හෝටල්වලට පල්ලි වලට ප්‍රහාර එල්ලවන බවට වාර්තා 3ක් ලැබිලා තියෙද්දිත් ඒවා ගැන තැකීමක් නැතිව ජනාධිපති තිරුපති වඳින්න ගියා – ගාමිණි වියන්ගොඩ

පසුගිය යුද්ධ කාලෙදිවත් නොවෙච්ච මහා විනාශයක් පසුගිය ඉරිදා සිද්ධ වෙලා තියෙනව. මෙච්චර විනාශයක් එක දවසක් ඇතුළත සාමකාමී සමාජයක කොහොමද ඇති වුණේ කියන එක කාටවත් තේරුම් ගන්න බැරි ප්‍රශ්නයක් හැටියට අද ඉස්මතු වෙලා තියෙනව.

දේශපාලන විශ්ලේශක ගාමිණි වියන්ගොඩ එසේ ප්‍රකාශකළේ අද (26) පස්වරුවේ රාජගිරියේ දී පැවති පුවත් පත් සාකච්ඡාවක දී ය. තව දුරටත් කතා කළ වියන්ගොඩ මහතා,

කොටි සංවිධානය තියෙන කාලේ ඔවුන්ගෙ තිබුණු ඔක්කොම පහසුකම් එක්කල, ඔවුන්ගෙ තිබිච්ච දේශපාලන හා සංග්‍රාම බලයත් එක්ක මේ විදිහට එක දවසෙ, රටේ දකුණෙ, ස්ථාන කිහිපයක මේ තරම් විනාශයක් කරන්න ඔවුන්ට පුළුවන් වුණේ නෑ. මේක ජාතික ආරක්ෂාව බරපතළ විදිහට අනතුරේ වැටිච්ච අවස්ථාවක් හැටියටයි සලකන්න තියෙන්නෙ.

රටේ ජාතික ආරක්ෂාව බාරව ඉන්නෙ කවුද? ඒ තමයි ජනාධිපති. මේ රටේ ජාතික ආරක්ෂාව බාරව ඉන්න ජනාධිපතිවරයා ඊට අමතරව පසුගිය අවුරුද්දෙ ඔක්තෝම්බර් 26 වෙනිදා ඔහු කරපු රාජ්‍ය විරෝධි කුමන්ත්‍රණයෙන් පස්සෙ අද දක්වාම පොලීසියත්, ඊට අදාළ අමාත්‍යංශයත් තමන් යටතෙ තියාගෙන ඉන්නව. අපේ ව්‍යවස්ථාවෙ තියෙනව, ජනාධිපතිවරයාට තියාගෙන ඉන්න පුළුවන් අමාත්‍යාංශ තුනයි කියල. එකක් පරිසර, එකක් රාජ්‍ය ආරක්ෂාව, අනික මහවැලි. ඊට වඩා අමාත්‍යාංශ අපේ ව්‍යවස්ථාවෙ තියෙන විදිහට තියාගෙන ඉන්න බෑ. එහෙම තියෙත්ද්දි ව්‍යවස්ථාව උල්ලංගනය කරල, මේ ජනාධිපතිවරයා පසුගිය මාසේ ඔක්තොම්බර් මාසෙ ඉඳන් අද වෙනකල් මේ නීතිය හා සාමය කියන අමාත්‍යාංශය තමන්ගෙ යටතේ තියාගෙන ඉන්නව. මොකද මේ නීතිය හා සාමය අමාත්‍යාංශය තමන්ගෙ යටතට ගත්තෙ? ඔහුගේ අඳෝනාවල් ගණනාවක් තිබුණා නීතිය හා සාමය අමාත්‍යාංශයෙන් වැඩ කෙරෙන්නෙ නෑ කියල. ඉස්සර අපරාධ කරුවන්ව, ඒ පිළිබඳව සැකයට භාජනය වෙලා ඉන්න අය පිළිබඳව හරියට පොලීසිය පරීක්ෂණ පවත්වන්නේ නෑ. ඒවට ඒ දවස්වල සාමය හා නීතිය පිළිබඳ ඇමතිවරු ඇඟිලි ගහනව. ඊළඟට මාව මරණ්න ක්‍රමන්ත්‍රණයක් කළාය කියල, අර නාමල් කුමාර කියල තක්කඩියෙක්ව ගෙනල්ලා, මේ විදිහෙ ප්‍රවෘත්ති සාකච්ඡාවල් තියල, රටට කිව්වා. ඒක පිළිබඳ පරීක්ෂණ පවත්වන්නවත්, මේ නීතිය හා සාමය අමාත්‍යාංශයට බැරි වුණා කියල. ඒක නිසා මගේ ජීවිතයවත් බේර ගන්න ඕන කියල තමයි එයා ඔය අමාත්‍යාංශය ගත්තෙ තමන්ගෙ යටතට නාමල් කුමාරගේ චෝදනාව අනුව තමන් මරණ්න හිටපු ඒ අපරාධ කාරයන්ව නීතිය ඉදිරියට පමුණුවන්න. එහෙම අරගෙන අදට මාස හතරකට කිට්ටුයි. ඒ නාමල් කුමාර කියන තක්කඩියා කියපු ඒ කවුරුවත් අද වෙනකල් නීතිය හමුවට පමුණුවල තියෙනව ද මේ කියන සිරිසේන ජනාධිපතිවරයා. ඒක කරල නැතුව විතරක් නෙමෙයි දැන් මේ රටේ නොතිබිච්ච හෙන ගෙඩියකුත් පාත්වෙන තත්ත්වයට මේ ජනාධිපතිවරයා වැඩ කටයුතු කරල තියෙනව. ජාතික ආරක්ෂාව සම්පූර්ණයෙන්ම වලපල්ලට අරිනව.

පසුගිය 4 වෙනිදා එක බුද්ධි වාර්තාවක් තමන්ගෙ අතට ලැබිලා තියෙනව. 9 වෙනිදා තවත් වාර්තාවක් ලැබිලා තියෙනව, හෝටල්වලට සහ කතෝලික පල්ලිවලට ප්‍රහාරයක් එල්ල වෙන්න නියමිතයි කියල.  11 වෙනිදා තවත් වාර්තාවක් ලැබිලා තියෙනව. ඒහෙම තියෙද්දි මේ ජනාධිපතිවරයා ගියා තිරුපති දෙවියන්ව වඳින්න ඉන්දියාවෙ. මේ කියන ඔක්කොම බුද්ධි අංශ වාර්තා තමන්ගෙ සාක්කුවෙ දාගෙන එයා තිරුපති ගියා.

මනෝජ් 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *