“මම ෆීල්ඩ් මාර්ෂල් වුනේ ගොල්ෆේස් එකේ කඩල විකුණලා නෙමෙයි” – ෆොන්සේකා

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ජනාධිපතිතුමා, ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂය දැඩිව ප්‍රශ්න කරමින් වෙනත් රටක මෙවැනි සිදුවීමක් සිදුවුනා නම් සියලු දෙනාම ඉල්ලා අස්වෙන බවත් ලංකාවේ එවැනි දෙයක් ලංකාවේ සිදුනොවන නිසා ඔවුන්ට තම තනතුරුවල රැඳී සිටිය හැකි බවත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කළේය.
ඒ, පාර්ලිමේන්තුවට ඊයේ (23) ඉදිරිපත් කෙරුණු හදිසි නීති රෙගුලාසි පිළිබද අද පැවැත්වෙන විවාදයේදීයි.

“ එල්.ටී.ටී.ඊ. යට මේ තත්ත්වයට එන්න ගොඩක් කාලයක් ගියා.මේ අය එතනින් පටන් ගෙන තිබෙනවා. නමුත් මේ සංවිධාන දෙකේ අරමුණු දෙකක්.

තරුණයන් පිරිසක් නොමග ගොස් තිබෙනවා ඒ ගැන කනගාටුවෙනවා. මේක දරුණු විෂබීජයක්. ජනතාවගේ ජීවිත අවිනිශ්චිතව තිබෙනවා.

දැන් ආයෙත් අම්මයි තාත්තයි වාහන දෙකක වැඩට යනවා. දරුවෝ දෙන්න වෑන් දෙකක පාසල් යනවා. දැන් ජනතාව පරීක්ෂා කරන්න වෙයි. ආරක්ෂක කපොලු අරින්න වෙයි.

යු ද්දෙ ඉවරවුණාම කානිවල් එකක් වගේ ජීවත් වුණා. ආර්ථිකයක් වශයෙන් ඉදිරියට යනවානම් ආරක්ෂාව අංක එකට තිබෙන්න ඕන. කාටවත් මේ වගකීමෙන් ගැලවෙන්න බෑ. ජාතික බුද්ධි ප්‍රධානී යොමුකළ ලිපියක් ජනපතිට යනවා. ආරක්ෂක කවුන්සියේ මේ ගැන කතා වෙන්න ඕන.

පොලිස්පති ඉවත් කළා කියලා මේ ප්‍රශ්ණය විසදෙන්නේ නෑ. බුද්ධි අංශ ශක්තිමත් කළ යුතුව තිබුණා.

බුද්ධි අංශ භාවිත කළේ අපෙන් පළිගන්නනයි. මෙකෙන් 7ක් 8ක් මැරුණත් තවත් 300ක් 400ක් විතර ඉන්නවා. මේක අවුරුදු ගාණක් තිස්සේ ආපු එකක්.

මෙතන පිළිගන්න නායකයෙක් ඉන්නවා. ජනාධිපති ගැන ප්‍රශ්ණයක් නෑ. මේක වුණාට පස්සේ එයා සිංගප්පූරුවේ සිට ආවේ රෑ 12ට. නමුත් හවස තුනට හා රාත්‍රී 9ට සිංගප්පූරුවෙන් ලංකාවට එන්න ගුවන් යානා තිබෙනවා.

ජනාධිපති බයි පාස් එකක් කරලා තිබුණානනම් එහෙම හැකියාවක් නැති වෙන්න තිබුණා. ජනාධිපති දුර්වලයි නම් අපිත් දුර්වලයි. කැබිනට් මණ්ඩලයත් දුර්වලයි.

ආරක්ෂක අමාත්‍යාංශය හා ආරක්ෂක ලේකම් වගකීම පැහැර හැර තිබෙනවා. නීතිය හා සාමය අමාත්‍යාංශය දරණ අය මගේ යාලුවෝ තමයි නමුත් ඒ අයට අත්දැකීම් නෑ.

මේ කාරණාවලට මෝරපු මිනිස්සු දාන්න ඕන. මෙහෙමගියොත් අලවංගු විතරක් ඉතුරුවේවි. දන්න පණ්ඩිතයෝනේ ගොඩක් මෙතන ඉන්නේ. මම ෆීල්ඩ් මාෂල් වුණේ කඩල විකුණලා නෙමයි. මගේ ප්‍රෙයාජන ගන්න.අපි වැඩ කරන්න ලෑස්තියි.”

https://www.facebook.com/sinhala.adaderana.lk/videos/841886606192838/

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *