මහින්ද පත්කළ දේශීය කොමිසම බොරු දේශප්‍රේමීන්ගේ රෙදි ගලවලා !

යුද සමයේ අතුරුදන් වුවන් ගැන සෙවීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පත්කරන ලද මක්ෂ්වෙල් පරණගම කොමිසන් සභාවේ පරීක්ෂණ වාර්තාව මගින් පසුගිය රජයේ දුෂිත මැති ඇමතිවරුන් පිලිබදව තොරතුරු හෙළිකොට ඇති බවත් ,එමනිසා එම වාර්තාව ප්‍රසිද්ද කිරීමද ප්‍රශ්නයක් වී ඇති බවත් කොළඹ දේශපාලන ආරංචි මාර්ග කියයි . එම වාර්තාවේ දුෂිතයන් ලෙස නම් සදහන් ඇතැම් ඇමතිවරුන් වත්මන් රජයේද තනතුරු දැරීම  මෙම අර්බුදයට හේතු වී ඇතැයි කියති .

මෙම කොමිසන් සභා වාර්තාව ලබන අගහරුවාදා වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතට පත්කරන බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය . බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පවත්වන විවාදයේදී මෙම වාර්තාව ගැනද සාකච්චා කිරීමට අපේක්ෂා කෙරෙයි .

කෙසේ වෙතත් අතුරුදන් වුවන් ගැන සොයන කොමිසමක වාර්තාවේ මැති ඇමතිවරුන්ගේ දුෂණ ගැන සදහන් වන්නේ කුමන පදනමකින්ද යන්න පැහැදිලි නැත .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *