මහින්දගේ ඇමතිවරුන් ගෙන් ගුවන් හමුදාවට ලක්ෂ 130ක පොල්ලක්

හිටපු ඇමතිවරුන් පිරිසකගේ ගුවන් ගමන් වෙනුවෙන් අදාළ අමාත්‍යාංශය මගින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට රුපියල් කෝටි තිස් ලක්ෂයකට වැඩි මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPE) නිකුත් කළ එහි අලුත්ම වාර්තාවේ සඳහන් වේ.

මෙසේ ගෙවීම පැහැර හැර ඇත්තේ 2015 ට පෙර මහින්ද රාජපක්ෂ මහතාගේ රජයේ ඇමතිවරුන් පිරිසක් ගුවනින් ගිය ගමන්වල ගාස්තුය.

අදාල අමාත්‍යාංශය ලේකම්වරුන් කැඳවා මේ පිළිබඳ සාකච්ඡා කර ගැටලුව විසඳීමට වහාම කටයුතු කරනැන්නැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කර තිබේ.

මේ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග වාර්තා කරන්නැයිද ගිණුම් කාරක සභාව වැඩිදුරටත් නියෝග කර ඇත.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් සපයන ලද ඉහත ගුවන් සංචාර වෙනුවෙන් 2017-12-31 දිනට අයවිය යුතු හිඟ මුදල රුපියල් මිලියන 1,347ක් බව කාරක සභා වාර්තාවේ දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *