ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 4.6% කින් ශක්තිමත් වෙයි

මේ වසරේ ගෙවුණු කාලය තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 4.6% කින් ශක්තිමත් වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.වසර ආරම්භ වන විට අමෙරිකානු ඩොලර් එකක් රුපියල් 182.91 ක් දක්වා ඉහළ ගොස් තිබුණි.ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්තවලට අනුව මේ සතිය නිමා වන විට අමෙරිකානු ඩොලර් එකක් රුපියල් 174.66 ක් දක්වා පහළ යමින් රුපියල ශක්තිමත්ව තිබේ.මේ අතර තව ත් විදේශ විනිමය ගණනාවකට සාපේක්ෂව ද රුපියල ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවේ සඳහන් වේ.අදාළ කාලය තුළ ජපන් යෙන්වලට සාපේක්ෂව 6.1% කින්, යුරෝවට සාපේක්ෂව 5.9% කින් ඉන්දියානු රුපියලට සාපේක්ෂව 3.8% කින් හා ස්ටලින් පවුමට සාපේක්ෂව 1.8% කින් රුපියල ශත්තිමත්ව තිබේ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *