ලක් සතොස සැපයුම්කරුවන්ට කෝටි තුන්සීයක් පොලු තියලා !

ලක් සතොස ආයතනය පසුගිය කාලයේ දිගින් දිගට පාඩු ලැබීම නිසා සැපයුම්කරුවන්ට ගෙවීමට ඇති රුපියල් කෝටි තුන් සියයක් ගෙවා නැති බවත් ,රජයේ බැංකු දෙකට කෝටි දාහක් ණය වී ඇති බවත් ,අලුත්ම වාර්තා වලින් හෙළිදරවු වෙයි .මෙම මුදල් ගෙවීමට ලක් සතොසට හැකියාවක් නැති බව කර්මාන්ත හා වෙළද අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා මුදල් ඇමැති රවී කරුණානායක මහතා වෙත දැනුම් දී ඇති බවද වාර්තා වෙයි . ලබන අයවැයෙන් මේ සදහා කෝටි හත්සිය පනහක් වෙන්කර දීමට මුදල් ඇමතිවරයා එකග වී ඇතැයි ද කියති .

කෙසේ වෙතත් සිංගප්පුරුවේ සමුපකාර ක්‍රමය ආදර්ශයට ගෙන ලක් සතොස ප්‍රතිසංවිධානය කිරීමට රජය තීරණය කොට ඇත .ඒ සදහා මූලික අධ්‍යයන කටයුතු මේ වනවිටත් ආරම්භ කොට ඇති බවද අපගේ ආරංචි මාර්ග කියයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *