හිටපු ලොක්කාගේ පුතාගේ විදෙස් ගිණුමෙන් ඩොලර් මිලියන 500ක් එළියට !

රටේ ඉහළම ප්‍රභුවරයකුව සිටි අයකුගේ පුතකුවන තරුණ දේශපාලඥයකුගේ නමින් බටහිර අප්‍රිකානු රටක පවත්වාගෙන යන ගිනුමක ඇති ඩොලර් මිලියන පන්සියයක තරම් විශාල  මුදලක් රජය විසින් සොයාගෙන ඇති බවත් ,එම ගිණුමේ ගනුදෙනු නවත්වන ලෙස ශ්‍රී ලංකා රජය එරට අධිකරණයට ඉදිරිපත්කළ පෙත්සමක තීන්දුව අද ලැබීමට නියමිත බවත් , සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි .

බැංකු ගනුදෙනුකරුවන් රැකීමේ දැඩි නීති ක්‍රියාත්මක එම මුස්ලිම් රාජ්‍යයේ අධිකරණයට මෙම ගිණුම තහනම් කීරීම සදහා එම මුදල් වංචාවෙන් හා දුෂණයෙන් ඉපයූ බවට තොරතුරු දැක්වීම අවශ්‍යය . එම අවශ්‍ය තොරතුරු ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ඉදිරිපත් කොට ඇති බව පුවත්පත කියයි . එම ක්‍රියාමාර්ගය අසාර්ථක වුවහොත් වෙනත් ක්‍රියා මාර්ග ගැනීමට අවකාශ ඇති බවද කියති .

සන්ඩේ ටයිම්ස් කියන ආකාරයට මෙම ගිණුම ගැන තොරතුරු සොයාගත් අවශ්තාවෙදී එහි ඩොලර් මිලියන දහසකට වැඩි මුදලක් තිබිණි .එම මුදලින් කොටසක් මේ වනවිට නැගෙනහිර යුරෝපා රටක බැංකුවකට මාරුකර යවා  ඇත . කෙසේ වෙතත් මෙම මුදල සොයාගැනීම ආන්දෝලනාත්මක සිදුවීමක් වනු ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *