මට හරියට සිතාසි බාර දුන්නේ නෑ මගෙ එහෙ ඉන්න නීතිඥයන් මගින් එය නිශ්ප්‍රභා කිරීමට කටයුතු කරගෙන යනවා – ගෝඨාභය රාජපක්ෂ

ඇමරිකා එක්සත් ජනපදයට ගොස් සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (12) ලංකාවට පැමිණි අතර ඒ මහතා පිළිගැනීමට රාජපක්ෂවාදී දේශපාලඥයන් පිරිසක් මෙන්ම ඔවුන්ගේ අධාරකරුවන් පිරිසක් ද ගුවන්තොටුපලට පැමිණ සිටියහ. එහි දී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් ගෝඨාභය මහතා,

මම ඇමරිකාවට ගියේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීම සඳහා නීතිඥයන් සමග අවශ්‍ය වැඩකටයුතු කරගන්නටයි. මම ඒවා සාර්ථකව කරගත්තා. හැබැයි මෙහෙදි තමයි ඒක අස්කරගන්නට වෙන්නෙ. ඒ අය එන්න කිව්වම ගිහින් ඒක බාර ගන්න වෙනවා.

මම ආරක්ෂ ලේකම් වෙලා ඉන්නකොට අවුරුදු දහයකට දොළහකට ඉස්සර වෙලා මාධ්‍යවේදියෙකුගේ මරණයටත්, තවත් අත්අඩංගුවට ගත් පුත්ගලයකු සම්බන්ධවත් ආරක්ෂක ලේකම් වශයෙන් මම ඒකට සම්බන්ධයක් තියනව කියල, ඔවුන්ට යම්කිසි මුදලක් ඉල්ලලා සිවිල් නඩුවක් දාලා තියෙනව.

එහෙ නීතිය අනුව සිතාසි බාරදෙන්නෙ ලංකාවේ වගේ නෙමේ. සිවිල් ආයතන මගින්. මම සලකන අන්දමට මට හරියට බාර දුන්නේ නෑ තාම. නමුත් මගෙ එහෙ ඉන්න නීතිඥයන් මගින් එය නිශ්ප්‍රභා කිරීමට කටයුතු කරගෙන යනවා.

මේ අවස්ථාවෙ මහජනතාවගෙනුත් පාර්ලිමේන්තුවෙ ඉන්න සියලුම මන්ත්‍රිවරුන්ගෙනුත් ඇමරිකා එක්සත් ජනපදයේ සිටින ශ්‍රී ලංකිකයන්ගෙනුත් මට ඉතා සහයෝගයක් ලැබුණා මේක හුදෙක්ම දේශපාලනිකව හේතුකොට ගෙන කරපු දෙයක්.

මම දහවතාවක් විතර ඇමරිකාවට පිටත් වුණා. ඔය කියන කිසිම කෙනෙක් මගෙන් වන්දියක් ඉල්ලලා නෑ. මේක මේ අවස්ථාවේ දී ජනාධිපතිවරණය හා සම්බන්ධ කරගෙන කරපු දෙයක්. මේකට විවිධ අංශවල බලපෑම් ඇතිවෙලා තියෙනව. ජාත්‍යන්තරයේ තියෙන එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරා එකට අයත් එන්.ජී.ඕ. එකක් මේක මෙහෙව්වා, ඒ වගේම ලංකාවේ යම් යම් පිරිසක්, ඒ වගේම කනගාටුයි කියන්න කැලිපෝනියාවෙ තියෙන කොන්සාල් කාර්යාලෙනුත් මේක මෙහෙව්වා. මම හිතන්නෙ, මේ වගේ පහත් තත්ත්වයකට දේශපාලනය ගෙනයෑම අසාධාරණයි.

ඒ කාලය තුළ මම ආරක්ෂ ලේකම් වරයා වශයෙන් කළ රාජකාරිය සම්පූර්ණයෙන්ම බාල්දු කරන, මේ රටත් බාල්දු කරන තත්ත්වයකට තමයි පත්කරලා තියෙන්නෙ. ඒ මහතා ප්‍රකාශ කළේය.

බිනර 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *