ජනාධිපතිගේ අවුරුදු තෑග්ග පෝරකයද ?

අලුත් අවුරුද්ද ලැබීමත් සමග එල්ලුම් ගහ ක්‍රියාවට නැංවීමේ නියගයක් නිකුත්කිරීමේ නියගයක් නිකුත් කිරීමට සුදානමක් පිළිබඳව ජනාධිපතිතුමාට සම්බන්ධ අපගේ ආරංචි මාර්ග හෙළිකරයි . ජාත්‍යන්තර ප්‍රජාවගෙන් හා ප්‍රබුද්ධ පිරිස් වලින් එල්ලවන විරෝධය නොතකා මෙම තීන්දුව ක්‍රියාවට නංවන බව කියති .

මරණීය දණ්ඩනය මිනිස්කමට නොගැලපෙන මෙන්ම ප්‍රතිපලදායක නොවන දඩුවමක්  ලෙස සලකා මුලින්ම එය නැවත දැමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස් ඩබ්ලිවු ආර් ඩී බණ්ඩාරනායක මහතා විසිනි . ඒ මහතා ඝාතනය වීමෙන් පසුව යලි මරණ දඩුවම ක්‍රියාත්මක කලද සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ශ්‍රීලනිප රජය 1976 දී නැවතත් එය නැවත දැමුවේ ශිෂ්ට හා බෞද්ධ රටකට එය නොගැලපෙන බව කියමිනි .

ශ්‍රීලනිප ශ්‍රේෂ්ට නායකයින් එසේ ක්‍රියා කළද මෛත්රේපාල සිරිසේන ජනාධිපති කියන්නේ මරණ දඩුවම නවත්තන්න කියන්නේ එන ජී ඕ සහ බටහිර බලවේග බවයි . එහෙත් එස් ඩබ්ලිව් ආර් ඩී , සිරිමාවෝ මරණ දඩුවම නවත්වන සමයේ එබදු බලවේග නොවූ අතර දෙදෙනාම ක්‍රියා කළේ ජාතික අනන්‍යතාවය හා ස්වාධීනත්වය රැකගනිමිනි . දැන් සිරිසේන ජනාධිපතිවරයා ගේන්නට යන්නේ එබදු නායකයින් ප්‍රතික්ෂේප කළ ක්‍රියා මාර්ගයකි .

ලෝකයේ කිසිදු ශිෂ්ට නායකයෙක් මරණ දඩුවම අනුමත කරන්නේ නැත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *