සයින්දමරුදු සිදුවීමෙන් හමුදාවේ 11 මිය ගිහින්ලු – පියල් නිශාන්ත බොරු වපුරවයි

අම්පාර සයින්දමරුදුහිදී සිදු වූ පිපිරීම හේතුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයන් 11 ක් මියගොස් ඇති බව පොහොට්ටු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා ඊයේ රාත්‍රී රූපවාහිනී වැඩසටහනක් අතරතුර ප්‍රකාශ කර තිබේ. ‍කෙසේ වෙතත් ආරක්ෂක අංශ අවධාරණය කරන්නේ මෙම පිපිරීමෙන් ආරක්ෂක අංශ සාමාජිකයන් කිසිවෙකුත් මියගොස් නොමැති බවයි.

එසේ තිබියදී ජනතාවට වගකියන ජනතා නියෝජිතයන් ප්‍රසිද්ධ මාධ්‍ය තුළ මෙසේ හැසිරීම පිළිකුල් සහගතය. පසුගිය 21 වැනිදා සිට ජනමාධ්‍ය පවා අතිශය වගකීම් සහගතව තොරතුරු වාර්තා කරද්දී මෙවැනි මහජන නියෝජිතයන් වගකීම් විරහිතව මෙසේ කටයුතු කරන්නේ වැරදීමකින් නොව, හිතාමතාය.

මුස්ලිම් අන්තවාදීන්ට අවශ්‍යව ඇත්තේ ජාතීන් අතර ගැටුම් ඇති කිරීමටයි. පුද්ගලයන් 200 කට වැඩි ප්‍රමාණයක් මියගොස් ඇති මේ මොහොතේ පවා තවමත් එවැනි ජාතීන් අතර ගැටුමක් ඇවිලී නොමැත. එහෙත් පියල් නිශාන්තලා උත්සාහ කරමින් සිටින්නේ ඇවිල නොගිය ගැටුම් බොරු ප්‍රචාර පතුරවා හෝ ඇවිලීමටයි.

පියල් නිශාන්තලා මේ සේවය කරන්නේ කා වෙනුවෙන්ද ? ආරක්ෂක අංශ සාමාජිකයන් මියගොස් ඇති බව පවසමින් සිංහල ජනතාව ඇවිස්සීමට උත්සාහ කරන්නේ කුමක් සඳහාද ?

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *