ජාතික ආරක්ෂාව පිළිබඳ විශ්වාසය හදන්න මෛත්‍රිපාල සිරිසේනට බෑ – සමන් රත්නප්‍රිය

ජාතික ආරක්ෂාව පිළිබඳ හොඳම පරිචයක් තියෙන කෙනා තමයි හිටපු හමුදාපති වරයා. ජෙනරාල් සරත් ෆොන්සේකා මහත්තයා. දැන් ෆීල්ඩ් මාර්ෂල්. ඔහු මේ වැඩේ කරපු කෙනා. ඒ හින්දා ඔහුට සැලකිය යුතු වගකීමක් පවරන්න පුළුවන් මේ වැඩේ සම්බන්ධයෙන්. මේ රට වැටිලා තියෙන අගාදයෙන් යම් ප්‍රමාණයකට ගොඩ එන්න.

සමන් රත්නප්‍රිය මහතා එසේ පැවසුවේ අද (26) පස්වරුවේ රාජගිරියේ දී පැවති විශේෂ පුවත් පත් සාකච්ඡාවකදීය. තව දුරටත් කතා කළ ඒ මහතා,

ඒක මේ වැඩේ කරන අය සලිත කරන්න පුළුවන් කාරණයක්. මහජනතාවගේ පැත්තෙන් ආරක්ෂාව තහවුරු වුණා කියල විශ්වාස කරන්න පුළුවන් කාරණයක්. ජන ජීවිතය යම් ප්‍රමාණයකට කඩන් වැටිලා තියෙනව. මිනිස්සුන්ට විශ්වායක් ඕනැ. රාජ්‍ය ආයතන චෙක් කරනවා. රෝහල් පවා චෙක් කරනවා. ඇඳිරි නීතිය තියනව. ජනජීවිතේ අවුල්වෙලා. එතකොට මිනිස්සුන්ගෙ රට ගැන තියෙන විශ්වාසය, ආරක්ෂාව ගැන තියෙන විශ්වාසය නැති වෙනව. විශ්වාසය ඇති කරන්න පුළුවන් වෙන්නේ ඒ විශ්වාසය ගන්න පුළුවන් කෙනෙකුට වගකීමක් දුන්නොත් විතරයි. ඒ විශ්වාසය හදන්න බෑ මෛත්‍රිපාල සිරිසේනට.

නීතිය හා සාමය පිළිබඳ වගකීම හෝ ජාතික ආරක්ෂාව පිළිබඳ වගකීම එදා ලලිත් ඇතුළත්මුදලි මහත්මයා කළා වගේ එවැනි වගකීමක් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහත්මයට පවරන්න. අනි ඒක රට හමුවට කියනව. ඒ වගේම අපි අද උදේ අගමැතිවරයට කතා කරලා කිව්වා. ඒ වගේම අද උදේ ජනාධිපතිවරයට ලිඛිතව දැනුම්දීමක් කරල කිව්වා, කරුණාකරලා මේ වගකීම බාරදෙන්න. තමන්ට බැරි බව ඔප්පු කරල තියෙනව. ඒ හින්දා පුළුවන් මිනිහෙකුට දෙන්න. තමනුත් මැදිහත් වෙලා මේ අදාල අයත් එක්ක එකතුවෙලා මේ වැඩේ කරන්න. නැත්නම් මේ රට යන්නෙ ආපස්සට.

ඒ නිසා මිනිස්සුන්ගෙ පැත්තෙන් රට ගැන හිතලා මේ වැඩේ වහාම කරන්න. මේක පාලනය කරන්න ආරක්ෂ අංශවලට අවශ්‍ය සහයෝගය දෙන්න. මුදල් ඕන නම් මුදල් දෙන්න. මිනිස්සු ඕන නම් මිනිස්සු දෙන්න. සියලු දේවල් කරලා මේ තත්ත්වය සහාම පාළනය කරල රටත් ජනතාවත් සාමාන්‍ය තත්ත්වයට ගේන්න. මේ ත්‍රස්තවාදීන්ගෙ අදහස මුලින් උපුටලා දාන්න කියල තමයි අපි කියන්නෙ.

ඒක කල්දානව නම් ඒක නොකරනව නම්, අපි මේ රටේ සිවිල් සමාජය විදිහට එළියට බැහැලා ඒකට විරෝධය ප්‍රකාශ කරන්න ලෑස්තියි.

මනෝජ්

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *