මධූෂ්ගෙ වත්කම කෝටි දාහ ඉක්මවයි – කැවුමා , කන්ජිපානි අතුළු සගයෝ සියල්ල වමාරති

දැනට අත්අඩංගුවේ පසුවන පාතල නායක මධූෂ්ගේ ප්‍රධාන පෙළේ ගොලයන් බව සැලකෙන ඉම්රාන් නොහොත් කංජිපානි ඉම්රාම් සහ කැළුම් නොහොත් කැවුමා අතුළු සගයෝ මධූෂ් පිළිබඳ තමන් දන්නා තොරතුරු සියල්ල පරීක්ෂණ කණ්ඩායම් හමුවේ හෙලි කරමින් සිටිති.

තමන් අපරාධ වලට පෙළඹුණේ මධූෂ්ගේ පෙළඹවීම මත බවත්, මධූෂ් මුදල් වලට මෙන්ම ප්‍රසිද්ධියටත් ඉතාම කෑදර බවක් දැක්වූ බවත්, ඔහු පාටියක් සූදානම් කර ලංකාවේ පිරිස එරටට ගෙන්වා ගත්තේ තම ලොකුකම පෙන්වීමට බවත්, තමා එයට විරුද්ධ වූ බවත් කංජිපානි ඉම්රාම් ප්‍රකාශ කර ඇත.

මධූෂ්ට ලංකාවේ ඇති වත්කම කෝටි දාහකට වැඩි බවත් ඔවුන් හෙළිකර තිබේ. එම මුදල් සංචාරක හෝටල් කර්මාන්තයටත්, වාහන මිලදී ගැනීම්වලටත්, ඉඩම් මිලදී ගෙන විකිණීමේ ව්‍යාපාරවලටත් ‍(ලෑන්ඩ් සේල්) යොදවා ඇති බව ඔවුන් විසින් හෙළිකර ඇත. ඒ කිසිදු ව්‍යාපාරයක් ඇත්තේ මධූෂ් ගේ නමට නොව එක් එක් පුද්ගලයාගේ නම් වලටය. එම පුද්ගලයන් මේවන විට සොයාගෙන එම ව්‍යාපාර ඔවුන්ට හිමි වුණේ කෙලෙසකදැයි මේ වන විට රහස්‍ පොලිස් කණ්ඩායම් හෙළිකරගෙන යමින් පවතී.

මධූෂ් සමඟ ඩුබාහි තරු හයේ හෝටලයක දී පැවති සාදයේ දී අත්අඩංගුවට පත් 31 දෙනාගෙන් 15 දෙනෙක් මෙරට ට එවා ඇති අතර. මධූෂ් හා අමල් පෙරේරා ඇතුළු 16 දෙනෙක් තවමත් ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටිති. මධූෂ් ලංකාවට පිටුවහල් නොවී එරට රැඳීසිටිමට ඉන්දියන් නීතිඥයන් පිරිසකගෙ සහය ලබාගනිමින් උසාවියට අයැදුමක් ඉදිරිපත් කර ඇත.

ලබන 18 වන දා ඔවුන් පිරිස යළි උසාවියට ඉදිරිපත් කරන අතර එහි දී ඒ පිළිබඳව උසාවිය තීරණයක් ගනු ඇතැයි අපේක්ෂා කර තිබේ. විදේශ ඇමති තිලක් මාරපන මහතා මගින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එරට ආරක්ෂක ඇමති වෙත ලිපියක් යවා මධූෂ් ඇතුළු පිරිස ශ්‍රී ලංකා පොලීසියට බාර දෙන ලෙස ඉල්ලීමක් කර ඇත.

බිනර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *