එල්ලූම්ගහ ගෙනා පමණින් දූෂණ, අපචාර, මිනීමැරුම් මැඩපැවැත්විය නොහැකියි – නීතිඥ එස්. ජී. පුංචිහේවා

S.Gකොටදෙනියාව පොලිස් වසමේ දැරියක් දූෂණයට ලක්ව ඝාතනය වීමත්, රත්නපුර ප‍්‍රදේශයේ කොටකෙත ගම හා ඒ ආශ‍්‍රිතව එක දිගට මැනීමැරීම් වැලක් සිදුවීමත්, ලාබල දරු දැරියන් පිරිසක් කුරීරු ලෙස ඝාතනය කිරීමේ සිද්ධීන් රැුසකුත් පසුගිය වකවානුවේ දිවයිනේ විවිධ පළාත්වලින් වාර්ථාවුනා. මෙම චෝදනා වලට වැරදිකරුවන්ට දැඩි දඬුවම් දියයුතු බවටත්, එල්ලූම් ගස ක‍්‍රියාත්මක කර චූදිතයන් එල්ලූම්ගස් යැවිය යුතුබවටත්, රට පුරා දෑවැන්ත හඬක් නැගෙන්නට පටන් ගෙන තියෙනවා. එසේ දැඩි දඬුවම් දීම තුළින් මෙම අපරාධ රැුල්ල මැඬපැවැත්වීමට හැකිවේවිද?

බොහෝ දෙනෙක් අදහස් කරල තියෙනව මරණීය දණ්ඬනය නැති නිසා මෙම අපරාධ ඇති වෙනව කියල. මඅපේ රටේ රණීය දණ්ඩනය ක‍්‍රියාත්මක වූ කාලයක් තිබුණ. ඒ කාලේ වුණත් මරණ දඬුවම ක‍්‍රියාත්මක වුනා කියල අපරාධ අඩුවීමක් සිදුවුනේ නැහැ. ඒ වගේම මරණීය දණ්ඩනය දැනට ක‍්‍රියාත්මකවන රටවලත් එම දඬුවම නිසා අපරාධ අඩු මට්ටමක තියෙනව කියල කියන්න බැහැ. එහෙත් සමහර රට වල දෙන අධික වදබන්ධන සහිත දඬුවම් නිසා එම රටවල අපරාධවල අඩුබවක් දකින්නත් තියෙන තියෙනව.

‘මෙම අපරාධ සිදුවන්නේ මරණ දඬුවම නොදෙන නිසා’ කියන කරුණ පිළිගැනීමට බැහැ. මරණ දඬවම දුන්නත් අපරාධ සිදුවෙනව. මේයට හොඳම උදාහරණ අපේ රටෙන්ම ගන්න පුළුවන්. පහුගිය රජය කාලයේදී අපරාධ කරන, මංකොල්ලකන, කුඩු ව්‍යාපාර කරන පාතල ලෝකයේ කියල හඳුන්වන අය නැති කරන්න ක්‍ෂණික ක‍්‍රමයක් භාවිත කෙරුවා. ඒක නීත්‍යානූකූල නොවන ක‍්‍රමයක්. ඒ අය කල්පනා කළේ නීතියෙන් මේක විසඳන්න බැහැ, ක‍්‍රියාවෙන්ම කරන්න  ඕන කියල පොලීසියට බලය දීලා තිබුණ ඒ අය හොයාගෙන ගිහිල්ල මරල දාන්න. ඒ අවස්ථාවේ 70 දෙනෙක් පමණ අත්අඩං`ගුවට ගත්තා. පුද්ගල ආරක්‍ෂාව යනුවෙන් දණ්ඬනීති සංග‍්‍රහයේ ඇති නීතිය පාවිච්චි කරල ඔවුන් මරලා දැම්මා. එම මරණ වල මහේස්ත‍්‍රාත් පරීක්‍ෂණයේදී පොලීසිය ඉදිරිපත් කරන කරුණු මිසක් භාහිර අයට කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලැබෙන්නෙ නැහැ. ඒ අනුව මහේස්ත‍්‍රාත්වරයා තීන්දු කරනවා සාධාරණ හා යුක්තිසහගත මරණයක් බවට. දැන් ගෙනෙන තර්කය නිවැරැුදි නම් ඒ කාලේ මිනීමරුම් අඩුවෙන්න  ඕනැ.

ඒ කාලේදි වරකාපොල රත්තරන් බඩු සාප්පුවක මංකොල්ලයක් සිදුවුණා. ඒ මංකොල්ලය සිදුවූ අවස්ථාවෙම වැටලීම් සිදුකර අත්අඩංගුවට ගැනීමට යෑමේදී සියලූ දෙනාම (4 දෙනෙක්* මරණයට පත් වුණා.  ඒ සිද්ධියෙන් හතර දෙනෙක් මැරණත්, ඊට දින හතරකට පමණ පසුව මහරගමදී රත්තරන් බඩු සාප්පුවක් කොල්ල කෑමක් සිද්ධ වුණා. කලින් මංකොල්ලයකදි හතරදෙනෙක් පමණ මරණයට පත්වුණා කියන එක ඒ මිනිස්සු ගණන් ගත්තෙ නෑ. රටේ අපරාධ අඩුවුනෙත් නෑ. පාතාල ලෝකයට එම දඬුවම් දුන්නත් පාතාලයේ කිසිකෙනක් එයින් මර්ධනය වුනේ නෑ. ඒ ආණ්ඩුව තමන් සතු බලතල අනිසි ලෙස පාවිච්චි කරමින් නීති විරෝධි ලෙසයි ඒ මැඩලීම් සිදුකෙරුවෙ. එහෙම කරලත් ඒ අපරාධ රැුල්ල නැති කරන්න බැරි වුණා. සැකකරුවන් අත්අඩංගුවට අරන් නීති මගින් දඬුවම් කිරීම අපරාධ අඩුකිරීමට ස්වල්ප පිළියමක් පමණයි. සියයට එකක් දෙකක් වගේ ප‍්‍රමාණයක් අඩුවෙන්න පුළුවන්. නමුත් එය ප‍්‍රශ්නයට විසඳුමක් නෙමේ. මේ සිද්ධීන් දාමයේදී ‘ඇයි මෙහෙම සිදුවුනේ’ කියල බලන්න සමාජයේ කිසිම උනන්දුවක් නෑ. මේ කාරණය නිසා සමාජය තුළ කැකෑරෙමින් එන ප‍්‍රචණ්ඩභාවය විතරයි පෙනෙන්න තියෙන්නෙ.

කොටදෙනියොවේ සිද්ධියෙදි දැරියගෙ වයසත්, මරණය කරලා තියෙන ආකාරයත්, කරල තියෙනව කියන දූෂනත් අනුව බලනවිට ලෝකෙ තියෙන කුරිරුම අපරාධයක්. ‘එවන් අපරාධ කරන්න මිනිස්සු පෙළඹෙන්නේ ඇයි?’ කියන කාරණය තමයි ඉතාම වැදගත් වෙන්නේ. ඒකට කුරිරු භාවයෙන්ම විසඳුම් හොයනවනම් සමාජයේ කුරිරු භාවය ව්‍යාප්ත වෙනවා මිසක් අඩුවීමක් ඇති කළ නොහැකියි. දැන් ජනතාව අතරට මේ සිද්ධීන් සමගම කුරිරූ භාවය ව්‍යාප්ත වෙලා තියෙනව. සමාජයේ මිනිස්සු පෙන්වන කුරිරු භාවයම තමයි ඒ වැරදි කරපු පුද්ගලයටත් තිබුණෙ. ඔහු ඒ කුරිරුභාවය සමාජයෙන් ගත්ත එකක්.

ඒ දැරිය අවුරුදු 5 ක දැරියක්. ඒ දැරිය මරපු මිනිහා අවුරුදු 5 දී කොයි වගේ කෙනෙක්ද? ඒ පුද්ගලයත් ඒ වයසෙදි අහිංසක පුද්ගලයෙක්. ඒ අහිංසක දරුවා අවුරුදු විසිතිස් ගණනක් යනතුරු කොහෙද හැදුනෙ. ඔහු හැදුනේ මේ සමාජය තුළමයි. ඒ මිනිහා බාල වයස්කාර දැරීයක් දූෂණය කර මැරුවා කියල, නැවත ඒ මිනිහව මරණ තැනට සමාජය ප‍්‍රචණ්ඩ භාවයෙන් හැසිරෙනවා නම්, ඒ ප‍්‍රචණ්ඩභාවය තියෙනතුරු ප‍්‍රශ්නයට විසඳුමක් වෙන්නෙ නෑ.

මේ සිද්ධියේදී පොලීසිය විසින් පාසැල් ශිෂ්‍යයෙක් හා තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්නවා. දැන් සමාජය මෙය ප‍්‍රශ්න කරමින් සිටිනවා. ඒ වගේම මාධ්‍යවල විශාල ප‍්‍රචාරයක් ගෙනයමින් ඉන්නවා ඔවුන් නීති විරෝධි ලෙස අත්අඩංගුවට ගත්බවට. ඒ අත්අඩංගුවට ගැනීම නීත්‍යානුකූලද? එහිදී නීතිය අවභාවිතයක් සිදුවී තියෙනවද?

අත්අඩංගුවට ගැනීම ගැන අපරාධ නඩු විධාන සංග‍්‍රහයෙම එයට ක‍්‍රියාපටිපාටියක් තියෙනව, එයට හේතු දක්වල. අපරාධයක් යම්කිවෙකු විසින් කෙරුව කියල පැමිණිල්ලක් තිබිය යුතුයි. එවැනි අපරාධයක් සම්බන්ධයෙන් කාගෙන් හෝ තොරතුරක් ලැබිය යුතුයි. එහෙමත් නැතිනම් පොලිස් නිලධාරීන් ඉදිරිපිටම අපරාධයක් සිදුවිය යුතුයි. එම කරුණු තුන පදනම් කරගෙන කෙනෙක් අත්අඩංගුවට ගැනීමට පුළුවන්. එහෙම නැතුව සැකය පදනම් කරගෙන අත්අඩංගුවට ගන්න බැහැ. ‘මගේ සිතට මේ මිනිහ සැකයි’ යන සිතිවිල්ල මත කෙනෙක් අත්අඩංගුවට ගන්න බැහැ. සැකයට පදනමක් තිබිය යුතුයි.

මේ සිද්ධියේදී එම පදනමෙන් බැහැරව සැකය මත පමණක්  පුද්ගලයන් අත්අඩංගුවට ගත්තා. ඒ පුද්ගලයා ඒ අසල සිටියා කියන කරුණ, පොන් එකේ අසභ්‍ය පින්තූර තිබුණා කියන කාරණය මත. ඒ කරුණු අදාල වෙන්නෙ නෑ. එහෙම සැක කරන්න පුළුවන්. එහෙම නම් ප‍්‍රශ්න කරල තහවුරු වුනේ නැත්නම් එම පුද්ගලයා මුදාහරින්න අවශ්‍යයි. නමුත් සිද්ධ වෙන්නෙ ඔහු සැක නිසා ඔහු ඒ දෙය කරා කියන මතය තමයි පිහිටන්නේ. ඒ නිසා පහර දීලා බය කරලා තමා මෙය කල බවට කියව ගන්න තමයි පොලීසිය උත්සාහ ගන්නෙ. අත්අඩංගුවට පත් වූ අය එහෙම වරදක් කරල නැත්නම්, ඔහුට පහර දීම වරදක් වෙනව. එතකොට  නිවැරදි පුද්ගලයෙක් හේතුවක් නැතිව වද හිංසාවකට ලක්වෙලා තියෙනවා. ඒක මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙනව.

ඒ වගේම කෙනෙක් අත්අඩංගුවට ගැනීමට පෙර අත්අඩංගුවට ගැනීමට හේතුව ඔහුට/ඇයට පැහැදිලි කර දිය යුතුයි. එසේ නොතිරීමත් මානව හිමිකම් කඩකිරීමක්.

මානවහිමිකම් ආරක්‍ෂා කිරීමේ නීති පද්දතියක් තිබියදීත් ඇයි එවන් නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් හා වද හිංසා පැමිණවීම් සිදුවෙන බවට වාර්ථා වෙන්නෙ?

නීතිය අකුරටම කරන්න අපහසුතාවක් අප සමාජයේ තියෙනව. මේ සමාජය හරිම ප‍්‍රචණ්ඩකාරියි. මෙම සිද්ධිය ආරංචි වූ වෙලාවෙම මිනිස්සු අතරින් මහා උද්ඝෝෂණයක් පැන නැගුණා. ‘කවුද මේක කෙරුවේ’, ‘වහාම අත්අඩංගුවට ගන්න  ඕනෑ’, ‘ඉක්මනින් නීතිය ක‍්‍රියාත්ම කළ යුතුයි’,  ‘නීතිය ක‍්‍රියාත්ම කරන අයට බැරිනම් අපිට බාර දෙන්න අපි දඬුවම් කරන්නම්’ වැනි දේවල් කියමින් සමාජය ප‍්‍රචණ්ඩකාරීව හැසිරුණා. ඒ හැසිරීම් මාධ්‍ය මගින් ප‍්‍රචාරය වෙද්දි පොලීසියට බලපෑම් ඇතිවෙනවා.  පොලීසියටත් සිදුවෙනවා ඉක්මනින් මේක හොයන්න  ඕන, කවුරුහරි අත්අඩංගුවට ගන්න  ඕන කියන සිතිවිල්ල. ඒ සමාජය විසින් බලපෑමක් එල්ල කරන නිසා. පොලීසිය කරපු දේ හරි කියනව නෙමෙයි. නමුත් එවැනි වැරදි දෙයක් කරන්න සමාජයෙන් බලපෑමක් ඇවිල්ල තිියෙනව. එක පැත්තක විතරක් නෙමෙයි. දෙපැත්තෙම වැරදි තියනව. පොලීසිය වගේම සමාජයත් ඒ වැරැුද්ද කරල තියෙනව. සමාජය ප‍්‍රචණ්ඩ නූනනම්, පොලීසිය ප‍්‍රචණ්ඩ වෙන්නෙ නෑ. පොලීසිය හෙමින්සැරේ නිවැරදි අපරාධකරු සොයනවා.

මේ දිනවලම අපරාධ කිහිපයක් සිදුවුණා. හෝමාගම ළමයෙක් කපල කොටල මැරුවා. දින කීපයකින් සැකකරු සොයා ගත්තා. මාතලේ වලව්වක උපාධිධාරී තරුණියගේ සැකකරු අත්අඩංගුවට ගැනීමට මාස කීපයක්, අවුරුද්දක් තරම ගත වුණා. හික්කඩුවෙ බිරියයි, දරුවවයි මුහුදට දැම්ම සිද්ධියෙත් සැකකරු දින කීපයකින් සොයාගත්තා. සැ`ගවී යන අපරාධ අපේ පොලීසිය විසින් සොයාගෙන තියෙනව. පොලීසියට ඒ දක්‍ෂකම තියෙනව. පොලීසියට නිදහස තියෙන්න  ඕන පරීක්‍ෂණ කරල වැරදිකරුවන් අත්අඩංගුවට ගැනීමට. සමාජයෙන් අනිසි බලපෑම් කරනවිට අපරාධකරුවන් සොයන්න නිදහස නැතිවෙනව.  නිලධාරියාට තියෙන බලපෑම නිසා එයා වරදකුත් කෙරුවා. සමාජයෙන් ආව පීඩනය නිසා එම නිලධාරියා ඒ වරදට ගොදුරු වෙනව. එසේ නොවිය යුතුයි. ඒත් එම වගකීමේ කොටසක් සමාජයටත් තියෙනව.
කොටදෙනියාව දැරියගෙ සිද්ධියට අසාමාන්‍ය විදිහට මාධ්‍ය ප‍්‍රචාරයක් ලැබුණ. ශිෂ්ඨ සාමාජයකට ඉදිරිපත් නොකළයුතු දර්ශන පවා මාධ්‍ය හා සමාජ වෙබ් අඩවිවල පවා තිබුණ. මියගිය දරුවාට නින්දාවන ජුගුප්සාජනක දර්ශන පවා ප‍්‍රචාරය කර තිබෙනව. එම ක‍්‍රියා පිළිබඳව දරණ අදහස?

එය නොසිදුවිය යුතුයි. මාධ්‍යයට යම් ආචාරධර්ම පද්දතියක් තියෙනව. ඒවා පිළිපැදිය යුතුයි. දැඩි පිළිකුලක්, දැඩි කම්පනයක්, දැඩි කෝපයක් ඇතිවෙන විදිහට පුවත් පළකිරීමෙන් මාධ්‍ය කලාව ව්‍යාපාරයක් කරගන්නේ නැතුව ආචාරධර්ම වලට යටත්ව එය කළ යුතුයි. මනුෂ්‍යත්වයට ගරු කිරීම කළ යුතුයි. නමුත් එම සිදුවීම වර්ණනා කරමින් නැවත නැවතත් විකාශය කිරීමක් සිදුවුණා.

මීට පෙර යාපනේදී ¥ෂණයකට ලක්වී ඝාතනය වූ දැරියගේ සිද්ධියේදීත් මාධ්‍යය මේ දේම සිදුකෙරුව. එය පවුලේ සෙසු සමාජිකයන්ට කර එක්තරා විදිහක අපහාසයක්. ඇයි මනුෂ්‍යභාවයට එහෙම ගරු කරන්නෙ නැත්තෙ?  ඊට පසු සමාජය ඔවුන් හඳුන්වන්නේ ¥ෂණය වූ ළමයාගේ ඥාතීන් හැටියටයි. එය ජීවිතය තියනතුරු ඔවුනට කැළලක් වෙනව. එය නැවත නැවතත් මතකයට ඒමෙන් විඳදරා ගැනීමට නොහැකි දෙයක් බවට පත්වෙනව. මාධ්‍ය ආචාරධර්ම විශේෂයෙන්ම පිළිපැදිය යුතුයි.

ඉන්දියාවෙදි බස්රථයක ගමන් කළ තරුණියක් ¥ෂණය වීමේ සිද්ධියේදී, එවන් සිද්ධියක් සිදුවුනා යයි කීම හැර වෙනත් කිසිම තොරතුරක් මාධ්‍යය මගින් පළ කෙරුවෙ නැහැ. ඒ තරුණියගේ අනන්‍යතාවය හෙළිනොකිරීමට ඔවුන් වගබලා ගත්තා. එහි නඩුවාර්ථා පමණක් මාධ්‍යවල පළ වුණා. ඔවුන්ට හැකියාවක් තිබියදී පවා ඡුායාරූපයක්වත් පළ කෙරුවෙ නැහැ.

මෙවන් ළමා අපචාර ගැන පුන පුනා කතාකරන මාධ්‍යයම,  විදේශවලින් කොපිකර ලංකාවේ ප‍්‍රතිනිර්මාණය කරන ‘රියැලිටි ෂෝ’ වැනි වැඩසටහන් වලදී ළමයින් යොදාගෙන, ළමයින් ළමාවිය ඉක්මවූ පිරිසක් හැටියට සමාජය ඉදිරියේ ප‍්‍රදර්ශනය කරනබව පේනවා. ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් පවා ළමයෙකුට අයත් සංවරබවක්, ළමාකමක් ගන්නෙ නැහැ. එයත් මේ ළමා අපචාර, ¥ෂණ වලට බලපෑමක් ඇතිකරන බවක් හැෙ`ගනවා. ඒ පිළිබඳව ඔබ දක්වන අදහස?

ළමයෙක් තුළ සහජයෙන්ම තියෙන සංවරභාවය, ළමයෙක් තුළ තියෙන අහිංසකත්වය පිළිබිඹු වෙන විදිහට තමයි ළමයෙකුගේ ඇඳුම් සකස්විය යුත්තේ. විවිධ වැඩසටහන්වලදී ළමයාගේ සහජ දක්‍ෂකම පෙන්වන අතරතුරදී වැඩිහිටි මිනිසුන්ගේ ඔළුවේ තියෙන රූපවලට ගැලපෙන විදිහට තමයි ළමයින්ගේ ඇඳුම් සකස් කරන්නෙ. ඒ ඇඳුමට ළමයගෙ වයසට වඩා පෙනුමක් ඇති වෙනවා. ඒ ඇඳුම නිසා ළමයා කෙරෙහි මිනිස්සුන්ට ඇතිවිය යුතු ආදරණීය හැ`ගීමට එහා ගිය හැ`ගීමක් ඇතිවෙනව. ළමයෙක් කියන හැ`ගීම නෙමෙයි ඇතිවෙන්නෙ. හැ`ගීම් අවුස්සන ආකාරයේ රූප හිතාමතාම ප‍්‍රදර්ශනය කරනවා.

ළමයි යොදාගෙන එහෙම වැඩසටහන් කරන එකත් වැරදියි. මේක ආරම්භවුනේ දැන්වීම්වලට ළමයි යොදාගැනීම තුළින්. ළමයි යොදාගෙන කරන මේ වෙළඳ ප‍්‍රචාර නැවැත්වීමට හෝ යම් ප‍්‍රමිතියක් ඇතිකිරීමට තවම කිසිම රජයකට නොහැකිවී තියෙනව. එය වහාම කළයුතු කාර්යයක්. ඇතැම් රටවල දැන්වීම් සඳහා ළමයින්ව යොදාගන්්නෙ නැහැ. ප‍්‍රසාංගික වැඩසටහනකට වුණත් ළමයෙක් යොදා ගන්නෙ ඉතාම පරිස්සමින්. ළමයා ළමයෙක් විදිහට ඉදිරිපත් කිරීමක් තමයි ඔවුන් කරන්නෙ. මිනිසුන්ගේ හැ`ගීම් අවුස්සන දේවල් වලට ළමයි යෙදාගන්නේ නැහැ. ඔවුන් ඒවාට කියන්නේ දැන්වීම් කලාව, මාධ්‍ය කලාව කියල. එහෙත් ඔවුන් කරල තියෙන්නෙ සමාජයේ හිත් ¥ෂිතකිරීමක්. නීති මගින්ම පමණක් නොවෙයි මිනිස් සිත් තුළින්ම, දැනුම්වත්භාවය මගින්ම මෙය වෙනස් කිරීමක් සිදුකළ යුතුයි.

ළමයින් ¥ෂණය කර මරා දමන තරමට අපේ සමාජයේම මිනිසුන් පතවෙන්නේ කොහොමද? එය නැති කළ හැක්කේ කෙසේද?

ළමයි ¥ෂණය කර මරා දාන තත්ත්වයට මිනිස්සු පත්වෙන්න, ගෙදරදි, පාසලේදී හා සමාජයේ දී වූ පුරුදු පුහුණු කම් තමයි බලපාන්නේ. ඔවුන්ව ඒ තත්ත්වයට නිර්මාණය කර තියෙනවා. අප විසින් නැති කළ යුත්තේ එසේ මිනිසුන් බිහිකරන සමාජ වටපිටාවයි. ඒක නැති කරන්න ලේසියෙන් බෑ. ගෙදරදි කොහොමද ළමයෙක්ගේ ආකල්ප වර්ධනයක් කරන්නෙ, පාසලේදී කොහොමද ආකල්ප ගොඩනැගීමක් කරන්නෙ, ආයතන වලදී හා සමාජයේදී කොහොමද මිනිසුන් තුළ ආකල්ප වර්ධනයක් ඇති කරන්නේ කියා අපි සිතා බැලිය යුතුයි. ඒ පිළිබඳව අපිට සැලැස්මක් නෑ.

ළමයින් වෙනුවෙන් මොනවද කරන්න  ඕනෙ? ස්ත‍්‍රීන් වෙනුවෙන් මොනවද අනුගමනය කරන්න  ඕනැ කියල සැලසුමක් තිබිය යුතුයි. එවන් සැලසුමක් ඇත්තේ නැහැ. එහෙම කරනතාක් කල් සමාජයේ මේ වැනි සිද්ධීන් සිදුවීම නොවැළැක්විය හැකියි. මේ හැඩගැසීම මූලික අධ්‍යාපනයේ සිට, නිවසේ සිට ගොඩනැගිය යුතුයි.

කසාද බඳිනකොට සහතිකයක් දෙනවා. ජූනි මාසෙදි නිවසට ඡුන්ද පත‍්‍රිකාවක් එනවා. කසාද බඳින කොට අවම වශයෙන් උපදේශාත්මක පත‍්‍රිකාවක්වත් දෙන්නෙ නෑ. ඔබ කසාද බැඳල,  ස්වාමියා සම`ග ජීවත්විය යුතතේ මේ විදිහටයි, බිරිඳව කැඳවාගෙන් ගිහිල්ලා, ඇයට සැලකිය යුත්තේ මේ විදිහටයි, දරුවෙක් ලැබුණ විට දරුවාට සැලකිය යුත්තේ මේ ආකාරයටයි ආදී වශයෙන් උපදේශක පති‍්‍රකාවක් වත් දෙන වැඩපිළිවෙලක් නෑ. අඩුම වශයෙන් පොත් පිංචක්වත් නැහැ. කතෝලික ආගමේ පල්ලියෙන් විවාහවන නව යුවතිපතීන් සඳහා උපදේශන පංති මාලාවක් පැවැත්වෙනවා. එය ආගමික වාරිත‍්‍ර පදනම් කරගෙන කෙරෙන්නක් වුවත් සමාජ හිතකාමී ක‍්‍රියාවක්. මනුෂ්‍යයා තුළ ඇතිවන ප‍්‍රචණ්ඩත්වය බැහැර කිරීමේ අධ්‍යාපන ක‍්‍රමයක් අවශයයි. එය විධිමත් අධ්‍යාපනයට පෙරසිටම තිබිය යුතුයි. ඒ ගැන තවමත් කල්පනාකර නැති එක අඩුපාඩුවක් ලෙසයි දකින්නේ.

අත්අඩංගුවට ගැනීමේදී හා අත්අඩංගුවට ගත් පුද්ගලයන් නිවැරදි සැකකරුවන්ද කියා ඇතිවන ගැටළු නිරාකරණය කර ගන්නේ කෙසේද?
එය පෙරට වඩා පහසුවන වටපිටාවක් නවීන තාක්‍ෂණය අනුව වර්ථමානයේදී ඇති වී තිබෙනවා. සී.සී.ටී.වී කැමරා මගින් ඉතා වැදගත් හා නිවැරැුදි තොරතුරු සොයාගන්නා අයුරු පසුගිය වකවානුවේ දී අප දුටුවා. ඒ වගේම ඞී.එන්.ඒ. තාක්‍ෂණය මගින් විද්‍යාත්මක තොරතුරු උපයෝගී කර ගැනීමට හැකියාවක් තියෙනවා. පොලිස් සුනඛයන්ද විශාල සේවය කරනවා. පොලීසියේ ‘සොකෝ’ නමින් පුහුණු කරන ලද ඒකකයක් තියෙනවා, විද්‍යාත්මක පරීක්‍ෂණ කිරීමට. ඇ`ගිලි සළකුණු සන්සන්ධනය කර බැලීම පෙර සිටම පැවති ක‍්‍රමයක්.

මේ විද්‍යාත්මක ක‍්‍රම අනුගමනය කරනවානම් සැකකරුවන්ට පහර දී කටඋත්තර ලබාගත යුතු වන්නේ නෑ. එම විද්‍යාත්මක සාක්‍ෂි ගැලපුණ විට සැකකරුවෙකුට තමා එම කටයුත්ත නොකළ බව කියන්නත් බැහැ.  එය උසාවියෙදිත් පිළිගැනීමකට ලක්වෙනවා. එවිට නිවැරැුදි කරුවෙකු පිට වැරැුද්ද බලෙන් පැටවීමක් කරන්න බැහැ. පොලීසිය ඉක්මනින්        වැරැුදිකරුවෙකු සොයාගැනීමට කලබල වෙනවාට වඩා සිද්ධියකදී පරේයේෂණ මගින් නියමිත වැරදිකරුවා සොයාගැනීම වැදගත් වෙනවා. සමාජ බලපෑම නිසා පොලීසියටත් අවශ්‍ය ඉක්මනින් කවුරුන් හෝ අත්අඩංගුවට ගෙන ඔහු සැකකරුවා කිරීමටයි.

පොලීසියේ පහර දීමට බියෙන් යම් සිද්ධියකට වැරදි කරු බව පිළිගත් පුද්ගලයෙකුට, උසාවියේදී පොලීසියේ දී දුන් කටඋත්තරය වෙනස් කළ හැකිද?

පුළුවන්. තමාට පහර දෙන නිසා තමා පොලීසියට අවශ්‍ය කටඋත්තරයක් දුන් බව උසාවියේදී කියන්න පුළුවන්. උසාවිය පිළිගන්නේ උසාවියේ දී දෙන කටඋත්තරයයි. පොලීසියේ දී දෙන කටඋත්තරය වැඩිදුර පරීක්‍ෂණ කරගෙන යෑමට පොලීසියට උපයෝගි වෙනව. එහිදී පහරදී හෝ සත්‍ය හොයාගෙන ඔහු සැබෑ වැරදි කරුනම් අර පහරදීම් යටපත් වී වැරදිකරු කෙරේ නීතිය ක‍්‍රියාත්මක වීම මතුවෙනවා.
කොටදෙනියාවේ පාසල් ශිෂ්‍යා අත්අඩංගුවට පත්වීම පිළිබඳව සමාජයේ කථිකාවතක් ගොඩනැගුනත් නීති විරෝධීව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම නිතර සිදුවන දෙයක්. ඒ ගැන හඬක් නැගෙන්නේ නෑ.

පොලීසිය කෙනෙක් අත්අඩංගුවට ගත් විට නීතිවිරෝධි ලෙස ඔහුට සලකනවා. ඉතාමත් අපහාසාත්මක ලෙස බනිනවා. පහරදීම් කරනවා. ඔහු අපරාධ කරුවෙක් ලෙස තීරණය කර තමයි පරීක්‍ෂණ ආරම්භ කරන්නෙ. නීතිය අනුව නීතියෙන් අපරාධ කරුවෙක් බවට තීන්දු කරන තුරු ඔහු හෝ ඇය නිවැරදිකරුවෙක්. එහෙත් නීතිය හමුවට ගෙන ඒමට පෙර පොලීසියේදී සිද්ධ වෙන්නෙ ඒකෙ අනික්පැත්ත. ‘මේ අපරධාය කෙරුවෙ උඹ, වැරැුද්ද පිළිගනින්’ කියලා වැරැුද්ද පිළිගන්නා තුරු පහර දීමක් සිදු කරනවා.
ඉස්සර තරම් දැන් පොලීසිය දරුණු විදිහට ක‍්‍රියාත්ම වෙන්නේ නෑ. මානවහිමිකම් පිළිබඳ නීති රීති ගැන සමාජය දැනුම්වත් නිසා. ඉස්සර බාල්කවල එල්ලලා මිරිස් දුම් ගස්සනවා. වෘෂණ කෝෂ ලාච්චුවෙදාලා ලාච්චු වහලා වද දෙන බව පැවසෙනවා. ඒ පිළිබඳව නඩු විභාගයකත් සඳහන් වෙනවා.

විශ්ව විද්‍යාලයන්හි සමාජ විද්‍යාපීඨ වලින් හෝ සමාජ අධ්‍යයන කණ්ඩායම් වලින් හෝ මේ ඇති වී ඇති තත්ත්වය ගැන අධ්‍යයනයක් කරීමක් දක්නට නැතිබවයි පෙනෙන්නේ. එසේ අධ්‍යයනයක් කරනවා නම් මේ තත්ත්වය ඇතිවීමට පසුබිම සොයා ගැනීමට උපකාරී වෙනවා නේද?
අත්තෙන්ම මෙවන් තත්ත්වයක් තුළ සමාජ සමීක්‍ෂණයක් අත්‍යඅවශ්‍යයි. එහෙත් එහෙම කෙරන ආකාරයක් දකින්න නැහැ. විශ්ව විද්‍යාල ආචාර්ය වරුන් මූලික වී සිසුන් සම්බන්ධ කරගෙන හෝ වෙනත් උසස් අධ්‍යාපන පීටවල ඇදුරුතුමන්ලා ඇතුළු ශිෂ්‍ය පිරිස හෝ මේ පිළිබඳව උනන්දුවක් දක්වන උගත් පිරිස් විසින් සමීක්‍ෂණයක් කළයුතුම වෙනවා.

මේකට විසඳුම් ලෙස අධ්‍යාපන ක‍්‍රමය වෙනස් කළ යුතතේ කෙසේද? කියා සෙවිය යුතුයි. මේ ප‍්‍රචණ්ඩභාවය සමාජයට ආවේ කොහොමද? කියා සෙවිය යුතුයි.

මෙවන් තත්ත්යක් නිර්මාණය වෙන්න බලපෑ සමාජ කාරණා මොනවද? එහි වගකීම පැවරෙන්නේ කාටද?

යුද්ධයත් සමග මෙවන් තත්ත්වයක් ඇතිවීමට සමාජ බලපෑමක් සිදුවුණා. යුද්ධයෙදී මළකඳන් දැකල, මරණවා දැකල, කම්පනයක් ඇතිවුණා. මාධ්‍ය මෙය ඉදිරිපත්කළේ ජනතාව තුළ ආශ්වාදයක් ඇති වෙන ආකාරයටයි. සිංහල අය මෙපමණ මැරුණා කියන විට පිරිසකට ආශ්වාදයක් ලැබෙන අතර, දෙමළ අය මෙපමණ සංඛ්‍යාවක් මැරුවා කිව්වාම තවත් පිරිසක් ආශ්වාදයක් ලැබුවා. අඩු සංඛ්‍යාවක් මරුණොත් එහෙම එය ගණන් ගන්නෙ නැති තත්ත්වයකට පත්වුණා. මේ තුළින් ප‍්‍රචණ්ඩභාවය සමාජයේ පැලපදියම් වෙලා. මෙය අධ්‍යයනය කළ යුතුයි. මෙය අධ්‍යයනය කර ඉක්මනින් විසඳුම් නොයෙදුවොත් මේ වගේ ¥ෂණ ක‍්‍රියා ඉස්සරහටත් සිදුවීම වළක්වන්න බෑ. ඒ පිළිබඳව වගකීම ඇත්තේ සමාජයටමයි.

කොටදෙනියාවේ සිද්ධිය හුවා දැක්වන වකවානුවේම ඒ හා සමාන, ඊටත් වඩා දරුණු සිද්ධීන් දිවයිනේ විවිධ ප‍්‍රදේශවල සිදුවුණා. අතුරුගිරිය පොලිස් වසමේ පනාගොඩ අවුරුදු 10 ක කරුවෙක් කපාකොටා මැරීම,     මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ මව හා පියා කපා කොටා මරා දියණියව පණපිටින් ළිඳකට දමා මැරෙන්න සැලැස්වීම. එය මොනතරම් සහාසිකද? ඒ දියණිය අසරණව, මරණ බියෙන් දුක්විඳ මරණයට මුහුණ දුන් ආකාරය කොතරම් අමානුෂිකද? හික්කඩුව ප‍්‍රදේශයේදී තම භාර්යාව හා දරුවා මුහුදට තල්ලූ කිරීම. මනුෂ්‍යයෙකුට එවන් වැඩක් කිරීමට පුළුවන්ද? කියා ප‍්‍රශ්නයක් පැනනගිනව. ‘මේ වගේ මිනිසුන් සමාජය විසින් නිර්මාණය කරන්නේ ඇයිද?’ කියන එකයි ප‍්‍රශ්නය. මේ වගකීම සමාජයට කිසිසේත් පැහැර හරින්න බැහැ. මරණ දඬුවම ගෙනාවා කියල මේ ප‍්‍රචණ්ඩභාවය නැති කරන්න බැහැ.

පසුිගියදා මරණ දඬුවම ගෙන්න පාර්ලිමේන්තුවේදී යෝජනා කර තිබෙනවා. එම යෝජනාව ස්ථිරවුවහොත් එය සමාජය ලබන ජයග‍්‍රහණයක් ද?

එම යෝජනාව ගෙනා ආකාරයේම වැරැුද්දක් තියෙනව. ඒ යොජනාව ඉදිරිපත් කරනනේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය. එයා කිසිසේත් සුදුසු නෑ මෙවැනි යෝජනාවක් පාරලිමේන්තුවට ගේන්න. හේතුව එතුමියගේ පියාගේ ඝාතයන පිළිබඳ නඩුවක් විභාග වෙමින් තියෙනව. සිය පියාගේ මරණයේ විත්ති කරුවන් වැරදිකරුවන් වුවහොත් ඔවුන්ට මරණ දඬුවම ලබා දීමේ චේතනාව ඇයට තියෙනව කියා සැක කළහැකියි. එසේ නොතිබුණත් සමාජයට සැකකිරීමට අවකාශයක් තියෙනව. අවශ්‍ය නම් එවැනි යෝජනාවක් වෙන අයෙකුට ගෙන ඒමට හැකියාවක් තියෙනව. මරණ දඬුවම සඳහා අලූතෙන් පනත් නැතත් දැනට අනුමත පනත් අනුව ජනාධිපතිතුමා මරණීය දණ්ඬනය අනුමත කරනවා නම් එල්ලූම්ගස ක‍්‍රියාත්මක කළ හැකියි. මරණ දඬුවම ක‍්‍රියාත්මක නොකරන බවට සම්මුතියකට ලංකාව අත්සන් තබා තියෙනවා. නමුත් එය අපරානුමැතිය කර නැහැ. එය සම්පූර්ණ වීමට නැවත ස්ථිර කර අනුමත කළ යුතු වුවත් එසේ කර නැහැ.
එම යෝජනාව ගෙනා අවස්ථාවේදී විදුලිබල හා පුණර්ජීවන බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරුන්වන අජිත් පී. පෙරේරා මහතා හා ළාත් සභා හා පළාත් පාළන නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන යන මන්ත‍්‍රීවරුන් එයට විරුද්ධව කතා කරනවා දැක්නට ලැබුණා.
ඔවුන් එහි ඇති නිෂිඵලත්වය දකින්න ඇති. එවැනි යෝජනාවක් ගෙනඒමම සමාජ ප‍්‍රචණ්ඩභාවයේ කොටසක් ලෙස සැලකිය හැකිය. කොහොම වුණත් නීතිප‍්‍රකාරව ජනාධිපතිතුමා මරණ දඬුවම අනුමත් කරමින් අත්සන් කළ යුතුයි. එක්සත් ජාතීන්ගේ සම්මුතිය අනුව මරණ දඬුවම පිළියමක් නොවේ කියන එක ලෝකය පිළිගත් දෙයක්. එවැනි අපරධකරුවන් නිර්මාණය වීම වැළැක්වීමේ උපක‍්‍රම සහිත සමාජක් නිර්මාණය කළ යුතුයි.

කොතරම් ආර්ථික අගහිග කම් මැදවුවත්, යහපත් ලෙස ඉදිරියට ගලා ගිය සමාජයට, ‘71 අපේ‍්‍රල් කැරැුල්ලත්’, ‘89 භීෂණකාරී වාතාවර්ණයත්’, ‘උතුරේ ඊ්ලාම් අරගලයත්’ යම්කිසි ප‍්‍රකම්පනයක් ඇති කෙරුවා කියන මතය පිළිබඳ අදහස කුමක්ද?

ඇත්ත වශයෙන්ම එහෙම තත්ත්වයක් ඇති වුණා.  71, 89 දකුණෙත්, 83 උතුරෙත් උග‍්‍ර ප‍්‍රචණ්ඩභාවයක් ඇති වුණා. අයුධ ගත්ත පිරිස් තමන්ට විරුධයයි හිතෙන පිරිස් කිසිදු වගවිභාගයකින් තොරව මරණයට පත් කෙරුවා. රජය ත‍්‍රස්තවාදීන්යයි සැක කළ පමණින් ඔවුන් මරණයට පත්කෙරුවා. මහ මග මරලා දාලා ටයර් දාලා පිච්චුවා. ඒ තුළ ඉතාම භිහිසුනු තත්ත්වයක් ඇති කෙරුවා.

දකුණේ කණ්ඩායම් කිව්වේ, ‘ජනතාවගේ විමුක්තිය සඳහා, පීඩනයට විරුද්ධව, දේශපාලන නිදහස ලබැගැනීමට මේ දේවල් කෙරුවා කියලා. උතුරේ කණ්ඩායම් කිව්වේ ද්‍රවිඩ ජනතාවගේ විමුක්තිය සඳහා මේ දේවල් කරනවා කියලා.

දේශපාල නිදහස දිනා ගැනීමට විප්ලවවාදී ක‍්‍රියා කිරීම වැරදි නැහැ. එවැනි තත්ත්යවක් සමාජ විසින් ඉල්ලා සිටිය යුතුයි. හැ`ගීම් ඒ තත්ත්වයට මෝරා තිබිය යුතුයි. එය ඓතිහාසිකව නිවැරදියි. එය ඉබේ ගොඩනැගිය යුතුයි. එවැනි ගොඩනැගීමක් සිදුවිය යුත්තේ, සමාජයෙන් වෙන්වූ කල්ලියක් විසින් නොවෙයි. එය පොදු මහජනතාවගේ උවමනාවක් විය යුතුයි. එහිදී කණ්ඩායමකට මූලිකත්වය ගත හැකියි. එහෙත් එහෙම දෙයක් සිදුවුනේ නැහැ. හැම කණ්ඩායමකට වැරදුන තැන තමයි බලය ලබා ගැනීමේ ක‍්‍රියාවලියට ප‍්‍රචණ්ඩභාවය, ඝාතනය, භීෂණය, දඬුවම් කිරීම එකතු කිරීම. ඒවා ඔවුන් ක‍්‍රියාවෙන්ම පෙන්නුවා, මිනිස්සු කපා කොටා හිංසා කර මරාදැමීම තුළින්. ප‍්‍රභාකරන් ද්‍රවිඩ ජනතාවගේ විමුක්තිය සඳහායයි කියමින් නිරායුධ මිනිසුන්, අහිංසක දරුවන් පවා කපා කොටා මරණයට පත්කළා. මොවුන් පාවිච්චි කෙරුවෙ ඝාතනය හා ප‍්‍රචණ්ඩභාවය.

ඝාතනය හා ප‍්‍රචණ්ඩභාවය දේශපාලන උවමනාවක් සඳහා පාවිච්චි කරපු කිසිම සංවිධානයක් ලෝකයේ පැවතිලා නෑ. පවතින්න බැරි වුණා. ඔවුන් මහජනයා තුළින්ම ප‍්‍රතික්‍ෂේප වුණා. දැනට ලෝකයේ නොයෙක් රටවල පවතින ත‍්‍රස්තවාදී සංවිධාන වුවත් වැඩිකල් පවතින්නේ නෑ. ඔවුන් එම ඝාතනය කරනනේ ජනතාව මෙම සංවිධානවලට අවනත කරගැනීම සඳහා. ජනතාව ඔවුන්ට ඇති බියටම අවනත වීමක් ඔවුන් බලාපොරොත්තු වෙනවා. ලංකාවේ උතුරේ සහ දකුණේ එය සිදුවුණා. ඔවුන් හිතනවා ප‍්‍රචණ්ඩත්වය තුළින් ඉක්මණින් දේශපාලන බලය ලබාගත හැකියි කියල.   එහෙත් එසේ කරන්න බැහැ. බයට කැමති වෙන පිරිසත් අන්තිමේදී මෙම කි‍්‍රයාවනට විරුද්ධ වෙනව. එම සංවිධාන විනාශ කිරීමේ බලවේග වලට ඔවුන් උදව් කරනවා. කොටි ත‍්‍රස්තවාදීන් විනාශ වීගෙන යන විට ජනතාව ඔවුන් හැර ගියා. විජේවීර ඝාතනය කළ අයුරු වැරදි වුවත්, එසේ කෙරුවා කියල ජනතාවගේ උද්ඝෝෂණයක් තිබුණෙ නෑ. මිනිස්සුත් යටි හිතෙන් කැමති වුණා කරදරයක් ඉවර වුණා කියල. හැම ප‍්‍රචණ්ඩ කණ්ඩායමකටම අත්වෙන ඉරණම ඉතිහාසය විසින් ඔප්පු කර අවසන්. එවන් ප‍්‍රචණ්ඩකාරී දේශපාලන සංවිධානයකට මෙන්ම, ප‍්‍රචණ්ඩත්වයෙන් පාළනය ගෙන යන රජයකටත් පැවැත්මක් නෑ. මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව පරාජය වීමට ප‍්‍රධාන හේතුවක් වූයේද ප‍්‍රචණ්ඩත්වයයි. එම රජයට විරුද්ධ මිනිසුන් මරුවා. අතුරුදහන් කෙරුවා. බියෙන් ත‍්‍රස්ත කරගෙන පාලනය ගෙනියන්න හැදුවා. නීතියත් ඔවුන් අතට අරගත්තා. නීතියත් අතට අරගෙනම ප‍්‍රචණ්ඩත්වය දියත් කළා. එයම පරාජයට හේතුවක් වුණා.

මනුෂ්‍යත්වය නොමැති නම් එවන් විප්ලවවාදී සංවිධාන කරන්නේ දේශපාලනයක් නෙමෙයි. එය මනුෂ්‍යයාගෙන් ප‍්‍රතික්‍ෂේප වෙනවා. අද ලෝකයේ විප්ලවවාදී කණ්ඩායම් යථාර්ථයක් නෙමෙයි. විප්ලවාවාදී කියන වචනය ඔවුන් පාවිච්චි කෙරුවත් ඔවුන් ඝාතනවාදීයි. මිනිසුන් ස්වභාවයෙන්ම ප‍්‍රචණ්ඩත්වයට කැමති නැහැ. මනුෂ්‍යයෙක් තවත් මනුෂ්‍යයෙකුට හිංසා කිරීමේ අදහසක් මූලික මනුෂ්‍යයා තුළ නැහැ. එය පසුව සමාජය තුළින් ඇති වෙන්න පුළුවන්.

උද්ඝෝෂණය කිරීම, අයිතිවාසිකම් දිනාගැනීම, අසාධාරණයට පිටුදැකීම වැරදි නැහැ. වරදක් සිදුවෙනවා නම් ඒවාට විරුද්ධ වියයුතුයි.
කුඩා කල සිටම අපි දරුවෙකුට කොතරම් ආදරය කරනවද? ඔහු ඒ ආදරයත් සම`ග සමාජය තුළ වැඩෙනවා. ඔහුව පිටුදකින්න පටන්ගන්නේ ඔහුගේ ප‍්‍රචණ්ඩත්ය උඩයි.

සෑම ආගමක් දර්ශනය වී ඇත්තේ මිනිසුන් එකිනෙකාට කරදරයක්, හිරිහැරයක් නොවී සහජීවනයෙන් ජීවිතය ගෙනයාමයි. එකිනෙකාට අවශ්‍ය උදව් උපකාර කරමින්, පිහිටවෙමින් ජීවත්වන යහපත් සමාජයක් ඇති කිරීමයි. අප රටේ ප‍්‍රධාන වශයෙන් බෞද්ධ, කතෝලික, මුස්ලිම් හින්දු යන ප‍්‍රධාන ආගම් හතර ඇතුළුව තවත් ආගම් හා ඇදහීම් කිහිපයක් තියෙනව. අනෙක් ආගම් ගැන මෙහිදී ප‍්‍රශ්න කිරීමක් කරන්නෑ. එය සාදාචාරත්මක නොවන නිසා.

බහුතර භික්‍ෂු සමාජය අද ක‍්‍රියාකරන්නේ ජාතිවාදය වපුරන්න, නැත්නම් තමන් කැමති පක්‍ෂය හෝ පුද්ගලයා බලයට පත්කරන්න. එසේ පත්කර වරප‍්‍රසාද ලබාගන්න. යානවාහන ගෙන සුඛෝපභෝගී ජීවිත ගක කරන්න. බෞද්ධ දර්ශනය රැුකගැනීම හා එහි ඉදිරි පැවැත්ම ආරක්‍ෂ කිරීමට බාරව සිටින භික්‍ෂුව තම කාර්යභාරය නිසි අයුරින් ඉටු කරනවද?  ඔවුන් හරියට දහම් දැනුමක් සමාජයට දෙනවද? සමාජය ධර්මානුකූල සමාජයක් කිරීමට මහන්සි ගන්නවද? ඔවුන් සිය වගකීම් පැහැර හැරීම නිසා මේ සමාජ ව්‍යසනයට ඔවුන්ද වගකිව යුතුයි නේද?

ඇත්තනේම භික්‍ෂු සමාජයට කිසිසේත්ම තම වගකීම පැහැර හැරීමේ චෝදනාවෙන් ගැලවෙන්න බැහැ. ඔවුන් සිය වගකීම පැහැර හැරීමේ චෝදනාවට නිතැතින්ම ලක්වෙනව. ඔවුන්ට චෝදනා කළ යුතුමයි. යම් පුද්ගලයෙක් තුළ තමන් උපන් ආගම කෙරේ, තමන් ඇලූන ගැලූන ආගම කෙරෙහි බැඳීමක් ගෞරවයක් ඇති වෙනව. ඒක මේ අය වැරදි විදිහට පාවිච්චි කරනවා. තමන් ද මනුෂ්‍යත්වයෙන් මිදිල, ආගමේ ඉගැන්වීම් වලට පටහැනිව සුඛෝපභෝගීව ජීවත් වෙන්න බලනව. ඔවුන් තන්හාවෙන් පරිභෝග වැඩි වැඩියෙන් ලබාගන්නවා පමණක් නොව සමාජය තුළ ප‍්‍රචණ්ඩත්වය වැඩි කරීමටත් උදව් දෙනව.

අද හාමුදුරුවරු මොකක් හරි ප‍්‍රශ්නයකදි එකතුවෙලා උද්ඝෝෂණ කරනව. උද්ඝෝෂණ කරන විලාශය දැක්කම හිතෙනවා ඒ අය ප‍්‍රචණ්ඩභාවයකින් ඒ දේ කරනව කියල. ඔවුන් එසේ හැසිරෙනවා නම් ඔවුන් ආගමට අයිති අය නෙමෙයි. මොන ආගමේ වුණත් එහෙමයි. බෞද්ධාගමේ නම් විශේෂයි. එහෙම වෙන්නම බෑ. ආගම කියල අද කියන්නෙ දේශපාලනය. ධර්මය කියන්නෙ වෙන එකක්. අද ධර්මය නැති සංවිධානාත්මක ආගමක් තියෙන්නෙ. එසේ සංවිධානවීමේදීම එතන තියෙන්නෙ වෙනස්කම් කිහිපයක්. කෙනෙකුට මම බෞද්ධයෙක් කියල කියාගන්න බැහැ. කෙනෙක් හොඳ මනුෂ්‍යයෙක් කියල කියාගන්න පුළුවන්.  සමාජ වර්ගයා වෙනුවෙන් යහපතක් කරන පුද්ගලයෙක් නම් එයාට තමා බෞද්ධයෙක් කියල අමුතුවෙන් කියාගන්න අවශ්‍යතාවයක් නැහැ.

බෞද්ධයෙක් කියල විවිධ උපක‍්‍රම වලින් හඳුන්වා දෙමින්, (ඒකට අවශ්‍ය සම්ප‍්‍රදායික ක‍්‍රම විධි වන හිස භූ ගෑම, අවශ්‍ය පරිසරය සකසා ගැනීම, විවිධ පුදපූජා පැවැත්වීම*  අද පූජ්‍ය පක්‍ෂය බිස්නස් කරයො වෙලා තියෙනව.   එක එක මල්වල නම් වලින් පුදපූජා පැවැත්වෙනව. මෙහෙම පවත්වන්නේ සමාජය සන්සුන් කිරීමට නොවෙයි. ධර්මය පිළිපැදීමට නොවෙයි. අද බෞද්ධ දේශනා සල්ලි හම්බ කිරීමේ මාර්ගයක් බවට පත්වෙලා. අද පිරිත් පිංකම, කඨින පිංකම කියනනේ ව්‍යාපාර. අද පන්සල් වල ඔවැනි ව්‍යාපාර හරියට තියෙනව.
අද රටේ තියෙන ප‍්‍රචණ්ඩභාවයටයි, සමාජ ප‍්‍රශ්නවලටයි  මූලික වූ, වැරදි කරපු දෙන්නෙක් ඉන්නව. එක්කෙනෙක් දේශපාලකයා. අනෙක් කෙනා පූජකයා. මේ දෙදෙනා විසින් මේ සමාජය කනපිට පෙරළලා තියෙනව. මෙයාලා තමන්ට උවමනා ගොඩනැගීමක් ඇති හා ගැලපෙන දෙයක් තමයි ඒගොල්ල පිළිපදින්නේ. සමාජයට හෙනගැහිල ගියත් ඒ අයට ප‍්‍රශ්නයක් නැහැ. ඒ ගොල්ලන්ට යමක් ලැබෙනවානම්, ඒ ගොල්ල කියන වැඩපිලිවෙලවල් වලට උපකාරී වෙනව නම් ඒ දේ තමයි හරි.

මේ අය කොතරම් දරුණු ක‍්‍රියාවලට පෙළඹෙනවද කියනව නම්, භික්‍ෂු සමාජය ප‍්‍රචණ්ඩත්වයේ පෙරමුණේ ඉන්න තත්ත්වයක් තියෙනව. අලූත්ගම වගේ සිද්ධීන් බැලූවිට. ඒ ගොල්ලම කියනවා ‘මුන් ගහල මරන්න  ඕන. මුංව නැති කරන්න  ඕනෙ. අහවල් ජාතිය නැතිකරන්න  ඕන කියල කටින්ම කියපු අය ඉන්නව. කොහොමද එහෙම කියනනෙ? ආගමේ කොතනද ඒක තියෙන්නෙ? ආගමික භික්‍ෂුව වශයෙන්, විශේෂයෙන්ම බෞද්ධ භික්‍ෂුව වශයෙන් පෙනී සිටින බොහෝ පිරිස ධර්මය පිළිපදින අය නෙමෙයි. ධර්මය තමාගේ පැවැත්මට, ව්‍යාපාරයක් කරගෙන ඉන්න බිස්නස් කාරයො පිරිසක් තමයි අද ඉන්නෙ. ඒ අය නිසා අද සමාජය හු`ගාක් නොමග ගිහින් තියෙනව. ආගම කියල බොහෝ දෙනෙක් හිතා ගෙන ඉන්නෙ ඒගොල්ල කරන දේවල්. පුද පූජා ආදිය. පන්සල්වල දාගෙන තියෙන නීති රීති අනුව පිට පන්සලකින් හාමුදුරුකෙනෙක් ගෙනල්ලා බණක් කියවන්න පවා තහනම්. ඒ වගේ ආධිපත්‍යයක් ගොඩනගාගෙන ඉන්නවා. නිකාය භේදය අවශ්‍ය වෙලාවට එළියට ගන්නවා. බුදුරජාණන් වහනසේ එහෙම දෙයක් දේශනා කර තියෙනවද? අපේ රටේ ප‍්‍රධාන ආගම් 4 ක් ගියෙනව. එහෙත් රට තියෙන්නෙ කොතනද? අද අපිට උවමනා වෙන්නේ ආගම් නෙමේ ධර්මය. ඇත්තවශයෙන්ම ධර්මය, බුදුන් වහන්සේගේ දේශනා තුළත්, ජේසුස් වහන්සේගේ දේශනාතුළත් මහම්ද්තුමාගේ දේශනා තුළත්, හින්දු දහමේත් තියෙනව.

ක‍්‍රිස්තියානි ලබ්දිකයන් එකම ආගමේ පිරිසක් වෙලත් දෙකට බෙදිලා අවුරුදු 10 ක් යද්ධ කෙරුවා. ප්‍රොතෙස්තන්තවරු හා කතෝලිකයන් විධිහට කණ්ඩායම් දෙකක් ලෙස. එය කුරුස යුද්ධය යනුවෙන් හඳුන්වනවා. පසුව ඔවුන් ඒවා කළමණාකරණය කර ගත්තා. හින්දු මුස්ලිම් අය ඉන්දියාවේ දී මරාගත්තා. ඒ දෙපාර්ෂවයේම ආගම්වල ඉගැන්වීම්වල එහෙම දෙයක් කියල තියනවද? බෞද්ධ අය විතරයි මේ තත්ත්වයෙන් ඈත්වෙලා හිටයෙ. දැන් ලංකාවෙන් ඒකත් භික්‍ෂු සමාජය මූලිකත්වයෙන් එය පටන් අරන් තියෙනවා. අලූත්ගම සිද්ධිය එයට උදාහරණයක්.

අපිට අවශ්‍ය ධර්මයයි. අද ධර්මය වැළලිලා ගිහින් තියෙන්නේ. එය සමාජය තුළින් මතුකර ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනව. මේ ධර්මය මතුකර ගැනීම භික්‍ෂූන්ට කිරන්න බැහැ. බුද්ධාගම ලෝකය පුරා පැතිරවිය යුතු බවටයි ඔවුන් කතා කරන්නේ. ඒත් ඔවුන් කරන්නේ සුඛෝපභෝගී ජීවිත ගතකිරීමයි. අද කළ යුත්තේ ධර්මය ආගමික පූජ්‍ය පක්‍ෂ වලින් බේරාගැනීමයි. පූජ්‍ය පක්‍ෂය යනුවෙන් පෙනීසිටින අයගෙන් ධර්මය මුදවා ගැනීමට සිදුවී තිබීම කණගාටුවට කරුණක්. එය පොදු ජනයා කළයුතු වැඩක්. නමුත් පොදු ජනයා රැුවටී සිටිනතුරු එය සිදුවෙන්නෙ නැහැ. සමාජ ප‍්‍රශ්න විසඳීමට දැහැමි සමාජයක් අවශ්‍යය.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *