මුද්‍රණ සංස්ථාව දුන්නේ ජනාධිපතිවරණය කැඳවන්නද ? ජනාධිපති අපේක්ෂකයකු වූ විට මුද්‍රණ සංස්ථාව ඔහු යටතේ තිබීම ප්‍රශ්නයක් !

ජනාධිපතිවරයා යටතේ මෙතෙක් තබාගෙන සිටි රජයේ මුද්‍රණ සංස්ථාව පසුගියදා හදිසියේම ඉඩම් ඇමති ගයන්ත කරුණාතිලක මහතා වෙත පවරා දුන්නේ හදිසි ජනාධිපතිවරණයක් කැඳවීමේ සුදානමක් ලෙස බවට  දේශපාලන අංශවල කතාබහට ලක්ව ඇත . ජනාධිපතිවරයා මැතිවරණයේ අපේක්ෂකයකු වන නිසා ඔහු යටතේ රජයේ මුද්‍රණ සංස්ථාව තිබීම ප්‍රශ්නයක් වියහැකි නිසා මෙම පියවර ගන්නට ඇතැයි කියති .මැතිවරණයට අදාල සියලු මුද්‍රණ කටයුතු කෙරෙන්නේ රජයේ මුද්‍රණ සංස්ථාව මගිනි . චන්ද පත්‍රිකා මුද්‍රනයද එමගින් සිදුකරන නිසා එය මැතිවරණයේ අපේක්ෂකයකු යටතේ තිබීම ප්‍රශ්නයක් වෙයි . නීතිය හමුවේද එය අභියෝගයට ලක්විය හැකිය .

රජයේ මුද්‍රණ සංස්ථාව ජනාධිපතිගෙන් ඉවත්කොට ඉඩම් ඇමතිට පවරා දුන්නේ ඒ නිසා වියහැකි බව කියති . ඇතැම් විට මැතිවරණ කොමිසම වැනි තැනකින් ඒ සදහා උපදෙස් ලැබුණා විය හැකිය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *