විජය ප‍්‍රාර්ථනා කරපු රට හදන්නට බැරිනම්, අපි දරණ තනතුරක කිසිම වටිනාකමක් නෑ – රාජිත සේනාරත්න

දිවංගත මානවහිතවාදි දේශපාලඥ විජය කුමාරතුංගයන් ගේ 70 වන ජන්ම දින සැමරුම් උත්සවයේ දී සෞඛ්‍ය හා පෝෂණ ආමාත්‍ය රාජිත සේනාරත්න මහතා කළ කතාව.

මගේ දේශපානලන ජීවිතයේ ගෙවපු අමාරුම, දුෂ්කරම කාලය ගෙවුන මහජන පක්‍ෂය සමග දේශපාලනය කරන කාලේ. ඒ වගේම මගේ ජීවිතයේ සුන්දරතම කාලය ගෙවුනෙත් මහජන පක්‍ෂයේ දේශපාලනය කරන කාලේ කිව්වොත් එය නිවැරදියි. අපි සුන්දරතම මිනිසුන් සමග උතුරටත්, දකුණටත් එකම දේශපාලනයක් කෙරුවා. එකම දේශපාලනයක් කතා කෙරුවා.

මගෙන් එක්පුද්ගලයෙක් ඇහුවා ‘ඔබතුමා වෛද්‍යවරයෙක් වෙලත්, වෘත්තීයවේදියෙක් වෙලත් මේ නළුවෙක්ගෙ පිටිපස්සෙ යන්නෙ මොකද?’ කියල. මම එයාට කිව්වා මම යන්නෙ නළුවෙක්ගෙ පිටිපස්සෙ නෙමෙයි මට ජීවිතේට හමුවුණු උදාරතම මිනිසෙකුගෙ පිටිපස්සෙ මම යන්නෙ කියල. එවැනි උදාර මිනිසෙක්ගෙ පිටිපස්සෙ මට තව අවුරුදු ගණනානක් යන්න පුළුවන්. අපිටත් මිනිස්සු හම්බවෙලා තියෙනව. අපිට මිනිස්සුන්ගෙ හොඳ නරක හොඳට තේරෙනව. අපිට නායකයො හම්බවෙලා තියෙනව. ඒ අයගෙ ගුණ අගුණ හොඳට දන්නවා. ඒවගෙන් තැලිච්ච, පොඩිවෙච්ච කට්ටිය තමයි මේ මුල් ආසන වල ඉන්නෙ. එහෙව් ලෝකයක, එහෙව් රටක විජය කියන්නෙ අද්විතීය මිනිසෙක්. ඔහුට මහ ලොකු සුදුසුකම් තිබුණෙ නෑ. සමහරු ඔහුව දැක්කෙ නළුවෙක් විදිහට. සමහරු ඔහුව දැක්කෙ වේදිකා කථිකයෙක් විදිහට. බොහෝ නායකයො ගාවට කිට්ටුවෙන්න කිට්ටුවෙන්න ඒ නායකයන්ගෙ අගුණ පේනවා. විජයගෙ තිබුණ එකම වෙනස තමයි කිට්ටු වෙන්න කිට්ටු වෙන්න මේ මනුස්සයගෙ මනුස්සකම පේනවා. ඒක තමයි ලොකුම දේ.  ඕනෑම නාවර පෙරෙන, නාහෙන් හොටු වැක්කෙරෙන දරුවෙක් වඩාගෙන ඉඹින්නට පුළුවන් මිනිස්කමක් තිබුණා. මානව දයාව තිබුණා. මේ මම ලබපු අත්දැකීම්.
විජය මේ රටේ බිහිවූ ජනප‍්‍රියම කලා කරුවා කියල කිව්වොත් කවුරුවත් තරහ වෙන එකක් නෑ. මෙතන ඉන්නවා අද්විතීය කලාකරුවන් පිරිසක්. රවීන්ද්‍ර රන්දෙනිය, සනත් ගුණතිලක ඇතුළු කලාකරුවන් පිරිසක්. මේ රටේ නම්දරාපු කලාකරුවන් මේ රටට විශේෂ වරප‍්‍රසාද ලබා දුන්න කීර්තිමත් කලාකරුවන් හැටියට.

විජය නොකඩවා මියයනතුරුම දසකයකටත් වඩා කලායක්, අවුරුදු ගණනාවක් ඔහු ජනප‍්‍රියම නළුවා වුණා. එපමණක් නෙමෙයි ඔහු මියගියාට පස්සෙ, සිනමා පුවත් පතක් වන සරසි පුවත්පතේ බන්දුල පත්මකුමාර මැතිතුමා එතුමාගේ පින්තූරය මුල්පිටේ සතිපතා අවුරුද්දක් පළකලා. සති 52 ක් එකදිගට පළකරල ඒ පත්තරේ විකුණුව.

විජය මට හම්බවුණේ 1982 කොබ්බෑකඩුවගෙ මැතිවරණ ව්‍යාපාරෙදි. 1976 මහා වැඩවර්ජනය වෙලාවෙදි, ඒ ආණ්ඩුව කම්කරුවන්ට එරෙහිව ක‍්‍රියාකරන ආකාරය දැකල ඒ ආණ්ඩුවෙන් අපි එළියට බැස්ස. ටී.බී. සුබසිංහ ඇමතිතුමා, නන්ද එල්ලාවල, ටෙනිසන් එදිරිසූරිය, ගාමිණි ආරියතිලක, ඒ.එස්. ජිනදාස සමග මමත් එළියට බැස්ස. බැහැල අපි සමාජවාදි එක්සත් පෙරමුණක් පිහිටෙව්වා. එතනදි තමයි අපි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉවත්වෙලා වමට ගියේ.

හෙක්ටර් කොබ්බෑකඩුව 1982 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා කිව්වාම මම එතුමට දුරකථනයෙන් කතා කෙරුව. එතකොට මම එතුමව දැනගෙන හිටිය. එතුමගේ ඉඩම් ප‍්‍රතිසංස්කරණය වෙලාවෙ මම අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලයෙ ප‍්‍රධාන ලේකම්වරයා වශයෙන්, මම ශිෂ්‍ය නායකයා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ. මම ඒ හැම දේකටම ශිෂ්‍යයො අරගෙන ගියා. ඒ කොබ්බෑකඩුව නැවත එනවා කිව්වාම සතුටක් දැනුණා. මම එතුමා මුණ ගැහුණා. කොල්ලූපිටියෙ නිවසෙදි. පැය එක හමාරක් කතාකෙරුවා. අපි නැවත එකතුවුණා කොබ්බෑකඩුවගෙ මැතිවරණ ව්‍යාපාරයට.  ඊට පස්සෙ චන්ද්‍රිකා කුමාරතුංග තමයි නිමල් සේනානායක මහත්තයගෙ චේම්බර් එකේදි, මගේ විස්තර ඔක්කොම කියල, අඳුන්නල දුන්නෙ. එතකොට එතුමා ශ‍්‍රී ලංකා නිදහස් පක්සෙ. මම ඒකෙන් එළියට ගිහිල්ල. ඊට පසු කාලෙක අපි හු`ගාක් එකට එකතු වුණා. පක්සෙට එකතු වුනේ පස්සෙ. එතුමා අපේ ගෙදර අට වතාවක් ආව මාව පක්සෙට ගන්න. පේමසිරි පෙරේරා මහත්මයත් එක්ක. ඊට පස්සෙ අපි බොහොම බැඳුන. මම විජේට වැඩිය ආදරේ කරන්න පටන් ගත්තෙ ජාතික ප‍්‍රශ්නයට එතුමාගේ තිබුණ විසඳුම දැකල.

ශ‍්‍රී ලංකා මහජන පක්‍ෂයෙන් ඉවත්වෙලා යද්දි මම තව තවත් ඔහුට කිට්ටු වුණා. මොකද මම හිතුවෙ මේ ජාතික ප‍්‍රශ්නයට නිවැරැුදි විසඳුමක් තියන නායකයෙකුට පුලූවන් මේ රටේ  ඕනම ප‍්‍රශ්නයක් විසඳන්න. ඒකට විසඳුම් නැති, කොන්දක් නැති කිසිම නායකයෙකුට මේ රට ඉදිරියට ගෙනියන්න බෑ කියන මතයේ මම එදත් හිටිය. අදත් ඉන්නව. ඒ නිසා මම තව තවත් පක්‍ෂය වෙනුවෙන් කැපවුණා. තමුන්නාසෙලා දැක්ක අර අවසාන රැුලිය. (රූපවාහිනී තිරයේ එම රැුලිියේ රූප රාමු පෙළක් දිස්විය* මේ තමයි විජයගෙ ජීවිතේ ඔහු ජනතාව අමතපු අවසාන රැුළිය. ඔය රැුලිය තිබුණෙ 1987 ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරල, කෝලහල ඇතිවෙලා. මේ රටේ කිසිම දේශපාලන පක්‍ෂයක් රැුස්වීමක් තිබ්බෙ නැති කාලෙක. 6/5 ක බලක් තියන, ‘ගැහැනියෙක් පිරිමියෙක් කරන්නත්, පිරිමියෙක් ගැහැනියෙක් කරන්නත් පමණයි බලය නැත්තෙ’ කියල කියපු ජේ.ආර්. ජයවර්ධනටවත් එළියට බහින්න බැරිකාලෙක.

ශ‍්‍රී ලංකා මහජන පක්සෙ මධ්‍යමකාරක සභා රැුස්වීම තිබුණ. ඒ කාලෙ අපි රහසිගතව වගේ තමයි තියන්නෙ. ඒක ඉවර වෙලා යනකොට විජය ඈත ඉඳල මට කතාකරල කිව්ව ‘ඩොක්ටර් පොඞ්ඩක් ඉන්න කියල.’ එතුමා එතන සිටි ජනතාව ඔක්කොමත් එක්ක කතා කරනවා. එක්කෙනා එක්කෙනා විජය ගාවට ඇවිල්ලා කතා කරනවා. දාහක් හිටියොත් ඒ දාහක් එක්කම කතා කරන එක විජයගෙ සිරිතක්. කොහොමද සහෝදරයා, කොහොමද මාමා කියල ඔක්කොටම කතාකරව. කතා කරල ඉවරවෙකනම් මම හිටිය. පස්සෙ මම ළ`ගට ඇවිල්ල කිව්ව ‘අපි රැුස්වීමක් තියමුද?’ කියල ජේ. ආර්.ට වත් තියන්න බැරි රැුස්වීමක් තියන්න මේ අහන්නෙ. මම කිව්ව ‘තියමු’ කියල. ‘ඔයා සංවිධානය කරනවද කැම්බල් පාක්එකේ?’ කියල විජය ඇහුව. මම කිව්ව ‘හා.’ කියල.

එදා රාත‍්‍රි මගේ ගෙදර ආවා වයි.පී. සිල්වා. ශ‍්‍රී ලංකා මහජන පක්‍ෂයේ ලේකම් සහ ටියුඩර් දයාරත්න පාලක ලේකම්. මේ දෙන්න ඇවිල්ල ඇහුව ‘ඔයා පොරොන්දු වුණාද විජයට රැුස්වීමක් තියනව කියල?’ මම කිව්වා ‘ඔව්’ කියල. ‘ඔයාට පිස්සුද? මේ කාලේ රැුස්වීමක් තියන්න. කොහෙද රැුස්වීම් තියන්නෙ?’ මම කිව්ව ‘විජයට රැුස්වීම් තියන්න  ඕනෙ නම් මට තියෙන්නෙ ඒක තියන්න විතරයි. විජයට රැුස්වීමක් තියන්න  ඕන නම් මම ඒක තියනව. නොතියන්න නම් ඔයගොල්ල ගිහිල්ල නැවත විජයත් එක්ක කතා කරන්න.’ ‘මේව පිස්සු තීන්දුනෙ.’ කියල කිව්ව. ‘කොහෙද මේ රැුස්වීම් තියන්නෙ?’ කියල ඒ ගොල්ල ආපහු ගියා. විජය වෙනස්වුනෙත් නෑ. මම වෙනස් වුනෙත් නෑ. රැුස්වීම තිබ්බා. මම සංවිධානය කෙරුවා.

මම ඌරුගොඩවත්තෙ ඉඳල කැම්බල් පාර්ක් වෙනකම් සැරසිලි කළා. අනිත් පැත්තෙන් නාරහෙන්පිට මෝටර් රථ දෙපාර්මේන්තුව ළ`ග ඉඳල කැම්බල් පාර්ක් වෙනකම් සැරසුවා. අනික් පැත්තෙන් ආනන්ද මහා විද්‍යාලෙ ඉවරවෙන තැනට යනකම් සැරසුවා. අනික් පැත්තෙන් කොටා රෝඞ්එකේ රේල්වේ ලයින් එකට යනකම් සැරසුවා. මේ ඔක්කොම කරන්නෙ මිනිස්සුන්ට ලොකු සෝ එකක් දාලා බය නැතුව මෙතෙන්ඩ එන්ඩ.  ඒ විතරක් නෙමෙහි මම වේදිකාවට දැම්මා හැලජන්ට් ලෑම්ප්. මොකද මමත් හිතනව මිනිස්සු එයිද කියල. නොයෙක් ප‍්‍රශ්න තිබුණ. නිමල් විජේසූරිය, බොරැුල්ලෙ  ඕ.අයි.සී. මට දවල් ඇවිල්ල කිව්ව, ‘ආණ්ඩුවෙන් දන්වල තියනව මේ රැුස්වීමට ආරක්‍ෂාව දෙන්න’ කියල.  එයා මාව හොඳට අඳුරනව. එයා ඇහැව්වා ‘ඩොක්ටර්, මේකට සෙන`ග එයිද?’ කියල. ‘බලන්නකො හෙට. මේ මුළු කැම්බල් පාර්ක් එක පිරෙනව.’ මගෙන් අහනව ‘ඩොක්ටර් විහිළුවක්ද කෙරුවෙ?’ කියල. මම කිව්වා ‘හෙට මේ මුළු කැම්බල් පාර්ක්එක පිරෙනව කියල. එයා කිව්ව ‘එහෙම පිරෙනව නම් ඉතින් හොඳයි. මම කියන්නෙ, මේ පළාතෙ අඩුම සෙන`ග හිටින රැුස්වීම තමයි ඔය තියන්නෙ.’ කියල.

නමුත් මම කියන්නෙ විජයගෙ මිනිස්සු ගැන තියන විශ්වාසෙ. මටත් ඒක ප‍්‍රශ්නාර්ථයක්. එහෙත් මම එහෙම පෙන්නන්නෙ නැතුව මම වැඩ කරගෙන යනව. එදා රාත‍්‍රී 10 ට විතර කළුපාට නැෂනල් එක ඇඳල කොහෙද රාත‍්‍රී භෝජන සංග‍්‍රහයක් ඉවර වෙලා විජය ආවා. ඇවිල්ල පාන්දර 4 වෙනකම් හිටිය වේදිකාව සරසන තැන. මම පුළුවන් තරම් විජයට කිව්ව, ‘මේ වේදිකාව ආරක්‍ෂා කරන්නයි, ඔයාව ආරක්‍ෂා කරන්නයි දෙකක් කරන්න බෑ. මට වේදිකාව ආරක්‍ෂා කරන්න  ඕනැ ඔයා කරුණාකරල යන්න’ කියල. ඒත් ගියෙ නෑ. ඒක තමයි එතුමගෙ කැපවීම. එහෙම තමයි නියම නායකයො. එයා දැක්ක සීයක් දෙසීයක් වේදිකාව සරසනවා, සියලූ තර්ජනයට මූණ දීල මේව කරනව. තුවක්කු තබාගෙන වේදිකාවට ආරක්‍ෂාව ලබා දුන්නෙ දිවංගත භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍රයි, අපේ සාලින්ද දිසානායක හිටපු ඇමතිතුමායි. සාලින්ද ග‍්‍රවුන්ඞ් එක ගාඞ් කළා. භාරත වේදිකාව ගාඞ් කළා. එදා තමයි අන්තිම රැුස්වීම. ජනවාරි 28. පෙබරවාරි 16 එතුමා ඝාතනය කෙරුවා. එතුමා එදා කතා කරල කිව්වේ, ‘දෙසැම්බර් මාසේ 31 වෙනිදා මධ්‍යම රාත‍්‍රී 12 කණිසම ගහන්න එක මොහොතකට හෝ පෙර ජේ.ආර්. ජයවර්ධනගෙ මුග්ධ, කෘර, පාළනය පෙරළනඑක අපි ඒකාන්ත වශයෙන්ම පෙරළනව’ කියල.
බහැයි කියපු හැම දෙයක්ම විජය කෙරුවා. එදා විජය පැහැදිලි ස්ථාවරයක හිටියා මේ රට ගොඩගන්නෙ කොහාමද කියල. ඉතාම හොඳ පැහැදිලි ස්ථාවරයක හිටිය. එතුමා බෝම්බ පිපිරෙද්දි, ශ‍්‍රී ලංකා මහා බැංකුවෙ බෝම්බ පිපිරෙද්දි, එතුමා තමයි ඉස්සරවෙලාම ආරාධනා කෙරුවෙ ජනාධිපති ජේ.ආර්.ජයවර්ධනට සර්වපාක්‍ෂික සම්මේලනයක් තියන්න. එතුමාගේ යෝජනවාවෙන් තමයි ලංකාවේ පළමුවැනි සර්පාක්‍ෂික සමුළුව තිබ්බෙ.

දැන් 21 වෙනි ශතවර්ෂයට ඇවිල්ලා, සියලූම කට්ටිය ජාතික සමගිය කියන මතයට එකතුවෙලා. එදා පළමුවෙනි සමළුව තිබ්බෙ විජය. ඒ සමුළු දෙක තුන යනකොට මමත් ඒ සමුළුවට සහභාගි වුණා. ඒ සියලූ කට්ටිය එකතුවෙලා කතා කෙරුවා මේකට අපි සියලූ දෙනාම ඒකාබද්ධව මුහුණ දෙන්නෙ කොහොමද කියල. උතුරෙ සහ දකුණෙ.

ජේ.ආර්. ජයවර්ධන කියන්නෙ, ‘විජය මහර අතුරුමැතිවරණයට තර`ග කරනකොට, ජේ.ආර්. ජයවර්ධන මහත්තය පෑලියගොඩට  නගරශාලාවට ඇවිල්ලා, මහර මුළු එක්සත් ජතික පක්‍ෂ බලමණ්ඩලයම කැඳවනවා. එතකොට අතුරු මැතිවරණ 18 ක් තිබුණා. ජේ.ආර්. ජයවර්ධන කියනවා, මට ඉතුරු 17 ම පැරදුනත් කමක් නෑ. මට මහර දිනන්නට  ඕනැ. මහරින් විජයව පරද්දන්න තමුන්නාසෙලා කළ හැකි සියලක්ම කරන්න. ඒ කරන හැම දෙයක් පිටුපසම ජේ.ආර්. ඉන්වා කියල මතක තියාගන්න.’ කියල. ඒ කියන්නෙ උඹලා  ඕන එකක් කරපං මං බලාගන්නං කියල. එහෙම තමයි මැතිවරණය තිබ්බෙ. වෙඩිතියාගෙන, වෙඩිකාගෙන මිනිස්සු මේ මැතිවරණය කෙරුවෙ. එහෙම කරලත් ඡුන්ද 49 යි වෙනස. තුන් සැරයක් ගණන් කරල. එදා එහෙම කළත්, ඉන්පසු ඔහුව හිරේ දාලා, අඳුරු කුටියක තියල, චන්ද්‍රිකා කුමාරතුංග බත් පැකට්එක ගෙනිච්චාම ඒකත් කූරු ගාලා, එතුමිය කතාකරනකොට මයික් එක අල්ලගෙන ඉන්නව. සැමියයි භාර්යාවයි කතාකරනකොට. ඒ විතරක් නෙමෙයි, ඔහු ලිපියක් ලියලා ඒක එළියට ගිහිල්ල දුන්නයි කියල භාර්යාව වන චන්ද්‍රිකාට ඒක අහුවෙල, ඒ ජේලර්ලා දෙන්නව හතරවෙනි තට්ටුවට ගෙනල්ල, ගහල රස්සාවෙන් දොට්ට දැම්මා.

විජය අවසානෙදි සිරමැදිරියෙ සිහිසුන් වෙලා. ඒ වෙලාවෙ විතරක් මහ ඉස්පිරිතාලෙට ගෙනල්ල. ඒකෙදිත් චන්ද්‍රිකා ඇතුළු කීපදෙනෙකුර ඇරෙන්නට කාටවත් තහනම් මුණගැහෙන්න. එතනත් සී.අයි.ඞී. එක දාලා, සියලූ තොරතුරු එකතුකර ගන්න. ඒත් විජය ඒ නායකයත් එක්ක එකතුවෙලා කටයුතු කෙරුවා.

එහෙම තමයි ලෝකයේ හිටපු විශිෂ්ට නායකයො ක‍්‍රියා කළේ. එදා ජෝසප් ස්ටාලින් එක්ක වින්සන් චර්චිල්, ප‍්‍රධාන හතුරා වූ හිට්ලර්ව පරාජය කිරීමට එකතුවුණා. වින්සන් චර්චිල් පසුකලෙක කියනව. මට ස්ටලින් එක්ක පුටුව ළ`ග වාඩිවෙන්න හිරිකිතයක් තිබුණ. නමුත් ඊටත් වඩා ප‍්‍රශ්නයක් තිබුණ හිට්ලර් එක්ක. ඒ වගේ රටක් වෙනුවෙන්, ලොකයක් වෙනුවෙන් ප‍්‍රබුද්ධ නායකයින්, ජනතාවාදි නායකයින්, ජනතාවට ආදරේ කරන නායකයින් එවැනි තීන්දු ගත්තා. ඒවා ජනප‍්‍රිය තීන්දු නෙමෙයි. නියම මානවහිතවාදී තීන්දු.

විජය ජේ.ආර්. ජයවර්ධනත් එකකත් එකතුවුණා. එකතුවණේ මොකටද? මේ මිනිස් ජීවිත බේරගන්න. ඒක තමයි මම මේ ගැන කතාකරන්නෙ. නොයෙකුත් දේවල් කිව්ව. එතුමා යෝජනා කළා රජයට, වහාම ද්‍රවිඩ සංවිධානත් එක්ක කතා කරන්න කියල. ඒ වගේම තමයි සර්ව පාක්‍ෂික සම්මේලනයක් කැඳෙව්වා. ඒ වගේම තමයි පළවෙනි වරට ඉතිහාසයේ ඒ දෙමළ පක්‍ෂත් එක්ක කතාකරන්න එක`ගතාවයක් ඇති වුණේ. නමුත් කතාකරන්න වැඩපිළිවෙලක් තිබුණෙ නෑ. කතා කරන්නට කෙනෙක් හිටියෙ නෑ. ඒ නිසා මදුරාසිය බලා යන්න ‘යකඩ විජය’ යන්න තීන්දු කළා.
ඒ පළවෙනි මධ්‍යම කාරකසභා රැුස්වීමේ විශාල කලබලයක් ඇති වුණා, මේ ගමනට එරෙහිව. මම එදා විනාඩි 45 ක් පමණ මේ ගමන යායුත්තේ ඇයි කියල, විජයගේ ඒ දර්ශනය වෙනුවෙන්, මම දීර්ඝ වශයෙන් කරුණු දැක්වුවා. උතුරත් සම`ග කතා කළ යුතුයි. ඒ කතා කිරීමට යාමට විජයට හැකිනම්, විජය යායුතුයි කතා කරීමට. ඊට පස්සෙ ටී.බී. ඉලංගරත්න මහත්තය කිව්ව, මේ තරුණ දොස්තර මහත්තය කියන කතාව ඇහුවම, ඒකත් හරියි කියල මම හිතනව කියල. ඒ වුණත් අපි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ දීර්ඝ කාලයක් ආපු හැටියට අපි හිතන එකත් අපිට හරියි කියල හිතෙනව කියල කිව්ව. මට හිතෙනව මේ වෙනකොට තරුණයො මේ පක්‍ෂයෙන් එළියට ඇවිල්ල. ඒ තරුණයින්ට ඉඩදිය යුතුයි. එදා මහ ? ටී.බී. ඉලංගරත්න මේ පක්‍ෂයෙන්, සභාපතිකමෙන් ඉල්ලා අස්වුණා. ඒක අපිට විශාල පාඩුවක්. නමුත් විජය ගත්ත ඉදිරිපියවර කවදාවත් පිටිපස්සට තිබ්බෙ නෑ. විජය ගියා චන්ද්‍රිකත් එකතුවුණා. ගිහිල්ලා මදුරාසියෙදි සියලූ ද්‍රවිඩ සංවිධාන ඊ.පී.ආර්.එල්.එෆ්. ටෙලෝ, ප්ලොට්, ඊ.පී.ඞී.පී. පළමුවරට සිංහල නායකයෙක් හමුවුණා. ප‍්‍රභාකරන් විතරක් හමුවීම ප‍්‍රතික්‍ෂේප කෙරුවා. අනිත් හතර දෙනා එක`ගවුණා. එතනදි විජයට හැකිවුණා. එක්සත් රටක අපි එකට එකතුවෙලා ඉන්නව කියන්න. මොකද මේ ඔක්කොම කතා කෙරුවෙ වෙන්වූ රටක් ගැන. ඊලාම් සංකල්පෙන් ඉවත් වෙන්නත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිගන්නත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදි මැතිවරණවලට සහභාගිවෙන්නත්, උතුරත් දකුණත් එකතුවෙලා, එක රටක සම අයිතීන් තියන ජාතීන් වශයෙන් ක‍්‍රියාකරන්නත් ඔවුන් එක`ග වුණා.
අන්න එකත් එක්ක තමයි පසුකලෙක රජය ඔවුන් එක්ක ගනුදෙනු කරලා 1987 ඉන්දු ලංකා ගිවිසුම සාර්ථකයත්වයට පත්වෙන්න ප‍්‍රධානම හේතුව තිම්පු වලදි තිබුණු සාකච්ඡුා.  එහිදී විජය කතා කරපු සියලූ සංවිධාන ඒ ඉන්දු ලංකා ගිවිසුමට එක`ගතාවය පළකළා.  ඒ එක`ගතාවය පළ කරන්න ඔවුන්ට තිබුණ විශ්වාසය තමයි විජය වැනි නායකයින් සිටිනවා කියන කාරණය. ඒ විතරක් නෙමෙහි ඔහු ඉදිරිපත් කළ කරුණු වල බැ?රුම් බව ඔවුන්ගේ හිත්වලට කාවැදිල තිබුණ. ඒක විශාල පහසුවක් වුණා එල්.ටී.ටී.ඊ සංවිධානය තනිවෙන්න.  ඒ නිසා බහුතරයකගෙ අනුමැතිය යටතේ ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරගත්තා.

මේ රටේ ජනවාර්ගික ප‍්‍රශ්නය කියන, 1948 පසු මෑත යුගයේ අපි මුහුණ දෙනම දඩබ්බරම ප‍්‍රශ්නයට, බැ?රුම්ම ප‍්‍රශ්නයට මුහුණ දෙන්න, හැම දේකටම මුහුණ දෙන්න පුළුවන් නායකයො බයයි. එහෙව් රටක නොබියව ඒකට මුහුණ දීලා විජයට හැකියාව තිබුණ එකෙ තිබුණ පුහු සාධාක ඉවත් කරල හිටපු නායකයින්ට මේකෙ ඉස්සරහට යන්න මග පාදන්න. ඒක තමයි විජයගෙ තිබුණ විශ්ෂ්ට නායකත්වය. ඒ නිසා තමයි විජයව අදත් සමරන්න මේ තරම් ජනතාවක් එන්නෙ.

අපි තීන්දු කෙරුවා පෝස්ටර් ව්‍යාපාරයක් කරන්න. අපි එකෙ ගැහුවෙ නෑ කොහෙදිද විජය සමරන්නෙ කියල. ගැහුවනම් මෙතන ඉඩකඩ ප‍්‍රශ්නයක් වෙනව. අපි මේක සම්මන්ත‍්‍රණයක් විදිහට කරන්නෙ. එක් නිසා අපි කිව්වේ විජයට 70 යි. අපි විජය සමරමු කියල. කිසිදු තනතුරක් නොලබපු විජයව අදත් සමරණව. මේ රටේ සියලූ තනතුරු දරපු නායකයින් කීදෙනෙක්ව මේ විදිහට සමරන්න හැකියාවක් තියෙනවද? ඒ නිසා අවුරුදු කීයක් ගියත් විජයව මේ විදිහට සමරන්න හැකියාවක් තියනව.  විජය අපිට දුන්න ආදර්ශය තමයි දේශපාලනය කියන්නෙ ජනාධිපතිකම්, ඇමතිකම්, අනිකුත් තනතුරු නෙමෙයි. මිනිස්සුන්ගෙ ආදරය කරුණාව. ඒක තමයි එකම ජනතා නායකත්වය. ඒ ආදරය වැඩියෙන්ම දිනූ මේ රටේ දේශපේ‍්‍රමියා තමයි විජය කුමාරතුංග. විජය කුමාරතුංගයන් මේ සෑම වෙලාවකම නොසැලි හිටිය. එදා බණ්ඩාරනායක මත්තය කිව්ව, එතුමාට විශාල ප‍්‍රශ්න තිබුණෙ පක්‍ෂ ඇතුළෙ කියල. එළියන් එන ප‍්‍රශ්න මට අමාරුවක් නෑ. මට කුස්සියෙන් එන ප‍්‍රශ්න තමයි අමාරු කියල. ඒ පක්‍ෂෙ අභ්‍යන්තරේ තිබුණ ගැටීම්. විජයටත් ඒකම තිබුණ. විජයටත් ඒ පක්‍ෂ ඇතුළෙන්ම එන ප‍්‍රශ්න සියල්ලට මුහුණ දෙන්න සිදුවුණා. ඔහු යන ගමන සම්ප‍්‍රදායානූකූල ගමනක් නෙමේ. සම්ප‍්‍රදායනුකූලව හිතන්නට පුරුදු කරල තිබුණ ගමනක් නෙමේ. ඒකට එරෙහිව මෝසම් වරුසාවේ ඔරු පදිනව වගේ.

එතුමාව ඝාතනය කරපු, ඒ පක්‍ෂයෙ තහනම ඉවත් කරන්න පළවෙනි රැුස්වීම මහාචාර්ය කාලෝ ෆොන්සෙකාගෙ කැඳවීමෙන්, රජයේ ලිපිකරු සේවා මූලස්ථානයෙ පැවැත්වුණා. ‘ජනතා විමුක්ති පෙරමුණේ තහනම ඉවත් කරනු’ පළවෙනි අත්සන ගැහුවෙ විජය. විජය එතෙන්දි බැලූවෙ මතවාද නෙමෙයි.  ජනතා විමුක්ති පෙරමුණට මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදි ව්‍යුහයේ දේශපාලනය කිරීමට ඉඩකඩ තැබිය යුතුයි. ඔවුන්ගේ මතවාදයයි, අපේ මතවාදයයි අහසයි, පොළොවයි වගේ. නමුත් වෝල්ඞ් ඩෙයාර් කිව්ව වගේ විජය කිව්වෙත්, මම ඔබේ මතයට ගරු නොකරමි. නමුත් ඔබේ මතය දැරීමට ඔබට තියන අයිතියට මම ගරු කරමි. මම ඒ සඳහා ඉදිරිපත් වෙමි. ඒ මතයෙන් තමයි විජය ඒ අයව එදා කැඳෙව්වෙ.
තහනම් කරපු ජනතා විමුක්ති පෙරමුණෙත්, නව සමාජයෙත්, වාසු, බාහු ඔය කට්ටිය හැං`ගිලා, ජනතා විමුක්ති පෙරමුණේ නායකයො හැං`ගිලා. විජය ජනතා විමුක්ති පෙරමුණේ උපතිස්ස ගමනායකත් එක්ක කොයිතරම් වාර ගණනක් කතාකළාද, තහනමින් ඉවත්වෙන්න. ඉවත්වෙලා එළියට එන්න. රජයත් එක්ක කතාකරන්න. මම ඔය ගොල්ලන්ව එක්ක යන්නම්. ඒ ගමනෙදි යම් ආපදාවක් වුණොත් මම ඔයගොල්ලන් එක්ක, ඔය ගොල්ල යන හැමතැනකට එනවා. ඔහුත් එක්ක දිගටම කතාකෙරුවා මේකට යන්න. ඒ සියලූ දෙනා, වාසු, බාහු, උපතිස්ස ගමනායක, විජේවීර ඔක්කොම එළියට එන්න ලෑස්තිවෙලා තියෙනව. අවසානයෙදි ගමනායකගෙන් පණිවිඩෙ ආවේ විජය සහෝදරයට ‘අපිට එන්න වෙන්නෙ නෑ. පක්‍ෂය තීන්දු කෙරුවා තවදුරටත් රහසිගතව ඉන්න’ කියල. ඊට පසුදින අර දෙන්නවත් අරගෙන, රජයට බාර කරල ඔවුන්වත් අරගෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනය කරන්න ඉඩ දුන්නා.

විජය දැරූ මතය කාලයක් යට ගිහිල්ලා දැන් ඒක මතුවෙලා තියෙනව. වියජ එදා විසඳන්න හදපු ප‍්‍රශ්නය  විසඳ ගත්තෙ නැති හින්ද අද මුළු ලෝකයම එකතුවෙලා තියෙනව මේක විසඳන්න. මේ ප‍්‍රශ්නය ජාත්‍යන්තරකරණය කෙරුවෙ මේ සියලූ ජාතිවාදීන්. මේක ලෝකෙට ගිහිල්ල දුන්නෙ ඒ අය තමයි. අපිට විසඳන්න තිබුණ ප‍්‍රශ්නය අපි විසඳන්නෙ නැතුව, අපි ඒගොල්ලන්ට ගිහිල්ල කිව්ව උඹලා ඔක්කොම ඇවිල්ලා මේක විසඳපල්ලා කියල. අද මේක ජාත්‍යන්තරකරණය කරල. මේක ජාත්‍යන්තරකරණය කරපු කට්ටියම කියනව මේකෙ අච්චරක් අඩුයි. මේකෙ අච්චරක් වැඩියි මේ ජාත්‍යන්තර කරණයට කියල.

ඒ නිසා අපි පැහැදිලිවම කියනව අද විජය හිටියනම්, මේ ප‍්‍රශ්නය අද ගන්නෙ අපි නෙමෙයි ඔහු. අපිට තිියෙන්නෙ ඔහුත් එක්ක ඒ ගමන යන්නට පමණයි. ඒ නිසා ඔහු තමයි මේ රටේ ජනතාව හොඳින් දැනුවත් කරන්නෙ, මේකෙදි අපි කොහොමද කටයුතු කරන්න  ඕනෙ කියල. අපි ඒ දවස්වල මාකාස්වාදි පොතේ කියෙව්ව, පුද්ගලයො නෙමෙයි වැදගත්කම මේ ව්‍යාපාරයයි. දර්ශනයයි වැදගත්කම කියල. පුද්ගලයො වෙනස් වුණාට ප‍්‍රශ්නයක් නෑ. ඒ මතවාදය ඉදිරියට යනව නම්. අපි ඉගෙන්න ගත්ත පොතේ න්‍යායාත්මකව ඒක හරියන්න පුළුවන්. ප‍්‍රායෝගිකව එහෙම වෙන්නෙ නෑ.

විජය නැතිවීම තුළ මේ රටේ පක්‍ෂ නායකයෙක් නැතිවුණා විතරක් නෙමෙයි. මේ රටේ ඉතිහාසය 1988 පසු මේ 2015 දක්වා කියවන්න වෙන්නෙ ඔහු හිටිය නම් කියවිය යුතු ඉතිහාසය නෙමෙයි වෙනත් ඉතිහාසයක්. එහෙනම් ඉතිහාස පොතේ මේ අවුරුදු 27 ක කාලපරිච්ෙඡ්දය ලියවෙන්නේ වෙනස් විදිහකටයි. ඒ නිසා මම කියනව, ඒ පොත පතේ මොනව තිබුණත්, අපිත් එකට එක්ව, ඒ මතවාදයට නායකත්වය දුන්න ශේ‍්‍රෂ්ට මිනිසෙක් නැතිවුණාම, ඒ මතවාදය ද ඒ විදිහටම වෙනස් වෙනව. ඒ රටේ පැවැත්ම, ඒ රටේ ඉදිරිගමන ඒ සියල්ල වෙනස් වෙනව. ඒක අපි හොඳට දැක්ක පහුගිය කාලෙ. ඒ නිසා ජීවත්වුණ විජයට වඩා මියගිය විජය බැබලෙනව. අද හැමෝම විජය ගැන කතා කරනව.

විජය දේශපාලනය ආරම්භ කරනකොට විජයට හරිහමන් කතාවක් කරන්න බෑ. පාසැලෙදි කථිකත්ව පිළිබඳ රන් පදක්කම් ඔහු ලැබුව. මට මතකයි ඔහු 1970 දේශපාලන වේදිකාවේ. ඔහු කතාකරනව ගාමිණි ෆොන්සේකත් එක්ක. ඔහුට හරියට කතා කරන්න බෑ. එතකොට ගාමිණි ෆොන්සේකා හොඳ කථිකයෙක්. විජය කතා කෙරුවෙ කොළයක් බලාගෙන. නමුත් අවසාන කාලයේදී ඔහු අද්විතීය කථිකයෙක්. ඔහුගේ කතා විලාශය ඉතාමත් ලස්සන කතා විලාශයක්. ඒ වගේම ඉතාම හරබර කතාවක්. මිනිස්සු ඔක්කෝම අහන්නෙ විජයගෙ කතාවයි. ඔහු ලංකාවෙ හිටපු දක්‍ෂම කථිකයෙක් බවට පත්වුණා. ඒ හැම කතාවකම විශාල හරයක් තිබුණ. විශාල දේශපාලන පණිවිඩයක් තිබුණ. මිනිස්සුන්ට විශාල උද්‍යොගයක් තිබුණා.

එතුමා මිය යනකොට මම හිටියෙ පේරාදෙණියෙ විශ්වවිද්‍යාලයෙ. මම බාර අරගෙන තිබුණ ශිෂ්‍ය ව්‍යාපාර හා සෞඛ්‍ය සංවිධාන ගොඩනගන්න එක්සත් සමාජවාදි පක්‍ෂය වෙනුවෙන්. මම ගියා විශ්ව විද්‍යාලයට ඒ ශිෂ්‍ය කණ්ඩායම් හමුවෙලා, ඒ කථිකාචාර්යවරුන් හමුවෙලා මම හිටිය ඒ බංගලාවේ දුකකථන නෑ. රේඩියෝ එකක් මොකවත් නෑ. හන්තානෙ කන්දෙ. මම ඒ බංගලාවෙ ඉන්නකොට ඊට පෙරදින සාකච්ඡුා කරපු අය දුවගෙන ඇවිල්ලා මට කිව්වා, ‘සර් විජය මහත්තයට වෙඩි තියල.’ ‘මොකක් !’ ‘විජය මහත්තයා මැරිල සර්’ මම වහාම ගියා මගේ රථයට මගේ රථයේ රේඞ්යෝ එක දැම්ම. එකෙ ඔහු මියගිය ප‍්‍රවෘත්තිය කියනව. ඒත් මට හිතන්න බෑ විජය මරුණ කියල. එවැනි මිනිස්සු මියයන්නෙ නෑ. එහෙමයි මට හිතෙන්නෙ. විජය කුමාරතුංගයන් මියයන්න විදිහක් නෑ.
මම වහාම ලෑස්තිවුණා. බිරිඳයි කුඩා දරුවොදෙන්නයි දාගෙන මම වාහනෙ පැදෙව්වා කොළඹට. කඩවත හරියට එනකොට තමයි මට තේරුණෙ ඇත්තටම විජය මැරිල කියල. කඩවත හන්දියෙ මිනිස්සු දම්පාටයි සුදු පාටයි කොඩි දානවා මම කෙළින්ම ආවෙ කොළඹ මෝචරියට. එතන ඉන්නවා වයි. පී. සිල්වා පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම්. මම ගියා වයි.පී. ළ`ගට. මම අහපු එකම ප‍්‍රශ්නය තමයි. ‘වයි.පී. දැන් අපි මොකද කරන්නෙ?’ මේකට ඔහුට උත්තරයක් තිබුණෙ නෑ. මම ඔළුව පාත්කරල කිව්වා. ‘අපි පමණක් නෙමෙයි. මුළු ව්‍යාපාරයම අසරණ වුණා. මේ රටේ මුළුමත් පීඩිත ජනතාවම අසරණ වුණා. එතුමගෙ මිනී පෙට්ටිය උඩ තමයි එක්සත් සමාජවාදි පෙරමුණේ නායකයො අත්සන් තිබ්බෙ.

විජයගෙ නායකත්වයෙන් එදා එක්සත් සමාජවාදි පෙරමුණ ක‍්‍රියාත්මක වුණා නම් මේ රටේ මහා දර්ශනීය දේශපාලන ව්‍යාපාරයක් එදා ගොඩනැගෙනව. අනෙක් දේශපාලන කඳවුරු ඔක්කොම පොඩි පට්ටම් කරගෙන. තරුණයන් ඇතුළු, බුද්ධිමතුන් ඇතුළු සියළු දෙනා එකතු කරගන්න මහා බලවේගයක් බවට පත්වෙනවා.  ඒක දැක්ක අපේ හතුරාට ඊට පෙර අවශ්‍ය වුණා ඔහුව ඝාතනය කරන්න.
ඔහු සියල්ලන්නට කිව්වා මේ කුරිරු ත‍්‍රස්තවාදයෙන් බේරෙන්නෙ කොහාමද කියල. නමුත් ඔහු ඔහුට කියාගත්තෙ නෑ. ඔහුගෙ හිතේ තිබුණා, ‘මාව කවුරු මරණවද?’ ‘හතුරටත් හිනා වෙලා කතාකරන මට කවුරු වෙඩිතියයිද?’ එහෙමයි එතුමා හිතුවෙ. ඔහු මියගියාට පස්සෙ මරණ ගෙදරට ආව බොහෝ පක්‍ෂවල, අපට අපට සම්බන්ධයක් ඇති නැති පක්‍ෂවල සියලූ අය කිවේවෙ. ‘ඔයාට ලොකු තර්ජනයක් තියෙනව.’ ‘ඔයා පරිස්සම් වෙන්න.’ ‘එක එක තැන්වල යන්න එපා.’ කියල. ඞී.අයි.ජී.ලට උසස් නිලධාරින්ට කිව්වෙ ඔයලා මරාදාන්න හදන්නෙ පරිස්සම් වෙන්න කියල. ඒ හැමෝටම පරිස්සම් වෙන්න කියපු විජය පරිස්සම් වුනේ නෑ. ඔහු පරිස්සම් වුනේ නැති නිසා මුළු රටක් පරිස්සම් වුනේ නෑ. රටෙත් පරිස්සම නැතිවෙලා ගියා.

ඊට පසු කලෙක විජයගෙ මත වාදය අතහැරියෙ නෑ. විජයව සමරණව කියන්නෙ විජයගෙ දේහය සමරණව කියන එක නෙමයි. අපි දිගින් දිගටම මේ මතවාදය ගැන ඉදිරිපත් වුණා. විජය නැතුව අපි සටන ගෙනිච්චා. ඒත හරි අමාරුයි. ඉතාමත්ම අමාරුයි. ආපස්සට හැරිල බලපුවාම අපිටම පුදුමයි අපි ඒකට මුහුණ දුන්න හැටි. එවැනි ආකර්ෂණීය නායකත්වයක් නැතුවත් අපි සටන් කරනව. අපි පිල් වෙනස් කෙරුවා. ඒත් අපේ මතය වෙනස් කෙරුවෙ නෑ. මහජන පක්‍ෂයේ හිටපු කණ්ඩායම තම මතය වෙනස් කෙරුවෙ නෑ. පසුගිය කාලෙ පාර්ලිමේන්තුවෙ හොඳම කථිකයො මහජන පක්‍ෂයේ පන්නරය ලබපු අය. පිල් දෙකක ඉඳල තර්ක කරගත්තෙත් විජයත් එක්ක මහජන පක්‍ෂයෙ හිටපු කණ්ඩායම. විජයගෙ සගයින්. ඒ ගමන අපි දිගටම ආවා.
ඒ සටන ජය ගන්න තමයි ජනවාරි 8 වෙනිදා ඒ වැඬේට අත ගැහුවෙ. අපේ ජීවිත පැත්තකට තියල. අපේ අනාගතය පැත්තකට තියල.  ඒ තීන්දුවෙ ඉන්න හැකි වුනේ විජයලට, ඔසීලට ජීවිතය පූජා කරන්න ආත්ම ශක්තිය තියෙනව නම්, අපිට මේ තරනතුරක් අත අරින්නට බැරි ඇයි? මිනිස්සුන්ගෙ ලොකුම දේ තමයි තමන්ගෙ ජීවිතය. ඒ උතුම් මිනිසුන් ඒකත් පූජා කෙරුවනම් අපිට අපේ තනතුරු කියන ඒව මොනවද?

විජය ප‍්‍රාර්ථනා කරපු මේ රට හදන්නට බැරිනම්, අපි දරණ මේ තනතුරක කිසිම වටිනාකමක් අනාගතයෙදි ඉතිහාසයෙ ලියවෙන්නේ නෑ. මේක තමයි අපි දරණ මතය. අපි දරණ හැම තනතුරකම වටිනාකම අනාගතයේදි ලියැවෙන්නෙ මේ ප‍්‍රශ්නෙ විසඳල, අපි උතුරෙ දකුණෙ එක පවුලක අය වගේ, එක සහොදරත්වයෙන් බැඳිල හිටියොත් විතරයි. අන්න ඒ සමාජය ගොඩනගන්න තමයි විජය ජීවිතය පූජා කෙරුවෙ. විජය ජීවිතය පූජා කෙරුවත් ඔහු ඒ පන්නරය අපිට ඉතුරු කරල ගියා. ඒ පන්නරය තුළ අපි ආවා. ජනවාරි 8 වෙනිදා අපි මේ රට වෙනස් කෙරුව. එදා යුදදෙ අවසන් කරපු මහින්ද රාජපක්‍ෂව අතහැරල අපි නැවත එළියට බැහැල ඔහුට විරුද්ධව සටන් කළේ අන්න අර විජය ප‍්‍රාර්ථනා කරපු අවසාන විසඳුම සඳහා. යුද්ධයෙන් කිසිදෙයක් විසඳෙන්නේ නෑ. යුද්දයෙන් කරන්නේ තාවකාලිකව පැලැස්තරයක් දාන එක. දියවැඩියාවට තුවාලෙ හැදුනාම තුවාලෙටත් බෙහෙත් දාන්න  ඕන තමයි. සමහරවිට අ`ගිල්ල කපලා දානවා. එකෙන් දියවැඩියාව හොඳ වෙන්නෙ නෑ. අදත් රෝගය එහෙමමයි. රෝග ලක්‍ෂණයට අපි ප‍්‍රතිකාර කරනව. මේක තමයි මහින්ද රාජපක්‍ෂයන්ට තේරුනෙ නැත්තෙ. රෝගයත්, රෝග ලක්‍ෂණයත් දෙකම එකට පැටළුනා.  රෝග ලක්‍ෂයණය තාව කාලිකව හොයා ගත්තා. නමුත් රෝගය අපිට තාමත් තියනව. දැන් ඒ රෝගයෙ ප‍්‍රතිකාරය අපි මත තියෙන්නෙ. අදත් ඒ රෝගයට ප‍්‍රතිකාර කරන්න එපැයි කියල කෑගැහිල්්ලක් එනවා.  ඒකට අපි මුහුණ දෙනව. අපි නොබියව මුහුණ දෙනව. ඒ සියල්ලම පරාජය කරන්නට අපිට ආත්ම ශක්තිය තියනව කියල අපි විශ්වාස කරනව.

මේ සියලූ ජයග‍්‍රහණයන් අපි මෙහෙයවන්නෙ අපි. යුද්දෙන් පසු ඒ සිත් සමනය කිරීම තවත් පමා වුණොත් ඒක කරන්න අමාරුයි. ඒක හින්ද තමයි දරුස්මාන් වාර්තාවේ සිට  ඒකාබද්ධ යෝජනාව දක්වා තවත් යෝජනා එන්නෙ. ඒ තැලිච්ච, පොඩිවෙච්ච, වේදනාකාරි හිත කොහාමද එකතු කරන්නෙ කියන එක ඈත් වෙයි.  විජය කුමාරතුංගන් කියනව වගේ. යුද්ධය සිත් තවත් තැලී පොඩිවී යෑමක්.
එකෙදි අපි ලාංකීය විසඳුමක් ලබාගන්න, මුළු ලෝකයත් එකතුකර ගෙන, මේ ගමන යන්නව. මේ ගමනේදී අවසානයේදී මේක විසඳුවොත්, ඒක විජයට විශාල ජයග‍්‍රහණයක්. විජය ඒ ජයග‍්‍රහණය දකින්නට නොසිටියත්, අපිට සතුටු වෙන්න පුලූවන් විජය වෙනුවෙන් අපි ඒ ජයග‍්‍රහණය ලබනව. විජයත් කොහේ හෝ ඉඳගෙන ඒ ජයග‍්‍රහණය බලා ඉන්නවා ඇති කියල.

මනෝ්ජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *