|

විදුලි දුම්රිය ව්‍යාපෘතියට බලගතු උපදේශකයකුගෙන් පොල්ලක් !

ශ්‍රී ලංකාවේ දුම්රිය සේවය විදුලි බලයෙන් ක්‍රියාත්මක වන වේගවත් ප්‍රවාහන පද්ධතියක් බවට පත්කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී එහි මුල් පියවර ක්‍රියාත්මක කිරීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන තුන් සියයක ආධාර අනුමතව තිබියදී එය අතහැර දැමීමට මුදල් කටයුතු පිළිබද රජයේ උපදේශකයකු උත්සාහ දරමින් සිටින බව තතු දත් ආරංචි මාර්ගයකින් යුක්තියට දැනගන්නට ඇත . කොළඹ මාර්ග තදබදයට වෙනත් විසදුම් ඇති බව කියමින් මෙම උපදේශකයා දුම්රිය විදුලිමය කීරීමට විරුද්ද වී ඇති බව අපගේ ආරංචි මාර්ග කියයි .

දුම්රිය විදුලිමය කිරීමේ සැලැස්ම සකස් කොට ඇත්තේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ විශේසඥයන් පිරිසක් විසිනි .ඒ අනුව අලුත්ගම සිට පොල්ගහවෙල දක්වාත් කොළඹ සිට මීගමුව හා අවිස්සාවේල්ල දක්වාත් විදුලි දුම්රිය සේවා ආරම්ඹ කිරීමට යෝජනා කොට ඇත .නව පරිපාලන අගනුවර ලෙස සංවර්දනය වන බත්තරමුල්ලට දෙමටගොඩ සිට නව දුම්රිය මාර්ගයක්ද ඉදිවනු ඇත .මේ වනවිට මෙම ප්‍රදේශ අතර දිනපතා දුම්රියෙන්  ගමන්කරන මගී සංඛ්‍යාව ලක්ස පහකි .විදුලි දුම්රිය ආරම්භ  කළ විට මීට වැඩි සංඛ්‍යාවකට සේවය ලබාදිය හැකි බව කියති .

මෙම ව්‍යාපෘතියේ මුල් පියවර ලෙස පානදුර- වේයන්ගොඩ – බත්තරමුල්ල කොටස සංවර්ධනය කිරීමට තෝරාගෙන ඇති අතර එයට වැයවන මුළු මුදල වන ඩොලර් මිලියන තුන්සියයක මුදල ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකග වී ඇත .

මෙලෙස ප්‍රවාහන ක්ෂේත්‍රයේ විශේසඥයින් විසින් සකස් කළ ව්‍යාපෘතිය යට ගසන්නට හදන්නේ මුදල් කටයුතු සම්බන්ධ ආණ්ඩුවේ උපදේශකවරයෙකු බව කියති .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *