ගිරාපෝතක මාධ්‍ය ප්‍රකාශ – අකුරැස්සේ විල්සන් ප්‍රනාන්දු

දින ගණනාවකට එපිට නවසීලන්තයේ සිදුවූ ඝාතනයේදී එරට  අගමැතිනිය පැවසුවේ ඝාතකයාගේ නමින් ඔහු හඳුන්වා දීමට තමා කිසි විටෙකත් කටයුතු නොකරන බවයි. හේතුව ඝාතකයා  නමින් හඳුන්වා දීමෙන් අදාළ තැනැත්තාට නැති වීරත්වයක් ආරෝපණය වීමයි. ඉහත සිදුවීම මතකයට නැගුනේ  ස්ථාන කිහිපයක සිදුවූ ඝාතන සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව හැසිරෙන ආකාරය නිසයි.

“කැමරාව හැමතැනම මාධ්‍ය භාවිතය වලපල්ලට” යන හිසින් එම් ඩී මහින්දපාල මහතා 2019-03- 10 වන දින රාවය පුවත්පත්ට සපයා තිබූ ලිපියක් මෙහිදී උපුටා දැක්වීම වැදගත් යැයි සිතෙනවා. එය එය මෙසේයි

1982 මෙරට දීප ව්‍යාප්ත  රූපවාහිනි  විකාශයක් ඇරඹි මුල් යුගයේ එක් දිනෙක ජාතික  රූපවාහිනියේ සභාපති ඇම්.ජේ. පෙරේරා මහතා සමග  ප්‍රවෘත්ති ඒකකයේ නිලධාරීන් නිෂ්පාදකවරුන් කාර්මික ශිල්පීන් පැවැත්වූ කිසියම් සාකච්ඡාවක දී ප්‍රවෘත්ති ඒකකයේ  එක්තරා තරුණ ප්‍රවෘත්ති නිෂ්පාදකවරයෙකු ඔහු වෙත පැනයක් යොමු කලේය.

” සභාපතිතුමනි අපට මේ රටේ සිදුවන අපරාධ සම්බන්ධ ප්‍රවෘත්ති වාර්තා, රූපවාහිනි ප්‍රවෘත්ති වැඩසටහන් වලට ඇතුලත් කරන්න බැරිද? ඇම්.ජේ. පෙරේරා මහතා නිෂ්පාදකවරයාට දුන් පිළිතුර මෙසේය. ” අයිසේ අපරාධ සම්බන්ධයෙන් ඔහෙටයි මටයි කරන්න දෙයක් නැ ඒක පොලිසියේ වැඩක්”

ආගමික නායකයන් කිහිප දෙනෙක් කැඳවා  රූපවාහිනි නාලිකාවක්   වැඩසටහනක දී ඊට සහභාගිවූ කතෝලික පියතුමා කීවේ, මිනිසුන් හඬන දොඩන නරඹන්නන් ගේ හැඟීම් අවුළුවන ආකාරයේ  දර්ශණ වලට රූපවාහිනිය ඉඩ දෙන්න එපා කියලයි. නමුත් ඒ වැඩසටහන අවසන් වූ වහාම එම නාලිකාව බෝම්බ පිපිරුමේ  දර්ශන නැවත නැවතත් චිත්‍රපටයකයක් පෙන්වන්න සේ පෙන්වන්නට පටන් ගත්තා. ඒ අනුව අපට සිතන්නට සිදු වන්නේ එම නාලිකාව තම වැඩසටහන් ඉදිරිපත් කරන්නේ ලෝකෙට  පරකාසේ ගෙදරට මරගාතේ සිට බවයි.

තමන්ගේ නාලිකාවේ වැඩසටහනක දී කළ වැදගත් ඉල්ලීමක්  පැය 24ක කාලයක් තුළ ඉටු කරන්නට බැරි නාලිකාවක මාධ්‍ය භාවිතයෙන්  රටට යහපතක්  වනු ඇතැයි සිතන්නට පුළුවන්ද?  එම වැඩසටහනේදීම ඒ පූජකතුමා කල  තවත් ඉල්ලීමක් වුණේ ප්‍රහාර පිළිබඳ දේශපාලකයන් දක්වන මත වලට ඉඩ නොදීමට වගබලා ගන්නා ලෙසයි. ජාතික ආපදා තත්ත්වයකදී දේශපාලකයන් දක්වන  අදහස් විකාශය කිරීමෙන්  සීයට සීයක් වැළකී ඉන්නට කිසියම් මාධ්‍ය ආයතනයකට  හැකියාවක් නැ. විශේෂයෙන් ජනාධිපති, අගමැති, විපක්ෂනායක, කතානායක වැනි අය ඒ සම්බන්ධව දක්වන අදහස් ජනතවට ඉදිරිපත් කල යුතුය. එසේ වුවත් යම්කිසි ඛේදවාචකයක් උපයෝගී කරගෙන ආණ්ඩුවට මඩ ගසන්නට  නැතිනම් එය උපයෝගී කරගෙන කල දුටු කල වල ඉහගෙන තමන්ගේ ප්‍රතිරූපය නංවා ගන්නට  උත්සහ දරන  දේශපාලකයන්ගේ ප්‍රකාශ වලට ඉඩ දීමෙන්  සිදුවන යහපතක් නැත.  මේ රට ජනමාධ්‍ය ආයතන බොහොමයක් කරන්නේ ජනතාවට ප්‍රවෘත්ති ලබා දීමට වඩා තමන් ප්‍රියකරන දේශපාලකයන්ගේ ප්‍රතිරුප පිම්බීම බව මේ ප්‍රකාශයේ මාධ්‍ය හැසිරීමත් සමග ඉතාම හොදින් පැහැදිලි වුණා.  රූප රූපවාහිනී නාලිකා වලට පමණක් නෙවෙයි පුවත්පත්වලටත් මෙම විවේචනය අදාලයි.

නිදර්ශනයක් වශයෙන් හරින් ප්‍රනාන්දු  ඇමතිවරයා කළ ප්‍රකාශයක් ඔස්සේ මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ පක්ෂපාතී කණ්ඩායම ගෙන ගිය මාධ්‍ය සංදර්ශනය හෙවත් මඩ ව්‍යාපාරය දක්වන්න පුළුවනි. හරීන් ප්‍රනාන්දු ඇමතිවරයා කීවේ රෝහල්ගතව සිටින තමාගේ පියා මෙවැනි ආකාරයේ ප්‍රහාරයක් සිදු වීමට ඉඩ ඇති බවට තොරතුරු ඇතැයි තමන්ට කි බවයි. එහෙත්  තමා එය  ගණන් ගත්තේ නැති බවයි.

වගකීිවයුතු ඇමතිවරයෙකු  වශයෙන් මෙවැනි තොරතුරක් ලැබී එය නොසලකා හැරීම් වරදක් බවට කිසිම සැකයක් නැහැ. නමුත් ඒ වැරැද්ද කල එකම  එකම තැනැත්තා හරීන් ප්‍රනාන්දු ඇමතිවරයා පමණක් නොවේ.  රෝහල් ගතව  සිටියත් හරීන් ප්‍රනාන්දු මහතාගේ පියාට ප තමන්ට ලැබුණු තොරතුරු ගැන ආරක්ෂක අංශ දැනුවත් කරන්න තිබුණා. ඔහු අතිනුත් ඉටුවී නැහැ.

හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රකාශය විවේචනය කරමින් කතා කළ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා කීවේ පාස්කු දින ප්‍රහාරයට ආසන්න දිනවල තමාගේ ආරක්ෂාව තර කර  තිබූ බවයි  .හිටි හැටියේ තමාගේ ආරක්ෂාව තර කිරීම සම්බන්ධව තමා සැලකිල්ලක් නොදැක්වූ බවයි රාජපක්ෂ මහතා කියන්නේ. රටේ විපක්ෂ නායක නායකවරයා වශයෙන් ඔහුට  ඒ ගැන සොයා බලන්න තිබුණේ ද නැද්ද?  ඊලාම් යුද්ධය අවසන් වූ වකවානුවේ රටේ ජනාධිපතිවරයා වූ  මහින්ද මහතාට ඒ ගැන හැඟීමක් නැති වීම පුදුමයකි.  තමාගේ ආරක්ෂාව සේම රටේ ආරක්ෂාව තර වී තිබේද යන්න පිළිබඳව විමසිලිමත් වීමට ඔහුට යුතුකමක්ති තිබුණා. ඒ පමණක් නෙවෙයි ඒකාබද්ධ විපක්ෂයේ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා කියා තිබුණේ අදාළ දිනවල ඔහුගේ ආරක්ෂාව තර කර තිබූ බවයි. නමුත් ඔහුත් ඒ ගැන ඉදිරියට යමක් කර නැහැ.

පාස්කු දා ප්‍රහාරය  සම්බන්ධව හොඳම විහිලු සපයන්නා බවට පත් වූයේ ආරක්ෂක අමාත්‍යාංශයේ  ලේකම්වරයායි. ඔහු  ප්‍රකාශ කළේ මේ තරම් ලොකු ප්‍රහාරයක් වන බව බුද්ධිි අංශ ප්‍රකාශ කළේ නැති බවයි.  ඒ අනුව ජනතාව තේරුම් ගත් යුත්තේ පුංචි පුංචි බෝම්බ ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ එතරම් ගණන් නොගන්නා බවද  ?ආරක්ක්ෂක  අමාත්‍යංශ ලේකම්වරයා වැඩිදුරටත් කිවේ  වැඩිදුරටත් කීවේ යුද්ධය පැවති කාලයේ දී  හදිසි නීතිය පවතිද්දීත්  මෙවැනි ප්‍රහාර සිදු වූ බවයි.

ඇත්ත වශයෙන් එම ප්‍රකාශය සැලකිය යුත්තේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වරයෙකු නොව සාමාන්‍ය පොලිස් නිලධාරියෙක් වුවත් නොකල යුතු ප්‍රකාශයක් ලෙසයි. එසේ වුවත් හරින් මහතාගේ ප්‍රකාශය තරමට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රකාශය මහින්දවාදී කණ්ඩායම විසින් නග්ගලා  නොගත්තේ මහින්ද පිලත් ආරක්ෂක අමාත්‍යවරයා වන ජනාධිපතිවරයා අතර මේ දිනවල පවතින සංහිදියාව නිසා විය හැකිය. එසේම හරීන්ගේ ප්‍රකාශය උඩ දැමු ජනමාධ්‍ය ද ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රකාශයට ඒ තරමට  අවධානයක් යොමු නොකල රහසත් මහින්ද මෛත්‍රී  හිටවත්කම විය හැකිය.

ඊලග කාරණය රාජ්‍ය බුද්ධි අංශයට ලැබුණාය කියන රහස්‍ය වාර්තාව ජනමාධ්‍ය විසින් ගෙඩි පිටින්ම පුවත්පත්වල පළකර තිබීමයි.  අදාල සැකකරුවන්ගේ නම් ගම් වාසගම් ලිපින ආදී සියල්ල එසේ පළකර තිබුණා. ඒ තොරතුරු මාධ්‍යට ලබා දුන්නේ කවුද? එසේ එම තොරතුරු ගෙඩි පිටින් සමාජගත කිරීමේ වරදක් නැද්ද ? නවසීලන්ත ආදර්ශය එහිදී වැදගත් නැද්ද?  අප වැනි සාමාන්‍ය ජනයාට ඒ ගැන අවබෝධයක් නැත. ඒ ගැන විමසිය යුත්තේ ජනමාධ්‍ය විසින් මය. වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව කියා කීම පමණි අපට කළ හැක්කේ.

කොච්චිකඩේ දේවස්ථානය අසල දී බෝම්බ  ඇටවූ වාහනයක් සොයාගෙන තිබුණි. එම  බෝම්බය නිෂ්ක්‍රිය  කරන්නට යාමේදී පුපුරා ගිය බවයි මුලින්ම නිව්ස් ඇලට් එක සහ breaking news වල කීවේ. නමුත් පසුව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා උපුටා දක්වමින් එම මාධ්‍ය  කිවේ ආරක්ෂක අංශ විසින් එම බෝම්බය ආරක්ෂාකාරී පුපුරවා හැරි බවයි. එහෙත් මුලින් පල කල   ඒ වැරදි ප්‍රවෘත්තිය  පිළිබදව සමාව ගැනීමක් වත්  සිදුවූයේ නැහැ. බෝම්බයක් ආරක්ෂාකාරීව පුපුරුවා හැරීමත් නිෂ්ක්‍රිය  කරන්නට යෑමේදී  පිපිරීම්ත් පැහැදිලිවම දෙකක්. අදාල බෝම්බ නිශ්ක්‍රීය අංශ සාමාජිකයන්ගේ පවුල් වල අය එම පුවත  දුටුවා නම් වැරදී පුවත  නිසා ඔවුන්ට ඇති වූ මානසික පීඩනයට වගකියන්නේ කව්ද?

අද මේ ලිපිය ලියන්නට පටන් ගන්නා මොහොතේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍යයට පවසා තිබුණේ කොළඹ සියලූ පොලිස් ස්ථාන ඉහළ ආරක්ෂක විධිවිධාන යටතේ තබා ඇති බවයි. හේතුව වශයෙන් කියා තිබුණේ සැකකටයුතු වෑන් රථයක් සහ ලොරියක් තිබීමයි. පොලිස් ස්ථානවල ආරක්ෂාව තර කිරීම සම්බන්ධව සාමාන්‍ය ජනතාව දැනගත යුතුමද? පොලීසියට පමණක් අදාල කටයුත්තක් නොවේ ද?

මෙවැනි ප්‍රවෘත්ති  නිසා සිදුවන්නේ බෝම්බ ලොරියක්  බෝම්බ වෑන් එකක් කොළඹ පොලීසි වලට ගහන්නට ඇවිත් යන භීතිය සමාජගත වීම නොවේද?  එය සිදුවිය යුත්තක් ද සිදුනොවිය යුත්තක් ද ?මෙවැනි දේ කිරීමේන් පොලිසිය උත්සාහ කරන්නේ අපිත් නිකන් ඉන්නේ නැහැ කියා  නැහැ ජනතාවට පෙන්වා අස්සයාගිය  පසු ඉස්තාලය  වැසීමේ වරද නිවැරැදි කර ගන්නට ද? පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ කටින් පිටවන සියල්ල වාර්තා කිරීමෙන්  රැකෙන  ජනමාධ්‍ය ආචාර ධර්ම මොනවාද? මේ ප්‍රශ්නවලට පිළිතුර දිය හැකි නැණවතා කවුද?

 

අකුරැස්සේ විල්සන් ප්‍රනාන්දු

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *