වම වෙනුවෙන් කාලය කනවාට වඩා පොතක් කියවීම වැදගත් – වික්ටර් අයිවන්

මුළු ජීවිත කාලයම වාමාංශික දේශපාලනයට කැපකළ නමුත් එය නිෂ්ඵල  ක‍්‍රියාවක්  බව එක් වාමාංශික නායකයෙකු තමන්ට පවසා ඇතත්, එය විවෘතව කියන්නට තරම් ඔහු එඩිතර නැතිබව වික්ටර් අයිවන් මහතා පසුගිය දා මහවැලි කේනද්‍රයේ පැවති සම්මන්ත‍්‍රණයක දී පැවසී ය. ඔහු මේ බව ප‍්‍රකාශ කළේ, 80 වැඩ වර්ජණය පිළිබඳ සිරිතුංග ජයසූරිය මහතා විසින් රචිත පොතක් දොරට වැඞීම වෙනුවෙන් පැවති උත්සවයේ ආරාධිත දේශකයෙකු ලෙස සහභාගි වෙමිනි.

බිරිඳ මහාචාර්යවරියක් වූ ඒ වාමාංශික නායකයා මෙන්ම වාමාංශික දේශපාලනයේ යෙදී සිටින බෙහෝදෙනා ගේ සිත් තුළ ද නලියන්නේ මේ සමාන අදහසක් බව තමාගේ විහ්වාසය බව ද හේ වැඩි දුරටත් පැවසී ය. අධ්‍යපනය සඳහා මිසක චීනය. රුසියාව හා කියුබාව වැනි රටකට යනවා මිස කිසිදු තරුණයෙක් එම රටවලට යන්නේ නැති බවත් ඔවුන්ගේ උත්සාහය වන්නේ යුරෝපයේ හා වෙනත් ධනවාදි රටකට යෑමට බවත් මෙහි දී ඔහු අවධාරණය කළේ ය. මිනිසුන්ගේ ආකර්ශණය නැති බව පැහැදිළිව තිබිය දී නොකෙරෙන දෙයක් වන වම වෙනුවෙන් කාලය කා දමනවාට වඩා පොතක් පතක් කියවීම මිනිසෙකුට වැදගත් බව ද ඔහු පැවසී ය. ඒ අතරම අධ්‍යයනය සඳහා 80 වැඩවර්ණය ගැන පොතක් ලිවීමේ වැදගත්කම අඩුවෙන් තක්සේරු කරන්නේ නැති බව ද හේ කියා සිටියේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *