|

අනුර දිසානායක කැනඩාවේ : හදුන්නෙත්ති සයිප්‍රස් රජය සමග සාකච්චාවකට

ජනතා විමුක්ති පෙරමුණේ කැනඩා පක්ෂ කමිටුවේ ආරාධනයකට අනුව ජවිපෙ නායක අනුර දිසානායක සම්මන්ත‍්‍රණ, දේශපාලන සාකච්ඡුා හා විද්වත් හමු මාලාවකට සහභාගි වීම සඳහා පසුගිය දහවැනිදා දිවයිනෙන් පිටව ගියේය. එම සම්මන්ත‍්‍රණ මාලාවේ පළමු ප‍්‍රධාන සම්මන්ත‍්‍රණය අපේ‍්‍රල් 14 දින කැනඩා වේලාවෙන් පස්වරු 2.00ට ටොරෙන්ටෝ නගරයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. මේ අතර ඉදිරි දින කිහිපය තුළ ජවිපෙ නායකයා ඔටාවා, මොන්ටී‍්‍රල්, කල්ගරි ඇතුළු ප‍්‍රධාන නගර කිහිපයකදී සම්මන්ත‍්‍රණ, ජනහමු සහ සාකච්ඡුා සඳහා සහභාගිවීමට නියමිතය. කැනඩාවේ ජීවත්වන ශ‍්‍රී ලාංකිකයින්ගේ සහභාගිත්වයෙන් මෙම කටයුතු සිදුකිරීමට ජවිපෙ කැනඩා කමිටුව කටයුතු සංවිධානය කොට තිබේ.

අපි ශ‍්‍රී ලාංකික මන්ත‍්‍රීවරු..

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාල මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති පසුගිය දහවෙනිදා සහ එකළොස්වෙනි දින ත‍්‍රිකුණාමලය සහ මුතූර් සහ තෝපූර් ප‍්‍රදේශවල දේශපාලන සාකච්ඡුා සහ ජනහමු කිහිපයක් සඳහා සහභාගි විය. එහිදී තෝපූර් ප‍්‍රදේශයේ පැවැති ජනහමුව සංවාදශීලී එකක් විය. ජවිපෙ ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික් සංවිධායක අරුන් හේමචන්ද්‍ර භාෂා පරිවර්තනයෙන් දායකත්වය සැපයූ අතර ප‍්‍රදේශවාසීහු ඉතාම සුහදශීලීව දේශපාලනය ගැන සහ එදිනෙදා තමන් මුහුණ දෙන ගැටලූ සම්බන්ධයෙන් ජවිපෙ මන්ත‍්‍රීවරයා සමඟ කතාබහක යෙදුණහ. ”මන්ත‍්‍රීතුමා ඔබතුමාලගෙ පක්ෂයේ සිංහල මන්ත‍්‍රීවරු හයදෙනා තමයි අපි ගැනත් පාර්ලිමේන්තුවේ කතා කරන්නේ. අපේ ප‍්‍රශ්න ගැන ඔබතුමාලා පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරන එකට බොහොම ස්තූතියි.” එක් ප‍්‍රදේශවාසියෙක් පැවසීය. ”අපේ පක්ෂයේ සිංහල මන්ත‍්‍රීවරු, දෙමළ මන්ත‍්‍රීවරු, මුස්ලිම් මන්ත‍්‍රීවරු කියලා එකක් නැහැ. අපේ පක්ෂයේ ඉන්නේ ශ‍්‍රී ලාංකික මන්ත‍්‍රීවරු. අපි හිතන්නේ ඒ විදියටයි. හැමදාමත් අපේ රටේ ජනතාව සිංහල, දෙමළ, මුස්ලිම් කියලා වෙන වෙනම මන්ත‍්‍රීවරු පාර්ලිමේන්තු යැව්වා. නමුත් ඒ අය ශ‍්‍රී ලාංකිකයෝ විදියට වැඩ කළේ නැහැ. ඒකයි ප‍්‍රශ්නය. අපි වැඩ කරන්නේ ශ‍්‍රී ලාංකිකයෝ කියන හැඟීමෙන්.” මන්ත‍්‍රීවරයා කියා සිටියේය.
”මන්ත‍්‍රීතුමා අපිට තව ප‍්‍රශ්න තියෙනවා. අපේ ප‍්‍රදේශයේ තියෙන්නේ උප පොලිස් ස්ථානයක්. ඒ නිසා අපිට සමහර වෙලාවට මුතූර් පොලිසියට යන්න වෙනවා කිලෝමීටර් පහළොවක් විස්සක් දුර ගෙවාගෙන. ඒ විතරක් නෙවෙයි අපිට තියෙන්නේ උප තැපැල් කන්තෝරුවක්. හැම ආයතනයක්ම උප සේවා ආයතනයක්. අපේ නගරයට ප‍්‍රධාන පොලිසියක් ලබාදෙන්න කටයුතු කරනවානම් ගොඩක් වැදගත්.” තවත් ප‍්‍රදේශවාසියෙක් තමන් මුහුණ දෙන ගැටලූවක් ඉදිරිපත් කළේය. ”එල්ලූම්ගහ ක‍්‍රියාත්මක කරන්න පොරොන්දු දෙන රටේ නගරයකට පොලිසියක් ලබාදෙන්න බැරිකමක් නෑ නේද? ඒත් මේ පාලකයෝ අවශ්‍ය දේවල් නෙවෙයි කරන්නේ. ජනප‍්‍රිය දේවල්. ජනතාවගේ ගැටලූ මොනවා උනත් තමන්ට ජනප‍්‍රිය වෙන්න ඕන මාතෘකාව තමයි කතා කරන්නේ. අපි මේ ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්නම්. තෝපූර් උප පොලිස් ස්ථානය, පොලිස් ස්ථානයක් කරන්න විශේෂ ඉල්ලීමක් කරමු.” සුනිල් හඳුන්නෙත්ති පොරොන්දු විය.

‘එතෙර අපි’ සයිප‍්‍රස් රජයෙන් විශේෂ ඉල්ලීමක් කරන්න යයි

සයිප‍්‍රසයේ සේවය කරන ලද ශ‍්‍රී ලාංකිකයින් වෙනුවෙන් ගොඩනගා ඇති සමාජ රක්ෂණ ප‍්‍රතිලාභ අරමුදල ලබාගැනීමට ශ‍්‍රී ලංකා ආණ්ඩුව අවශ්‍ය කටයුතු සම්පාදනය නොකිරීම නිසා සයිප‍්‍රසයේ සේවය කොට ලංකාවට පැමිණ සිටින ශ‍්‍රී ලාංකිකයින් විශාල ප‍්‍රමාණයක් විශාල අර්බුදයකට මුහුණ දී තිබේ. ඇතැම් පුද්ගලයින්ගේ සමාජ රක්ෂණ ප‍්‍රතිලාභ අරමුදල ලක්ෂ 20 හෝ 25 තරම් විශාල ප‍්‍රමාණයක් වෙයි. මෙම අරමුදල් ලබාගැනීම සඳහා ශ‍්‍රී ලංකා රජය සයිප‍්‍රස් රජය සමඟ අත්සන් කළ යුතු රාජතාන්ත‍්‍රික ගිවිසුම් අත්සන් කිරීමට පියවර නොගැනීම මෙම ගැටලූවට හේතුව වී තිබේ. මේ සම්බන්ධයෙන් සිය විරෝධය පළකරමින් සමාජ රක්ෂණ ප‍්‍රතිලාභ ලබාගැනීම සඳහා සයිප‍්‍රස් ශ‍්‍රී ලාංකික සේවක එකමුතුව පසුගිය නමවෙනිදා උද්ඝෝෂණයක් පැවැත්වූ අතර විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයාට පෙත්සමක්ද භාරදීමට කටයුතු කළේය. මෙම ගැටලූවට විසඳීම සඳහා එතෙර අපි සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්තිද මුල සිටම මැදිහත් විය. කෙසේ වෙතත් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපතිවරයා ගැටලූවක් ඇති බව පිළිගෙන ඇති අතර ඔහු ඒ බව මාධ්‍ය හමුවක් පවත්වමින් ප‍්‍රකාශ කොට තිබේ. මේ අතර එතෙර අපි සංවිධානය, සයිප‍්‍රස් රජයේ විදේශ කටයුතු ඇමතිවරයා සමඟ මෙම ගැටලූව සාකච්ඡුා කිරීම සඳහා සෘජු සාකච්ඡුාවක් ලබාගැනීමට අපේක්ෂා කරයි. මේ සම්බන්ධයෙන් සයිප‍්‍රස් රජයෙන් විශේෂ ඉල්ලීමක් කිරීමට එතෙර අපි සංවිධානයේ සභාපතිවරයා විසින් තීරණය කොට තිබේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *