බලවතුන්ගේ විදෙස් ගිණුම් එකක් නොව හතක් ගැන පරීක්ෂණ

රටේ හිටපු බලවතුන්ගේ හා ඥාතීන්ගේ ගිණුම් එකක් නොව හතක් ගැන පරීක්ෂණ පැවැත්වෙමින් තිබෙන බව ආණ්ඩුවේ තතු දත් ආරංචි මාර්ගයකින් යුක්තියට දැනගන්නට ඇත . හිටපු ඉහළම ප්‍රභූ වරයකුගේ ඥාතියකුගේ විදෙස් ගිනුමක ඇති ඩොලර් මිලියන 500ක මුදලක් ගැන විදේශ අධිකරණයකින් තීන්දුවක් ලබාගැනීමේ උත්සාහයක් ගැන පසුගිය සතියේ පළවූ මාධ්‍ය  වාර්තා ගැන අපකළ විමසීමකදී මේ බව දැනගන්නට ලැබිණි .

කෙසේ වෙතත් මේ දක්වා කළ කටයුතු වලින් තවමත් ප්‍රතිඵල නැතත් ඉදිරියේදී සාර්ථක ප්‍රතිඵල  ලැබෙනු ඇතැයි අපගේ ආරංචි මාර්ග කියයි .

දැනට මේ සම්බන්ධයෙන් රජය සතු තොරතුරු ප්‍රසිද්ධ  කරන ලෙස රජයේ ප්‍රබල ඇමතිවරුන් කිහිප දෙනෙක් ජනාධිපති තුමාගෙන් හා අගමැතිතුමාගෙන් ඉල්ලා ඇතත් දෙදෙනාම එයට විරුද්ධ වී ඇත . හරියටම හොරු අල්ලාගෙන ප්‍රකාශයට පත්කළ යුතු බව ජනාධිපතිතුමා ප්‍රකාශ කොට ඇති අතර අගමැතිතුමා ප්‍රකාශ කොට ඇත්තේ මේ වනවිට පලවී ඇති මාධ්‍ය වර්තාවලින්ද පරීක්ෂනවලට බාධා සිදුව ඇති බවයි .

මේ අතර නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මාධ්‍යයට ප්‍රකාශ කොට තිබුණේ තමන්ට හෝ තම පවුලේ අයට විදේශ බැංකු ගිණුම් නැති බවයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *