ආරක්ෂාව පිළිබද අපි දේශපාලඥයින්ගෙන් හා විවිධ අයගෙන් ප්‍රශ්න මතු කරපු අවස්ථාවල ඒ ගොල්ල කියන්නේ, මේක ඒ ගොල්ල පාලනය කරනවා, ලොකු ගැටළුවක් දැනට නැහැ. නමුත් යම් යම් සිද්ධි ඇති වෙන්න පුළුවන් කියන කාරණය කියනව. ඒක සැනසීමට කාරණයක්. මොකද එක දවසින් 250ක් මිය ගිහිල්ලා, 500කට ආසන්න පුමාණයක් තුවාල වෙලා, රට බරපතල අනතුරු දායක තත්ත්වයකට පත්වුණු නිසා.

මේ අනතුර නිසා රටේ ආර්ථිකයත් බරපතළ අනතුරකට ගියා. සංචාරක ව්‍යාපාරය වගේ එකක් ගත්තොත් කෝටි විසි හය දාහක් පාඩුයි කියන එක තමයි සංචාරක අමාත්‍යාංශයේ දල තක්සේරුව. සංචාරකයන් දැන් එනවා අඩුයි. ඒ වගේම හිටපු අය ගියා. අනෙක් පැත්තෙන් සංචාරක ව්‍යාපාරය හා බැඳුණු විවිධ කර්මාන්ත, විවිධ ආධායම් අහිමිවෙලා තියෙනව. ඒ තුළ ආරක්ෂක ලේකම් වරයා කරපු ප්‍රකාශයන් ‍වගේ ප්‍රකාශයන් හරහා ‘ආරක්ෂාව කියන එක නෑ’ කියන කාරණයත් එක්ක මේ තත්ත්වය බරපතළ ගැටළුවකට මුහුණ දෙනවා. කෝටි විසිහය දාහක් අලාබයි කියන්නේ සරල කාරණයක් නෙමෙයි.

අනෙක් පැත්තෙන් මේකෙ ප්‍රචාරයන් වළක්වගන්න. අනිටු පළවිපාක වළක්වගන්න ‍ෆේස් බුක් තහනමක් ගේනවා. ඒක ඒ වෙලාවේ අති බහුතරයක් ගත්ත තීරණයක්. ඒක දවස් දහයක වගේ කාලයක් එක දිගටම පවත්වාගෙන යාම නිසා ආර්ථික අවාසියක් ඒ තුළත් සිද්ධ වුණා කියන කාරණය තමයි අපිට පේන්නේ. ෆේස් බුක් කියන්නේ විශාල වශයෙන් ව්‍යාපාරත් එක්ක බැඳුණු මාධ්‍යයක්. සෑම තරාතිරකම ව්‍යාපාරිකයන් සමාජ මාධ්‍යජාලා සංනිවේදන ක්‍රමයක් ලෙස යොදා ගන්නවා. ආසන්න වශයෙන් ලක්ෂ 65ක පමණ ප්‍රමාණයක් සමාජ ජාලා භාවිතා කරනවා කියන එක තමයි දල තක්සේරුව. ගිය සතියේ කැබිනට් එකට යෝජනාවක් ආවා මේ තහනම ඉවත් කරන්න කියල, අද තහනම ඉවත් කරන්න තීරණයක් අරන් තියෙනව. ඒක හොඳ තීරණයක්. නමුත් ඒක ප්‍රමාදයි කියන එක තමයි අපිට කියන්න තියෙන්නෙ.

ආරක්ෂක හමුදාවන්ට පොලීසියට අපි අපේ ස්තූතිය පුද කරන්න කැමතියි, මහජන ආරක්ෂාව හා ජාතික ආරක්ෂාව සම්බන්ධව බරපතළ අවධානයක් යොමු කරල කටයුතු කිරීම සම්බන්ධව. ත්‍රිවිධ හමුදාපතිවරු සැලකිය යුතු මහන්සියක් අරගෙන මේ තත්ත්වය පාලනය කළ බව පේනවා. ඒ නිසා අපේ ස්තූතිය ඔවුන්ට පුද කරනව. ත්‍රස්තවාදය පරාජය කළ යුතුමයි. එහෙම නොකළොත් මේ රටට අනාගතයක් නෑ. අපේ රටට කාලෙන් එන ව්‍යවසනයන්ගෙන් ඔළුව උස්සගන්න බැහැ. මේ සැරේ සංචාරකයෝ වැඩිපුරම ආව අවුරුද්ද. සංචාරක ව්‍යාපාරයේ උච්චතම අවස්ථාව. රටට සැලකිය යුතු ආදායමක් ගන්න තිබුණ වෙලාවක රටට විශාල අලාභයක් වුණා.

මේ රටේ සරණාගත ගැටළුවක් තියෙනව. ඒ වගේ ප්‍රතිත්‍රස්ත පනත ගැන ප්‍රශ්නයක් තියෙනව. ඒ වගේම අපි ඉල්ලීමක් කළා සරත් ෆොන්සේකා මහත්මයට යම් වගකීමක් දෙන්න කියල. ඒ වගේම අපි දැක්කා ඊයේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඔහුගේ මාධ්‍ය සාකච්ඡාවකදී පළ කරපු අදහස්. ඒ පිළිබඳ අපේ අදහස් පළකරන්න බලාපොරොත්තු වෙනව.

ප්‍රතිත්‍රස්ත පනත ආණ්ඩුව ඉක්මනින් ගේන්න උත්සාහ කරමින් ඉන්නවා. මේක අවුරුදු එක හමාරක් විතර කාලයක් සාකච්ඡා කළ කාරණයක්. රට අතුළේ ත්‍රස්තවාදය වළක්වන්න මේ පනත අවශ්‍යයි. ඒ ගැන ගැටළුවක් නෑ. දැන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතක් තියෙනව. ඒ පනත ඉවත් කරන්න කියලා හැම කෙනෙකුගෙන්ම ආව ඉල්ලීම් තුළ මේ පනත ඉවත් කරල, අද ලෝකයට ගැළපෙන පනතක් ගේන්න ආණ්ඩුව ගියේ. ඒ අදහස හරි. ඒ ගැන ගැටළුවක් නෑ. හැබැයි ගෙන්ල්ලා තියෙන පනත් කෙටුම්පත තුළ වෘත්තීය සමිති ව්‍යාපාරයට බලපාන වගන්ති කීපයක් ඇතුළත් වේලා තියෙනව. මේ රටේ මිනිස්සුන්ගෙ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ගැටළු වෙන ආකාරයේ යෝජනා කීපයක් ඇතුළත් වෙලා තියෙනව. ඒක නිසා ආණ්ඩුවට අපි කියන්නේ මේ කෙටුම්පතේ අනවශ්‍ය කාරණා, වෘත්තීය සමිති ව්‍යාපාරයට බලපෑම් වෙන, මහජනයාගේ අදහස් ප්‍රකාශකිරීමේ අයිතියට බලපෑම් වෙන කාරණා වහාම සංසෝධනය කරලා මේ පනත වහාම ගේන්න. එහෙම නොකර ගෙනාවොත් වෘතීය සමිති ව්‍යාපාරය විදිහට අපේ එකඟතාවයක් නැහැ.

ආක්ෂක ලේකම් වරයා ඉවත් කළා කියලා ඔහු විසින් ඇති කළ තත්ත්වය නිශේධ කරන්න බැහැ. වර්තමානයේ අලුතෙන් පත්වෙච්ච ලේකම්වරයට, වැඩ බලන පොලිස්පතිවරයට, ඒ වගේම ඒකාබද්ධ අණදෙන නිලධාරි ආදී සියලු කණ්ඩායම්වලට බරපතළ වගකීමක් තියෙනව, මේ මොහොතේ රට පත්වෙලා තියෙන තත්ත්වය පිළිබදව අවධානය යොමුකරල මේ වැඩේ කරන්න. ඒකට නායකත්වය දීමට හොඳම පුද්ගලයා තමයි සරත් ෆොන්සේකා මහත්මයා. ඔහු ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් වශයෙන් ඉදිරිපත් වූ කෙනෙක්. ඔහුට වගකීමක් පවරන්න ඕනැ කියලා දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් එදා තීරණය කළා. ඒ වගේම ඔහුට පරිචයක් අත්දැකීමක් තියෙනව මේක කරල, යුද්ධය දිනපු සේනාධිනායකයා ඔහු. ඔහුට ‍මේ ගැන වගකීම පවරන එක පිළිබඳව දෙපාරක් හිතන්න වෙන එකක් නැහැ. වගකිවයුතු අමාත්‍යධුරයක් දීලා මේ තත්ත්වය පාළනය කරන්න. ඒ වගේම මේ තත්ත්වය නැවත ඇති නොවෙන්න කටයුතු කිරීමේ වගකීමක් ඔහුට පවරන්න කියන ඉල්ලීමක් අපි නැවත ජනාධිපතිවරයාගෙන් කරන්න කැමතියි. අගමැති වරයට අපි කියන්නේ දෙන්නත් එක්ක එකතු වෙලා කතාකරලා මේ තීරණය ගන්න.

ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඊයේ (29) කරපු මාධ්‍ය සාකච්ඡාව හරහා විවිධ කාරණා ඉස්මතු කළා. ඊයෙ කියපු කාරණයක් තමයි, මේ රටේ තියන සමහර සංවිධාන අපි නඩත්තු කළා, එවට උදව් කළා, එවා පවත්වාගෙන ගියා කියන කාරණය. අපි මහින්ද රාජපක්ෂ මහත්තයගෙ ආණ්ඩුවලට චෝදනාවක් කළා, මේ තවුෆික් ජමාත් කියන සංවිධානය ආරම්භ වුණේ මහින්ද රාජපක්ෂ මහත්තයගෙ කාලේ. 2005 වර්ෂයේ දී. එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. මේ සංවිධානයට සම්ප්‍රධායික මුස්ලිම් පක්ෂ, මුස්ලිම් ආගමික කණ්ඩායම්, ආගමික සභාව විරුද්ධ වුණා. මොකද මේ ගොල්ල දන්නවා විදේශ රටවල ඒ අයගෙ හැසිරීම්. කටාර වගේ රටවල මේ අයගෙ හැසිරීම් ගැන ඒ අය දන්නවා. ප්‍රශ්නයක් ඇති වෙයි කියල, ඒ අය හිතුවා. ඒගොල්ල කිව්වා මේක පිළිකාවක් වෙන්න පුළුවන් කියලා. මාළිගාවත්ත වගේ තැන්වල මේ ගොල්ල උද්ඝෝෂණ කරන්න ගිහිල්ලා ගැටුම් ඇති වෙනව. මේ රටේ සම්ප්‍රධායික මුස්ලිම් ජනතාවයි මේගොල්ලයි අතර ගැටුම් ඇති වුණා. එතකොට මේ අයට ලියාපදිංචිය දුන්නෙත්, මහින්ද රාජපක්ෂ මහත්තයාගෙ ආණ්ඩුව කාලේ.

පසුව මේ සංවිධානෙ කොටස් කීපයකට කැඩුණා. අලුත් ආගමික කණ්ඩායමක් තමයි ආගම ඔළුවෙ තියාගෙන මේ විනාසෙ කළේ. හම්බන්තොට 1500කට අක්ෂි කාච දුන්නා ඒකට ආවේ කටාර්වල වෛද්‍යවරු. ඒකට වියදම් කළේ තවුහිද් ජමාත්. ඒ ව්‍යාපෘතිය කළේ නාමල් රාජපක්ෂ මහත්තයා. දෙගොල්ල දෙගොල්ල පෝෂණය කරගත්ත බව පැහැදිලියි. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඊයේ පිළිගන්නවා මේ වගේ සංවිධාන ඒ ගොල්ල නඩත්තු කළා කියලා. බොදු බල සේනා නඩත්තු කරපු බව ඉතාම පැහැදිලියි. මුස්ලිම් අන්තවාදය ඇති වෙන්න එක කාරණයක් තමයි බොදුබල සේනා සංවිධානය. දිගන අලුත්ගම බේරුවල වගේ ව්‍යවසනයන් ඇති වුණාම එන්නේ ජාතීන් අතර ගැටුම් ඇති වුණාම ප්‍රතිවිර්ද්ධ සංවිධාන ඇතිවෙනව. මේ විනාශයට හේතුවෙලා තියෙන්නේ ඒ සංවිධානවල වලින් කඩාගෙන ගිය අයගේ ක්‍රියා. සංවිධාන හදන්න දුන්නු, සංවිධාන නඩත්තු කරපු, සංවිධාන පෝෂණය කරපු අය මේකට බරපතළ විදිහට වගකියන්න ඕනෑ. මේ තොරතුරු නොසලකා හැරපු දේශපාලන නායකත්වයත් මේකට වගකියන්න ඕනැ.

මනෝජ් රූපසිංහ

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *