ආණ්ඩුවේ ලොක්කා කවුද ?

මාධ්‍ය  ආයතන ප්‍රධානීන්ගේ මීටිම අවසානයේ මාධ්‍යවේදියෙක් ආණ්ඩුව යනු කුමක්දැයි කෙටි ප්‍රශ්නයක් ජනාධිපතිතුමාගෙන් ඇසුවේය.

ව්‍යවස්ථාදායකය සහ අධිකරණය කියා ඒවිට ජනාධිපතිතුමා පිළිතුරු දුන්නේය.

දේශපාලන විද්‍යාව පාඩමේදී අපි ඉගෙන ගත්තේ ආණ්ඩුව කියන්නේ විධායකය ව්‍යවස්ථාදායකය සහ අධිකරණය කියලයි. 19වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඒකත් සංශෝධනය කළාද කියා එවිට මාධ්‍යවේදියා ඇසුවේය.

දහනවයෙන් එහෙම දෙයක් කළේ නැහැ. එහෙත් මම ඒක සංශෝධනය කළා යැයි ජනපතිතුමා කී විට එසේ කිරීමට ඇති වූ අවශ්‍යතාව කුමක්දැයි මාධ්යවේදියා ඇසුවේය.

හේතු එකක් නෙවෙයි වැලක්ම තියෙනවා යැයි එවිට ජනාධිපතිතුමා කීවේය.

ජනතාව වෙනුවෙන් එකක් දෙකක් පැහැදිලි කරන්න කියා මාධ්‍යවේදියා කී විට ජනාධිපතිතුමා කීවේ ඒවා රාජ්‍ය රහස් නිසා අවශ්‍ය නම් එකක් පැහැදිලි කරන්නම් කියාය.

එහෙනම් කරන්න යැයි මාධ්‍යවේදියා කී විට ජනාධිපතිතුමා, ගිය ඉරිදා ප්‍රහාරයට වගකිව යුත්තෝ කවරහු ද? කියා විදග්ධ භාෂාවෙන් ප්‍රශ්නයක් මාධ්‍යවේදියාට යොමු කළේය.

ඔබතුමා කියන විදිහට ආණ්ඩුව තමා කියා මාධ්‍යවේදියා කීවේය.

ඔන්න දැන් හේතුව තේරුණාද කියා ජනාධිපතිතුමා මාධ්‍යවේදියාගෙන් ඇසුවේය.

තාම අපහැදිලි කියා මාධ්‍යවේදියා උත්තර දුන්නේය.

ප්‍රහාරයට වගකීම ආණ්ඩුව අතේ නම්, ජනාධිපතිතුමා කීවේය.

ඔව් මාධ්‍ය මාධ්‍යවේදියා උත්තර දුන්නේය.

ආණ්ඩුව කියන්නේ ඔබතුමා කියන ආකාරයට අනුව විධායකය ව්‍යවස්ථාදායකය සහ අධිකරණය නම් ජනාධිපතිතුමා කීවේය.

ඔව් මාධ්‍යවේදියා නැවතත් උත්තර දුන්නේය.

විධායක කෑල්ල තියෙන්නේ කා අතේද ? ජනාධිපතිතුමා ඇසුවේය

ඔබතුමා අතේ මාධ්‍යවේදියා උත්තර දුන්නේය. අන්න ඒකයි හේතුව, ආණ්ඩුව කියන්නේ විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය යන තුන නම්, තුනෙන් එකක් මගේ ලග නම්, ප්‍රහාරයේ වගකීම ආණ්ඩුවට නම්, විධායකය කොටස බාරගන්න මට සිද්ධවෙනවා ජනාධිපතිතුමා කීවේය.

ඉතින් මාධ්‍යවේදියා ප්‍රශ්න කළේය

ඒ නිසා මම ආණ්ඩුවෙන් විධායකය අයින් කරගත්තා. දැන් ආණ්ඩුව තියෙන්නේ ව්‍යවස්ථාදායකය සහ අධිකරණය ට. ආණ්ඩුව වැරැද්දක් කළත් නොකළත් පස් පඩංගුවේ ආණ්ඩුවට බනින්න දැන් විධායකයට ද පුළුවනි. ජනාධිපතිතුමා පැහැදිලි කළේය.

ඔබතුමා වඩාත්ම ගැලපෙන්නේ මාධ්‍ය ඇමති කමට කියා හිතෙන්නේ නැද්ද මාධ්‍යවේදියා ජනාධිපතිතුමාගෙන් ඇසුවේය.

ඇයි ජනතාව අතර එහෙම මතයක් තියෙනවා ද කියා ජනාධිපතිතුමා ඇසුවේ, එසේ නම් මාධ්‍ය ඇමති කමත් පවරා ගන්න පුළුවන් නේද කියා යටි සිතින් සිතමිණි .

ජනතාව අතරේ තියෙන මතය නම් වෙනමම එකක්. මම කීවෙ මට හිතුන දේ කියා මාධ්‍යවේදියා කීවේය.

ජනතාව අතර තියෙන මතය කුමක්දැයි ජනාධිපතිතුමා ඇසූ විට මාධ්‍යවේදියා කීවේ ඒක දැන්ගත්තොත් ඔබ තුමා කණගාටු වෙයිද උදහස් වේවිද කියා මට හිතාගන්න බැහැ කියාය.

මට කිසි දෙයකට කනගාටුවෙන නමිනිහෙක් නෙමෙයි යාළුවා. මමත් ඔහේගේ රස්සාව මුලින් කරපු කෙනෙක්.

මානව හිමිකම්කාරයන් ගැන පොඩි ඔරෝප්පුවක් මගේ හිතේ තිබුණට, මීඩියා මැන්ස්ලට මම විධායක ක්‍රමයටත් වඩා ආදරෙයි. ඒ නිසා දැන්මම උදහස් වෙන්නත් අදහසක් නැහැ. 2020 ගැනත් බලාපොරොත්තු පොජ්ජක් හිත මැන්ඩියේ මන්දු වෙලා තියෙන නිසා මීඩියා මගේ පණ වගේ. මොකක්ද යාළුවා ජනතාව මා ගැන දරන මතය? කියා ජනාධිපතිතුමා ඇසුවේය.

රටක් කරන්න තියා හේනක් කරන්නවත් සුදුසු නෑ කියලා සමහරු කියනවා යැයි මාධ්‍යවේදියා කීවේ තරම්ක් ඈතට යමිනි.

බයවෙන්න එපා යාළුවා මම ගෝටාවගේ සුදුවෑන් එවන්නේ නැහැ. මම වඩාත් ගැලපෙන්නෙ මාධ්‍ය ඇමති කමට කියා ඔබ හිතන්නේ කවර හේතුවක් නිසා දැයි ජනාධිපතිතුමා ඇසුවේය.

පාස්කු ප්‍රහාරය ඔබතුමා දැනගත්තේ සෝෂල් මීඩියා එකෙන්. රටේ වැදගත් ප්‍රවෘත්ති ඔබතුමා දැනගන්න print media එකෙන්. ජනාධිපති කමට වඩා ඔබතුමා සුදුසු ජනමාධ්‍ය ඇමති කමට කියලා මට හිතුනේ ඒ නිසයි කියා මාධ්‍යවේදියා කීවේය.

මේ ප්‍රහාරය මීට වඩා නැගලා ගියා නම් හොඳයි කියා ඔබතුමාට හිතෙන්නෙ නැද්ද කියා මාධ්‍යවේදියා ඇසූ විට ජනාධිපති තුමා කීවේ පිස්සුද යාළුවා? ඒ මොනවටද? කියාය.

මහින්ද මහත්තයා වීරයා වුණේ එල්ටීටීඊ එකෙන් රට නිදහස් කර ගත්තු නිසා ගෝඨාභය වීරයා වුණේ ඒ කාලේ ආරක්ෂක ලේකම් එයා නිසා මේ කේස් එකත් ටිකක් නැගලා ගියානම් ඔබතුමාටත් දෙවැනි වරටත් රට බේරාගත් වීරයා විදිහට ඉතිහාසගත වෙන්න තිබුන කියා මාධ්‍යවේදියා අදහස් පැහැදිලි කළේය.

අහ් ! අපරාදේ මට ඕක කලින් මතක් වුණේ නැහැනේ කියා ජනාධිපතිතුමා කීවේය

මතක් වුණා නම් මොකද කරන්නේ? කියා මාධ්‍යවේදියා ඇසූ විට ජනාධිපතිතුමා කීවේ එහෙම නම් හේමසිරිය අස් කරන්නේ නැතුව තියාගන්න තිබුණා කියාය.
ඒ මොකටද කියා මාධ්‍යවේදියා ඇසුවේය.

ඇයි යාළුවා තේරෙන්නේ නැද්ද? හේමසිරියා තව ටික දවසක් ආරක්ෂක ලේකම් තනතුරේ හිටියනම් ප්‍රේමදාස ජනාධිපතිතුමා කිව්වා වගේ රට දෙකොන පත්තුවෙච්ච වවිලක්කුවක් වෙනවා. එහෙම නම් මටත් රට බේරගෙන මහින්ද මට්ටම්ට එන්න තිබුණා කියා ජනාධිපතිතුමා කීවේය.

ඒ ගැන එච්චර කලබල වෙන්න එපා ඔබතුමා දැන් ටික ටික මහින්ද රාජපක්ෂ මහත්තයට සමාන වෙමි ඉන්නේ කියා මාධ්‍යවේදියා කීවේය.

ඇත්තම ද යාළුවා? මොනවද සාක්ෂි කියා ජනාධිපතිතුමා ඇසුවේය.

මහින්ද මහත්තයා රට යද්දි ආරක්ෂක ඇමතිකම කාටවත් දීලා ගියේ නැහැ ඔබතුමාලට යද්දිත් ආරක්ෂක ඇමතිකම කාටවත් දීලා ගියේ නැහැ කියලා ඔබතුමා කීවා. ඒ නිසා ඔබතුමා මහින්ද රාජපක්ෂ මහත්තයයි සමානයි මාධ්‍යවේදියා කීවේය.

එකඟයි! තවත් සමානකම් තියෙනවා ද? ජනාධිපතිතුමා ඇසුවේය.

මහින්ද මහත්තයා විධායකයට කැමතියි ඔබතුමත් කැමතියි. මහින්ද මහත්තයා බුද්ධි අංශ වැරදි කළ අය ආරක්ෂා කළා. ඔබතුමාත් එහෙමයි. මහින්ද මහත්තය කොමිසන් සභා වලට කැමති නැ ඔබ තුමත් කැමති නැහැ. මහින්ද මහත්තයා මානව හිමිකම් වලට විරුද්ධයි ඔබතුමාත් විරුද්ධයි. මහින්ද මහත්තයා ව්‍යවස්ථා සභාව අහෝසි කළා ඔබතුමාත් ව්‍යවස්ථා සභාවට විරුද්ධයි. ඒත් බලාගෙන ගියාම මහින්ද මහත්තයයි ඔබතුමායි අතර තවත් ලොකුම ලොකු වෙනස් කමකුත් තියෙනවා. මාධ්‍යවේදියා කීවේය.

ඒ මොකක්ද? ජනාධිපතිතුමා ඇසුවේය.

මහින්ද මහත්තයා තුන්වෙනි වතාවේ පරාද වෙලා හම්බන්තොට ගියා. ඔබතුමාට දෙවැනි වතාවේ පරාද වෙලා පොළොන්නරුවේ යන්න වෙනව මාධ්‍යවේදියා කීවේය

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *