පූජිත් ජයසුන්දර අනිවාර්ය නිවාඩු යවලා – වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ඊට දින ගණනාවකට පෙර ලැබුණු බුද්ධි තොරතුරු නිස කළමනාකරණය නොකිරීම හේතුවෙන් ඔහුට ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දැනුම් දී තිබුණ ද ඔහු එය ප්‍රතික්ෂේප කර තිබිණි.

වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ද, ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශකවරයෙකු ලෙස හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා පත් කර තිබේ.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා තනතුරින් ඉවත් කිරීමේ යෝජනාව මේ සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසයි.

මෙම යෝජනාව ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ගේ එකඟතාව මත ඉදිරිපත් කෙරෙන බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ සඳහා විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහාය ද බලාපොරොත්තු වන බවයි ප්‍රකාශ කළේ.

පොලිස්පති තනතුරෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද පූජිත් ජයසුන්දර මහතාට දැනුම් දී ඇතත් ඔහු එය ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වූයේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *