මහින්දට පසු ජ්‍යේෂ්ඨයා මමයි..- රාජපක්‍ෂ පවුලට වෙල්ගමගෙන් මල්ටිබැරල් ප‍්‍රහාරයක්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යන පක්ෂවලින් මහින්ද රාජපක්ෂ මහතාට පසු ජේ‍යෂඨත්වය ලැබෙන්නේ තමනට බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ අගලවත්තේ දී පැවති ජනහමුවක් අමතමිනි.

‘දැන් මහත්තයට බැරිනම් අයියට. අයියට බැරිනම් මල්ලිට. ඒ මල්ලිට බැරිනම්් අනිත් මල්ලිට. එයාට බැරිනං නෝනට. නෝනට බැරිනම් තවත් අයියා කෙනෙක් හිටියා. පුතාට බෑ. එංගලන්ත රජ පවුල ද මේ තියෙන්නේ.

ජනාධිපති මැතිවරණය කොට්ඨාස මැතිවරණයක් නෙමෙයි. ජනාධිපතිවරණයෙන් මුළු ලංකාවම එක ඡන්ද කොට්ඨාශයක් වෙනවා.

අපට තිබෙන බහුතරයෙන් ජනාධිපති මැතිවරණය ජයග්‍රහණය කරන්න බෑ’ යයිද ඔහු සඳහන් කළේය.

තමන් මෙරට විධායක ජනාධිපතිවරයා වුවහොත් විධායක ජනාධිපතිධුරය මාස හයක් ඇතුළත අහෝසි කරන බව ද වෙල්ගම මන්ත්‍රීවරයා එහිදී මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නයකට කියා සිටියේය.

 

https://www.facebook.com/NewsfirstSL/videos/437010423510236/

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *