හෙට (15 වැනි දා) ජනාධිපතිවරණයට දින නියම කරයිද?

අප්‍රේල් 15 වන දින එනම් හෙට දින ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් කරනු ඇතැයි ජනමාධ්‍ය ආයතන කීපකයට ජනාධිපති කාර්යාලය මගින් දැනුම් දී ඇතැයි මාධ්‍ය අංශ තුළ කතා බහට ලක් වී තිබේ.

ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය කුමක් දැයි නිශ්චිත වශයෙන් හෙළිදරව් වී නැති අතර, එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හා පොහොට්ටුව අතර ඇති වීමට යන සංධානය ගැන තීන්දුවක් විය හැකියයි ඇතැමෙන් අනුමාන කරන අතර ඉදිරි ජනාධිපතිවරණයට ශ්‍රී ලංක නිදහස් පක්ෂය තනිවම තරඟ කිරීමක් විය හැකියයි තවත් පිරිසක් කියති. තවත් පිරිසක් අනුමාන කරනුයේ ඉදිරි ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශ කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.

එයට හේතුව වී ඇත්තේ ජනාධිපතිවරයාට විපක්ෂයේ ඒකාබද්ධ පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය නොලැබේ නම්, ගොඨාභයට ඒ සඳහා සූදානම් වීමට ඉඩක් නොතබා ජනාධිපතිවරණය කැඳවනු ඇති බවයි. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය තවම නිරාකරණයකට පත්ව නැත. ඒ මහතාට විරුද්ධව ඇමරිකාවේ අධිකරණය හමුවේ පවරා ඇති නඩු දෙකක් නිසා එය ඉක්මනින් කර ගැනීමට නොහැකිවනු ඇතැයි බොහෝ දෙනාගේ අදහසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *