වගකීම් පැහැර හැරීම නිසා බරපතල ව්‍යවසනයක් ඇති වූ බව ඉතාම පැහැදිලියි – සමන් රත්නප්‍රිය

මේ අය කාගෙ කොන්ත්‍රාත්තුවකට ද හදිස්සියෙන් මේ වගේ දෙයක් කළේ? ඇයි මේකට ක්‍රිස්තියානි ප්‍රජාව තෝරගත්තෙ? ඇයි මේකට දෙමළ ක්‍රිස්තියානින් තෝරගත්තෙ මඩකලපුවේ? ඇයි සුළු ජන කොටස් පමණක් ඉලක්ක කරල මේ ප්‍රහාරය එල්ල කළේ? මොකක්ද ඒකෙ දේශපාලනික අරමුණ? 2015 දේශපාලනික වෙනසෙදි එකතු වුණේ ජාතික සංහිඳියාව අගේ කරන මිනිස්සු. සුළු ජාතීන් හදවතින්ම එකතු වුණා මේකට.  ඒ මිනිස්සු නැවත යුද්ධයක් ප්‍රාර්ථනා කෙරුවෙ නෑ. නැවත මෙවැනි ව්‍යවසනයක් ප්‍රාර්ථනා කෙරුවෙ නෑ. ඒ ඒකාබද්ධ තාවය ද මේ බිඳින්න හදන්නෙ?

සිවිල් සංවිධාන එකමුතුවේ කැඳවුම් කරු සමන් රත්නප්‍රිය මහතා එසේ ප්‍රකාශ කළේ සිවිල් සංවිධාන එකමුතුව විසින් අද (22) කොළඹ නිදහස් මාවතේ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවක දී ය. තවදුටත් අදහස් දැක්වූ සමන් රත්නප්‍රිය මහතා,

රටේ ආරක්ෂක තත්ත්වය සමාලෝචනය කිරීමට ආරක්ෂක මණ්ඩලය අරලියගහ මන්දිරයට කැඳවූ විට අදාල කිසිවෙක් ආවේ නෑ. එන්නෙ නැත්තෙ ඇයි කියල ඇහුවම, ඉහළින් ඕඩරයක් නිසා එන්න බෑ. කියල කිව්වා.

ඉහළින් කියන්නෙ වෙන කවුරුවත් නෙමේ. කාටද ලංකාවේ ත්‍රිවිධ හමුදාපතිවරුන්ට උපදෙස් දෙන්න පුළුවන්. තමන් වගකීම් විරහිතව විදෙස් ගත වෙලා ඉන්නව නම්, තමන් මේක දැනගෙන මොකුත් කළේ නැත්නම්, ලංකාවේ ඉන්න වගකීමක් ගන්න පුළුවන් කෙනාට උදව් කරන එක නෙමෙයි ද වගකීම. භීෂණය ඇති වුණාට පස්සෙ ද ඒකට මුහුණ දෙන්නෙ.? ඒකටත්, ඉඩ නොදෙන ස්වාභාවයකින් තමයි 21 වෙනිදා සවස හා දවස ඇතුළත කටයුතු කෙරුවෙ.

අපි දැක්කා ඇඳිරි නීතිය දාන්න තිබුණ අමාරුව. ඇඳිරි නීතිය දාන්න රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයෙක් නෑ. පොලිස් පතිවරයාගේ බල වපසරිය අනුව පොලිස් ඇඳිරි නීතිය දැම්මෙ. ෆේස් බුක් තහනම් කිරීම පිළිබඳ විවිධ අදහස් තිබුණා. ඒක එකපාරට කරගන්න බැරි වුණා. පැය ගණන් ගියා තීන්දු ගන්න. සියලු බලතල තියෙන්නෙ එක තැනක. ඒ බලයත් එක්ක තමයි විදේශ ගතවෙලා තියෙන්නෙ. මේ තීන්දු ගැනීමේ හැකියාවක් තිබුණෙ නැහැ. මේක නම් රට කරවන විදිහ ඒ පිළිබඳව බරපතළ ප්‍රශ්නයක් තියෙනව.

හමුදාපතිවරයා ගිහින් බිෂෝප් හමුවෙලා කීව දේ අපි හැමෝම දැක්කා, ‘මට දෙන්න මම මේක කරල පෙන්වන්නම්, ඇත්තටම ඔහුට කරන්න පුළුවන් බවත් අපි දන්නව. හමුදාවෙත්, පොලීසියෙත් ඉන්නව මේක කරන්න පුළුවන් මිනිස්සු. කරන්න පුලුවන් හින්දා තමයි එදා රෑ වන විට හත් අටදෙනෙක්, දැන් විසිතුනක් අත්අඩංගුවට අරගෙන තියෙන්නෙ. ආයතනත් එක්කම, වාහනත් එක්කම. දැන් වාහනවල තිබිලා බෝම්බ නිෂ්ක්‍රිය කරන්නෙ. කරන්න පුළුවන්. කරන්න ඒකට නායකත්වය දෙන්න අවශ්‍යයි. වාඩිවෙලා කතා කරන්න ඕන. තීන්දු ගන්න ඕන. ඒවා ක්‍රියාත්මක කරන්න ඉඩ දෙන්න ඕනෙ.

වැඩේ වුණායින් පස්සෙ තමයි කියන්නෙ අරක කරන්න මේක කරන්න කියල. ඒත් කියන්නෙ පැය 12ක් විතර ගියාට පස්සෙ. වගකීම් පැහැර හැරීම නිසා බරපතල ව්‍යවසනයක් ඇති වූ බව ඉතාම පැහැදිලියි. මේකෙ දේශපාලනයකුත් තියනව. මම දන්නෙ නෑ, මේව කොහොමද සම්බන්ධ වෙන්නෙ කියල. අපි දන්නව, සමහර මාධ්‍ය ආයතනවල ප්‍රධානීන්ට කියල තිබුණ, අවුරුද්ද අවසානයේ මුල් පිටුව ඉඩ තියාගන්න කියල. මේකට ද වෙන මොහොකටද දන්නෙ නෑ. මේ තොරතුරු එනකොට අපිට සැකයක් ඇති වෙනව.

කොච්චිකඩේ පල්ලියට හැමදාම යන අය එදා ගිහිල්ලා නෑ. එහෙම ප්‍රශ්නත් තියෙනව. මේකෙ වාසිය එන්නෙ කාටද? මේක දේශපාලනිකයි. මීනී මරන්න ඕන කියල හිතන කණ්ඩායමක් මේකට පුහුණු වුණා වෙන්න පුළුවන්. මේ අය කාගෙ කොන්ත්‍රාත්තුවකට ද හදිස්සියෙන් කළේ? ඇයි මේකට ක්‍රිස්තියානි ප්‍රජාව තෝරගත්තෙ? ඇයි මේකට දෙමළ ක්‍රිස්තියානින් තෝරගත්තෙ මඩකලපුවේ? ඇයි සුළු ජන කොටස් පමණක් ඉලක්ක කරල මේ ප්‍රහාරය එල්ල කළේ? මොකක්ද ඒකෙ දේශපාලනික අරමුණ? 2015 දේශපාලනික වෙනසෙ දි එකතු වුණේ ජාතික සංහිඳියාව අගේ කරන මිනිස්සු. සුළු ජාතීන් හදවතින්ම එකතු වුණා මේකට.  ඒ මිනිස්සු නැවත යුද්ධයක් ප්‍රාර්ථනා කෙරුවෙ නෑ. නැවත මෙවැනි ව්‍යවසනයක් ප්‍රාර්ථනා කෙරුවෙ නෑ. ඒ ඒකාබද්ධ තාවය ද මේ බිඳින්න හදන්නෙ? සුළු ජාතියක් තවත් සුළු ජාතියකට ප්‍රහාර එල්ල කරනවා කියන එකද මේ පෙන්නන්න හදන්නෙ?

ඊට කලින් පෝය දවස තිබුණා. ඇයි පාස්කු ඉරිදම තෝර ගත්තෙ. මිනිස්සු රැස්වෙන තනක් ඕන නම්, පිටකොටුවෙ ස්ටේෂන් එකට යන්න තිබුණා. එහෙම ගියෙ නෑ. හරියටම පාස්කු ඉරිදා දවසෙ පල්ලි තමයි මේකට තෝර ගත්තෙ. මේකෙ දේශපාලන අරමුණක් තියෙනව කියල ඉතාම පැහැදිලියි. මේ වගේ දෙයක් සිද්ධ වුණාට පස්සෙ කාටද දේශපාලන වාසිය යන්නෙ? දැනටත් කියනව මේකට හොඳම මම තමයි, මේකට හොඳම මෙයා තමයි. මෙයා ගෙනාවොත් තමයි මේක නවත්ව ගන්න පුළුවන්. ඒකට ද මේ එන්න හදන්නෙ? ඒක නිසා මේ පිළිබඳව ආරක්ෂක අංශ ඇහැ ගහගෙන ඉන්න ඕන කියන එකයි අපේ අදහස. මේකට වගකීම් දරණ දේශපාලන නායකත්වයක් පිළිබඳ විශ්වාසයක් අපිට නෑ.

පිටරට ඉන්දිම ප්‍රකාශයක් නිකුත් වුණා මේක කුමන් ත්‍රණයක්. කුමන්ත්‍රණයට අදාල පරීක්ෂණ මෙහෙයවන්න කියල. කොහොමද කුමන්ත්‍රණයක් කියල දන්නෙ? මේ ආණ්ඩුවෙ කවරුවත් කිව්වෙ නෑ මේක කුමන්ත්‍රණයක් කියල. වගකීම දැරිය යුතු ජානාධිපතිවරයම තමයි මේක කුමන්ත්‍රණයක් කියල හඳුන් වන්නෙ.

ඊළඟට කොමිෂන් සභාවක් පත් කළා. කොමිෂන් සභා ක්‍රියාවලිය තනිකර දේශපාලනිකයි. මේකෙන් කරන්නෙ මේකෙ වාර්ථාව අරගෙන ප්‍රචාරය කරල තමන්ට දේශපාලනික වාසිය ගන්න හදන එක විතරයි. මේකෙ අවසාන ඉලක්කයකට යන්නෙ නෑ. ජනාධිපතිවරයා ළඟ තියෙනව කොමිෂන් සභා තුනක් හෝ හතරක්. දූෂණ හා වංචා සම්බන්ධව කොමිෂන් වාර්තා දෙකක්. මේවට නෛතික ක්‍රියාමාර්ග ගන්නෙ නැ. බැඳුම්කර කොමිෂන් වාර්තාව තියෙනව. ඒකත් දේශපාලනිකව රවුම් කරනව, හතරැස් කරනව මිසක් අවසාන ඉලක්ක වලට යන්නෙ නැහැ. ශ්‍රී ලංකාන් ගුවන් සමාගම පිළිබඳ කොමිෂන් සභාව ක්‍රියාත්මක වෙනව, ඒක දේශපාලනිකව ගන්නෙ නෑ. ඉල්ලලා බලපෑම් කළ නිසා දැම්මා, ඒක ඔහේ යනව. මේක උදේ හවස කතා කරන්නෙ නෑ. අනිත් ඒවා උදේ හවස තුන්වේලට බත් කනව වගේ කතා කරනව. ඇයි? විපක්ෂයත් සමඟ සහයෝගී සාකච්ඡා යනව, එකට ඉල්ලමු කියල කියනව, අපේක්ෂකය පිළිබඳ සාකච්ඡා තියෙනව. එතකොට විපක්ෂයේ අයගෙ කටයුතු එළිදරව් වෙන ඒවා මේකෙ ගන්නෙ නෑ. දේශපාලනික කොමිෂන් සභාවලින් මේ රටට සුගතියක් වෙන්නෙ නෑ.

මනෝජ්

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *