|

පාක්ෂිකයන් මානසිකව වැට්ටවීමේ කුමන්ත්‍රණයකුත් ක්‍රියාත්මක වෙනවා – ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා

ඊයේ (9) වෙනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පැවති පුවත්පත් සාකච්ඡාවක දී ජනාධිපතිවරයාගේ ගේ නිල කාලය අවසන් වන නිශ්චිත දිනය පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පල කළ අදහස් මෙසේය.

දයාසිරි ජයසේකර මහතා – අය වැය පරාජය කිරීම සම්බන්ධයෙන් කිසිදු වැඩසටහනක් අපි සකස් කරල තිබුණෙ නෑ. එහෙම නම් මහින්ද රාජපක්ෂ මහත්තයයි ජනාධිපතිතුමයි දෙන්නම එකට එකතුවෙලා සාකච්ඡා කරල මේ අය පරද්දන්නෙ කොහොමද? පරද්දනව නම් මොකක්ද කළ යුතු වැඩපිළිවෙල, ඡන්ද 113ට වඩා සොයාගන්නෙ කොහොමද? මේ සියල්ල පිළිබඳව අපිට වැඩසටහනක් හදන්න තිබුණා. හැබැයි අපි හැදුවෙ නෑ.

ඒ වගේම මම කියන්න කැමතියි අනෙක් පැත්තෙ කාරණයත්. 2018 ඔක්තෝම්බර් මාසෙ 26 වැනි දා මේ කිසිම දෙයක් නැතුව අතිගරු ජනාධිපතිතුමා තීන්දුවක් ගත්තා මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිතුමා මේ රටේ අගමැති කරන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අපි සියයට සීයක් ඒ වැඩපිළිවෙලට සහයෝගය දුන්නා. කිසි වෙලාවක කකුලෙන් ඇදලා වැඩ කෙරුවෙ නෑ. හැබැයි එදා 113 හදා ගන්න ඒ ආණ්ඩුවට බැරිව ගියා. ඒ 113 හදාගන්න වැඩපිළිවෙල යන අතරෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු පිරිසක් පොදු ජන නිදහස් පෙරමුණේ සාමාජිකත්වය ගත්තා. ඒ විශ්වාසය කැඩුවෙ කවුද? අපි වගේ අය විශාල කඩා වැටීමකට ලක්වුණා. මොකක් ද මේ කෙරුවෙ කියලා. මේක කරන්නද මේ ආණ්ඩුව හැදුවෙ කියල.

අයවැයට විරුද්ධව ඡන්දෙ පාවිච්චි කළේ නෑ කියල අපිව ද්‍රෝහීන් ගානට දාන ඔය සියලු දෙනාටම මම කියන්න කැමතියි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ගන්න කොට ඔය ද්‍රෝහිකම අපිට තේරුණා ඔය විදිහටම. මේ ක්‍රියාදාමය අපේ එකතු වීමට අපිට ප්‍රශ්නයක් නෑ. අපේ එකතුවීම සම්බන්ධයෙන් වන සාකච්ඡා අපි ක්‍රියාත්මක කරගෙන යනවා. හැබැයි, ඒ අතර ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් මානසිකව වැට්ටවීමේ කුමන්ත්‍රණයකුත් මේක ඇතුළෙ ක්‍රියාත්මක වෙනවා. ඒකට යටත් වෙන්න අපි සූදානම් නැහැ.

මීළඟට මාධ්‍ය ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලේකම් දයාසිරි ජයසේකර මහතා.

මාධ්‍ය – ජනාධිපතිතුමාගේ ධුරයේ නිල කාලය පිළිබඳ මොකක් හරි ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවද?

පිළිතුර – 19 වන ව්‍යවස්ථා සංශෝධනය 2015 ජුනී මාසේ 21 තමයි මට මතක විදිහට කතානායක තුමා අත්කරල තියෙන්නෙ. පනතක් සම්මත කරපුවාම සම්මත කරපු දිනේ ඉඳල ඉදිරියට තමයි ඒ ක්‍රියාමාර්ගය සිද්ධවිය යුත්තෙ. 2015 ජුනි 21 ඉඳලා අවුරුදු 5ක් ගැනපුවාම 2020 ජනි 21 තමයි නැවත ජනාධිපති වරණයක් තිබිය යුතු කාලය කියල අදහසක් අපේ තියනව.

මාධ්‍ය – ඔබතුමාලා, උසාවි යන්න, සුප්‍රිම්කෝට් එකෙන් අදහසක් ගන්න බලාපොරොත්තු වෙනවද?

පිළිතුර -ඒක අපි තාම තීරණය කරල නෑ. අපිට ඕන නම් යන්න පුළුවන්. නැත්නම් ජනාධිපති තුමාට ඒ මතය විමසන්න පුළුවන්. එහෙම මතයක් ගැන සමාජයේ විශාල සාකච්ඡාවක් යනව.

මාධ්‍ය – පක්ෂ මතය මොකක් ද?

පිළිතුර -පක්ෂය තුළත් සාකච්ඡා කරනව. පක්ෂයේ මන්ත්‍රිවරුත් සාකච්ඡා කරනව. මේක කරන්න පුළුවන් ද බරි ද කියල කතා වෙනව. අලුත් අග්‍රවිනිසුරුවරයෙකුත් පත්වෙනව. බොහෝදුරට සුප්‍රිම්කෝට් යන්න පුළුවන්.

  මනෝජ්

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *