ජනාධිපති ධුර නිල කාලය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට යාම සදාචාරත්මක නෑ – සමන් රත්නප්‍රිය

ජනාධිපතිවරයගෙ නිල ධුර කාලය ආරම්භ වෙන්නේ 2015 ජනවාරි 8 ඉඳලද? 19 සංසෝධනය ක්‍රියාත්මක වන 2015 ජුනි මාසයේ සිට ද යන්න නැවත විමසන්න ශ්‍රෙෂ්ඨාධිකරණයට යන්න බලාපොරොත්තු වෙනව කියල අදහසක් ඉදිරිපත් වෙලා තියෙනව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මේ බව ප්‍රකාශ වුණ බව මාධ්‍ය හරහා දැනගන්න ලැබුණා. මේක එච්චර ගැලපෙන්නෙ නැති බවකුයි පෙනෙන්න තියෙන්නෙ. මොකද 2018 ජනවාරි මාසෙ දි ධුර කාලය අවුරුදු පහ ද හය ද යන්න පිළිබඳවම ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසුවා.

ඒ වෙලාවෙ දි ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලිවම කිව්වා 19 වන සංශෝධනයට අනුව පාර්ලිමේන්තුවෙ පනතක් විදිහට සම්මත වෙලා තියෙන නිසා, ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් විදිහට ගෙනල්ලා තියෙන නිසා ධුර කාලය වසර පහයි කියල. ඒ තීන්දුව දීලා තියෙද්‍දි නැවත වලංගුවන දිනය පිළිබඳ අහන එක සුදුසු දෙයක් නෙමෙයි කියන එකයි අපේ අදහස.

අපට මතකයි 2015 දී ජනාධිපතිවරයා පත්වෙන්න පෙර සහ පත්වුණායින් පස්සෙ මේ 19 වන සංශෝධණය ගැන සාකච්ඡා කරන කොට, පාරිලිමේන්තුවට ඉදිරිපත් වෙනකොට ‘වසර 4ක කාලයකුත් ඇති’යි කියන අදහස තමයි වර්තමාන ජනාධිපතිවරයාගෙන් රට හමුවේ ඉදිරිපත් වුණේ. රටට එවැනි ප්‍රකාශයක් තමයි කෙරුවේ. එතකොට එහෙම ඇතියි කියල කිව්ව නම් ‍, වසර 5යි කියන කාරණය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය නිවැරදි මතයක් දීලා තියෙනව නම්, තවත් මේ ගැන මතය විමසන්නේ කුමන කාරණයකින් ද කියන කාරණය පිළිබඳව මතයක් තියනව. කොහොමත් අපි ජනාධිපති ධුරය අහොසි කරන්න ඕනැ කියන කණ්ඩායමක්.

මේ රටේ සියලු දේශපාලන පක්ෂ ජනාධිපතිවරණය අහෝසි කරන්න ඕනැ කියල තීරණයකට ඇවිල්ලා තියෙනව. වර්තමාන ජනාධිපතිවරයා හා ඔහුගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඒ වගේම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා, වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ හා එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු ප්‍රධාන පක්ෂ වගේ සියලුම පක්ෂ කියන්නෙ ජනාධිපති ධුරය අහෝසි කරන්න කියල. ජනාධිපති ධුරයේ බලතල අඩු කළා. කප්පාදු කළා 19 වන සංශෝධනය හරහා.

ඒක තමයි රටේ ප්‍රවනතාවය මිනිස්සුන්ගෙ ඉල්ලිම. අගමැති ධුරය ප්‍රමුඛ ඇමති මණ්ඩලයක්, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වන ක්‍රමයක් රට ඇතුළෙ තියෙන්න ඕනෙ කියලා. එහෙම තියෙන්නෙ ඕනෙ කියලා මතයක් දරණ රටක නිල කාලය මාස හයකින් හෝ හතකින් දීර්ඝ කරන්න මත විමසන එක සදාචාරාත්මක නෑ කියන එකයි මගේ අදහස. ඒ නිසා මෙසේ මතය විමසීම ම, වැරදියි වගේම ජනාධිපතිවරයා කලින් ප්‍රකාශයට පත් කරපු කාරණයයි, දැන් මේ කරන ක්‍රියාවයි අතර පරස්පරයක් තියෙනව කියන එකයි අපේ අදහස.

මනෝජ්

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *