හැම රටකටම වඩා අපේ බුද්ධි අංශ දක්ෂයි – පූජ්‍ය දඹර අමිල හිමි

ඔක්තෝම්බර් 26 වෙනිදා කුමන්ත්‍රණය මේ වගේම එකක් තමයි. ඒක හොඳ වෙලාවට ශ්‍රී ලාංකික ජනයා හා සිවිල් පුරවැසි බලවේග මැදිහත් වෙලා අතට අරගෙන ඒක විසඳුව නිසා ලේ වැගිරීමක් වුණේ නැහැ. නැත්නම් අනිවාර්යෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක්, අග්‍රාමාත්‍යවරයෙක්, කැබිනට් මණ්ඩලයක් තමන්ට හිතුමතේ ඒකාධිපතිබලය පාවිච්චි කරල, එක රැයින් අනික් පැත්ත හරවනකොට ජනතාව අවි ගන්නව. කැරලිකාර තත්ත්වයක් වෙන රටක නම් ඇති වෙනව. ඒක අනිවාර්යෙන්ම රට තිබුණු තත්ත්වයට ගේන්න අනිවාර්යෙන්ම මිනිස්සු වීදි සටන් වලට යනව. ඒක සිංහල දෙමළ ප්‍රශ්නයක් නෙමෙයි එන්නෙ. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ පුශ්නයක් එනව. මිනිස්සු ඒකට විරුද්ධව සටන් වදිනව අපි බේරුවා ඒ සටන. හැබැයි අපි ඒකට යන්න හිතනව නම් ඒකත් වළක්වලා සටන් දෙකක් දෙපැත්තෙ කළා. එකක් තමයි යුක්ති සහගත විදී සටනක් කිරීමට සුදුසු තත්ත්වයක් තියෙද්දි, සමාජය එහෙම කරමු කියල, බුර බුරානැගෙද්දි සමාජය තුළ ඒක එහෙම කරන්න ඕන නෑ කියල අපි අතට ගත්තා එක පැත්තකින්. අපි සත්‍යග්‍රහ ව්‍යාපාරයකට ගියේ එකයි. ඒකයි අපි ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කරන්නට වැඩ සටහන් කෙරුවෙ. ඒ හරහා තමයි අපි උද්ඝෝෂණ ව්‍යාපාර, පහන් පත්තු කිරීම්, යාතිකා, යාඤ්ඤා, බෝධි පූජා ඒවා අපි පාවිච්චි කෙරුවෙ. ඒකත් ලේ හලන වැඩක්. ඒක අපේ අතට අරගෙන සමනය කළේ නැත්නම් ඒක අඛණ්ඩව යනව. සිංහල, මුස්ලිම්, දෙමළ ජනයා අපි කියපු ක්‍රමය අනුගමනය කරමින් සහයෝගය දුන්නා. ශ්‍රේෂ්ඨාධිකරණය නියම විදිහට යුක්තිය ඉෂ්ඨ කළා. ඒ වගේම මහජනයා හැටියට අපි ඒ වැඩේ හරියට කළා. ඒ වගේම අද තුන්සීයක ප්‍රමාණය වගේ නෙමෙයි. එහෙනම් තාමත් සටන් යනවා. මේ හැම වීදියකම ගෙවල් වල වහලවල් නෑ. බුලට් තමයි තියෙන්නෙ. මිනිස්සු හරියට ඒක ගත්ත නම්.

මෛත්‍රිපාල සිරිසේන එයා ඉතාමත් මගකීම් විරහිතව, තමන්ගෙ බලකාමය හා අග්‍රාමාත්‍යවරයා කෙරහි තියෙන පෞද්ගලික වෛරයක් පාවිච්චි කරල ඔහු ඕන වැඩකට යන වර්ගයේ මිනිහෙක් වෙලා තියෙනව. ඒ එක භිහිසුණු වැඩක්.

ඊට පස්සෙ එයා නරත වුණේ නෑ. ඒක තමයි මේ වෙලා තියෙන්නෙ. ඔහු පිටරට යනව. වගකීම් නෑ. අපි එයාට ජනාධිපති ධුරය පැවරුවෙ සන්නද්ධ හමුදාවල නායකයා හැටියට පත්වෙන්න කියල. රටේ ජාතික ආරක්ෂාවෙ පොයිට් එක ජනාධිපතිතුමා. මළත් ඒක කරන්න ඕනැ කියල, ඔයාට යුතුකමක් තිබුණා ඒක කරන්න. අද රටේ ජනයා තුන්සිය ගණනක් මැරුම් කාලා තියෙනව. පිට රටවලට ගිහිල්ලා හරියන්නෙ නෑ. එයා ඒ යුතුකම කරලා නෑ.

අපේ බුද්ධි අංශ ජාත්‍යන්තර සහයෝගිතාවයත් පාවිච්චි කරල, ඒ බුද්ධි අංශයි, අපේ බුද්ධි අංශයි හරියට කළමණාකාරනය කරල, හරියට තොරතුරු කියද්දිත් ඔහු ඒවා හමස් පෙට්ටියට දාලා කටයුතු නොකිරීම නිසා හිතෙනව ඔහු මෙකේ කොටස් කාරයෙක්. ඔහු මෙකෙන් සතුටු වෙන අනුගාමිකයෙක්. හෙමත් නැත්නම් අනුශාසකයෙක්. එහෙමත් නැත්නම් අනුමෝදන් වෙලා.

ඔහුගේ හැසිරීම ගැන මම හෙලිදරව් කිරීමක් කෙරුවා ජනවාරි හරි පෙබරවාරි වලදි හරි මේ වගේ ජනාධිපතිවරයෙක් ලංකා ඉතිහාසෙම අපි දැක්කෙ නෑ කියල. මම ඔහුත් එක්ක පැය දෙකක් සාකච්ඡා කරල දැනුන දේකින් තමයි එළියට ඇවිල්ලා මහජනයට කිව්වෙ. මට යමක් දැනුනොත් ඒක මම මහජනයට කියනව. මම එදා කිව්වෙ වෙන වැඩකට කැඳවපු සාකච්ඡාවකදි. එහිදි හැමෝම පුදුම වුණා. අද කොහොමද වැඩේ. රටක නායකත්වය දෙන ජනාධිපතිවරයෙක් ද මේ? එ වගකීමද මේ කරන්නෙ? එයා ජාතික ආරක්ෂාවට බැඳිලා ඉන්නව ඒකට.

අනික් පැත්තෙන් මහින්ද රාජපක්ෂ කියන්නෙ මොකක් ද ‘බුද්ධි අංශ අකර්මන්‍ය කරල නිසා මේ තත්ත්වය ඇති කරල තියෙනව’ කියල. මිලේනියම් සිටි සිද්ධියත් මේකට සම්බන්ධ කරලා, රනිල් වික්‍රමසිංහ මහත්තයගෙ පැත්තට මේක දාලා, කොහොම හරි ආණ්ඩුව වට්ටලා බලය අතට ගැනීමේ ප්‍රචාරක යුද්ධය ඒ අය විසින් අතට අ‍රගෙන තියෙනව.

සී.අයි.ඒ. එකටත් වඩා, එස්.සී.අයි.ඒ. එකටත් වඩා, ස්කොට්ලන්ඩ් යාර්ඩ් පොලීසියටත් වඩා, රෝ එකටත් වඩා, කේ.ජී.බී. එකටත් වඩා ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ ශක්තිමත්, ඩුබායි ඇතුළු සෙට් එකම අල්ලන්නෙ කාගේ මැදිහත් වීමෙන් ද? ශ්‍රී ලංකාවේ තියෙන බුද්ධි අංශ තොරතුරු පදනම් කරගෙන. කේ.පී. ව අල්ලගෙන ආවේ කොහොමද? මැලේසියාවෙ ඉඳලා අපේ රටේ බුද්ධි අංශ පාවිච්චි කරලා තමයි ඒ කටයුත්ත ඒ විදිහට කරගත්තෙ. හෙරෝයින් කිලෝ ග්‍රෑම් 300,400,500 ගැඹුරු මු‍හුදෙ ඉඳලා රට ඇතුළෙ හැම තැනම තිබුණ ඒවා අල්ලනෙ දේශපාලඥයන්ගෙ මැදිහත් වීමෙන් ද? නෑ. බුද්ධි අංශ තොරතුරු මත තමයි අල්ලන්නෙ.

මේක දිනවකවානු නම් ගම් එක්ක, යන එන තැන් එක්ක සියල්ල ඇතුව මේක එළිදරව් කරලා තියෙනව. ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ. ඒකට අදාල සහයෝගය ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ ලබාගෙන තියෙනව. අපි ර‍ට ඇතුළෙ ආරක්ෂාව පමණක් නෙමෙයි, කලාපීය ආරක්ෂාව පිළිබඳ ජාත්‍යන්තර ආරක්ෂක අංශවලිනුත් අපි උදව් ගනිමින් ඉන්නෙ. ඒ නිසා තමයි අපිට ඉන්දියා‍ව දැනුම් දෙන්නෙ. මෙහෙම ලෑස්තියක් වෙනව වහාම ක්‍රියාමාර්ග ගන්න කියල. ඒ අනුව අපේ බුද්ධි අංශ හොයලා බලනව මොකක්ද මේකෙ ඇත්ත නැත්ත කියල. නිකම් ලණු කන්නෙ නැතුව. නිරීක්ෂණය කෙරුවා. නිරීක්ෂණය කරන කොට තොරතුරු ලැබුණා ඔව් එහෙම එකක් තියනව කියල. ඒ අනුව තමයි පල්ලිවලට ගහන එක සත්‍යයක්, ඒ නිසා මේකට ඇලට් වෙන්න මේකට දේශපාලන තීන්දු ගන්න අපි එක්ටැබ්ලිස් කරන්නම් ඉතුරුටික කියල. නමුත් ඒක එයා කළේ නැහැ. ආරක්ෂක මණ්ඩලයට අග්‍රාමාත්‍යවරයා කැඳවන්නෙ නෑ. නියෝජ්‍ය ආරක්ෂක ඇමති රුවන් විජේවර්ධනව කැඳවන්නෙ නෑ. ආණ්ඩුට ප්‍රහාර එල්ල කරන්න වාතාවරණය හදන විදිහට තමයි කටයුතු කරන්නෙ.

අගමැතිවරයා ගියා නම්, නියෝජ්‍ය ඇමති රුවන් විජේවර්ධන ගියානම් මේ ඇලට් එක උපරිමයෙන් ගන්නව. ආරක්ෂක ඇමති කෙනෙක් පත්නොකර රට ගියා. නියෝජ්‍ය ඇමතිට බලතල දුන්නෙ නෑ. වනාතවිල්ලුවෙ අල්ලපු දෙන්නව අත්අඩංගුවට ගන්න එපා කියල ඉහළින් ඉන්න කෙනෙක් කිව්වෙ කවුද? ඉහළින් කෙනා තමයි ජනාධිපතිවරයා වෙන්න ඕන තමයි කියල අපි හිතනව.

අන්තිමට බලපුවාම මරාගෙන මැරෙන ප්‍රහාරයේ එක්කෙනෙක් කවුද ඒ වනාත විල්ලුවෙන් අල්ලලා නිදහස් කරපු එක්කෙනෙක්. මරාගෙන මැරෙන මට්ටමටම වනාතවිල්ලුවෙ වැඩේ කරල තියෙනව. මරාගෙන මැරෙන්න ඕළුව හදනව කියන එක ලේසි වැඩක් නෙමේ. කාලයක් තිස්සෙ කරල තියෙන බව පැහැදිලියි. අපි ආරක්ෂාව ඉල්ලලා කොච්චර කෑගැහුව්‍වත් ජනාධිපතිවරයාගෙන් තොරව ලැබෙන ආරක්ෂාවක් තමයි අපිට ලැබෙන්නෙ. අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලන්නෙ කරුණාකරල, මේ මාතෘභූමියට පවු දෙන්නෙ නැතුව ඉල්ලා අස්වෙන්න කියල. මේ රටේ ජනාධිපතිකම් කරන්න ඕනතරම් සුදුසු මිනිස්සු ඉන්නවා, මේ රට ආරක්ෂා කරන්න හැකියාව තියෙන ඕනතරම් මිනිස්සු මේ රටේ ඉන්නවා. කළමණාකරනය හැකි මිනිස්සු ඕනතරම් ඉන්නවා. කරුණාකරල පව් දෙ‍න්නෙ නැතුව, තව මාස කීපයක්  ඉන්න තිබුණා අගේට ඒකත් දැන් අහිමිකර ගන්නව. වහාම දැන් තොලොන්චි වෙලා යන්න. වහාම ඉල්ලා අස්වෙන්න. යන්තම් හරි මාතෘභූමියට ආදරය තියෙනව නම් යන්තම් හරි, ආරක්ෂාව පිළිබඳ වෙනම ඇමති කෙනෙක් පත්කරන්න. පුර්ණකාලීන ආරක්ෂක ඇමතිවරයෙක් වහාම පත් කරන්න.

ත්‍රස්තවාදය එල්ල වෙලා තියෙන අවස්ථාවක්. සී.4 පාවිච්චි කරනව. මරාගෙන මැරෙන බැටෑලියන් පාවිච්චි කරනව, ජාත්‍යන්තර සහයෝගිතාවය ලබාගෙන තියෙන බවක් දැනට පේනව. අයි එස් අයි එස් සංවිධානවල ක්‍රියාකාරිත්වය අනුව බලනකොට මෙවැනි වතාවරණය හැදුව රටවල් ඔවුන්ගේ වැඩ වලට සුදුසු බව ‍ඔවුන්ගේ ක්‍රියාකාරකම් දෙස බලපුවාම පේනව. මේක දුරදිග යන්න පෙර පූර්ණ කාලීන ආරක්ෂක අමාත්‍යවරයෙක් වහාම පත්කරන්න.

මනෝජ්

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *