NTJ, JMI සංවිධාන ශ්‍රී ලංකාව තුළ තහනම් කරයි – සෙසු අන්තවාදී සංවිධානවලට අනතුරු ඇඟවීම්

ජාතික තව්හීඩ් ජමාත් සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි යන සංවිධාන ශ්‍රී ලංකාව තුළ තහනම් සංවිධාන ලෙස නම්කර තිබේ.

ජනාධිපතිවරයා විසින් මෙම තහනම පනවමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

“ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස 2019 අංක 01 දරන හදිසි අවස්ථා (විධිවිධාන හා බලතල) නියෝග යටතේ ඇති බලතල ප්‍රකාරව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාවිසින් ජාතික තව්හීඩ් ජමාත් සංවිධානය (National Thawheed Jammath-NTJ)  සහ ජමාතෙයි මිල්ලතු ඊබ්‍රාහිම් ෆි සෙයිලානි ( Jamathei Millathu Ibrahmeen) සංවිධානය ශ්‍රී ලංකාව තුළ තහනම් සංවිධාන ලෙස ප්‍රකාශයට පත් කිරීමට කටයුතු සලසා ඇත.” යනුවෙන් ජනාධිපතිවරයා නිකුත්කළ නිවේදනයේ දැක්වේ.

ඒ අනුව අදාල සංවිධානවල නිස්චල සහ චංචල දේපල මෙන්ම සියළු ක්‍රියාකාරකම් මෙරට තුළ තහනම් වනු ඇත.

මෙරට ක්‍රියාත්මක වන සෙසු අන්තවාදී සංවිධානවල  ක්‍රියාකාරකම් ද හදිසි අවස්ථා නියෝග යටතේ තහනම් කිරීමට නියමිත බවත් එම නිවේදනයේ සඳහන්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *