බිංගිරිය කර්මාන්ත කලාපයට ආයෝජකයෝ 13 දෙනෙක් එති

රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය දා ආරම්භ කරන ලද නව කර්මාන්ත කලාපයේ ආයෝජන සඳහා මේ වන විට ආයෝජකයන් 13 දෙනෙකු ඉදිරිපත් වී සිටින බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය කියයි. එම සමාගම් ආයෝජනය කිරීමට සූදානම් වන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 150 කි එමගින් 12000කට රැකියා අවස්ථා ලැබෙන අතර බිංගිරිය කර්මාන්ත කලාපයේ පළමු අදියරේ ඉලක්කය මෙමඟින් සම්පූර්ණ වෙයි.

මාවතගම, මිල්ලනිය හා ත්‍රිකුණාමලයේ ද මෙබඳුම කර්මාන්ත කලාප ආරම්භ කිරීමට සූදානම් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *