මෙගාවොට් 500ක විදුලිය මිල දී ගන්න රවිගේ යෝජනාවට කැබිනට් තීරණය 23 ට කල්යයි

විදුලි අර්බුදයට විසදුම් ලෙස නැවුවල  සවිකළ බලාගාර දෙකකින්  මෙගාවොට් 500ක විදුලිය මිල දී ගැනීම සදහා විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති රවි කරුණානායක මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ  යෝජනාව පිළිබද  කැබිනට් තීරණය දීම අප්‍රේල්  23 දින දක්වා  කල්දැමීමට කැබිනට් මණ්ඩලය ඊයේ තීරණය කළේය එම යෝජනාව කල් ඇතිව නොලැබුණු නිසා තමන්ට එය අධ්‍යයනය කිරීමට වෙලාව නොතිබූ බව ඇමතිවරු ප්‍රකාශ කිරීම නිසා එම තීරණය ගෙන ඇත .

විදුලු අර්බුදයට මධ්‍යකාලින හා දිගුකාලීන විසදුම් යෝජනා කිරීම සදහා අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඇමතිවරුන් පස් දෙනකුගෙන් යුත් කමිටුවක් ද පත්කරනු ලැබීය .

කෙසේ වෙතත් විදුලිය කැපීම නැවත්වීම සදහා වන  මිල දී ගැනීම් කිහිපයක් මේ වනවිටත් ක්‍රියාත්මක බව විදුලිබල අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි . මිල දී ගැනීම් අත්හිටුවා තිබු බලාගාර කිහිපයකට අලුතින් ගිවිසුම් අත්සන් කිරීම ඒ අනුව සිදුව ඇත .

එමෙන්ම මෙගාවොට් 100ක ධාරිතාවක් මස හයක් සදහා හදිසි මිල දී ගැනීම් ලෙස ලබා ගැනීමටද කැබිනට් අනුමැතිය හිමි වී තිබේ . එම කැබිනට් තීරණය පහත සදහන් ය .

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *