ප්‍රහාරයක අනතුර ගැන ජනාධිපතිට තෙවරක්ම දන්වලා !

මුස්ලිම් අන්තවාදීන් පල්ලිවලට හා ප්‍රසිද්ධ ස්ථානවලට ප්‍රහාර එල්ල කිරීමට සුදානම් වන බවට ලැබුණු බුද්ධි අංශ වාර්තා ගැන තෙවරක්ම ජනාධිපතිවරයා දැනුවත් කළ බව ආරක්ෂක සේවාවේ ඉහල නිලධාරීහු කියති . අප්‍රේල් 11දින පළමු දැනුම්දීම සිදුකොට ඇත්තේ පොලිස් බුද්ධි අංශ ප්‍රධානි ජේෂ්ට නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා විසිනි . ඒ මහතා විසින්ම අප්‍රේල් 16දා සහ 20දා ද මෙම කරුණ පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කළ බව කියති . පොලිස්පති පුජිත ජයසුන්දර මහතාද මෙම කරුණ දැන සිට ඇත .

ජනාධිපතිවරයාගෙන් උපදෙසක් නැතිව මේ පිළිබඳව කිසිදු පියවරක් ගැනීමට කිසිවකු ඉදිරිපත් නොවූ බව කියති .

මේ අතර සිද්ධිය පිලිබඳ පරික්ෂා කරන ජනාධිපති කමිටුව ඉදිරියේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සාක්ෂි දීමට නියමිත බවත් එහිදී තවත් කරුණු හෙළිදරවු වනු ඇති බවත් වාර්තා වෙයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *