විදුලි අර්බුදයත් ජනාධිපතිගේ නිර්මාණයක් – අගමැතිගේ නිලධාරීන් නොතකා හරින්න කියලා

විදුලි බල ක්ෂේත්‍රයේ අර්බූදකාරී තත්ත්වයක් නිර්මාණය වීමට හේතුව ගැටුම වැඩි වන ආකාරයෙන් කටයුතුරීමට මෛත්‍රිපාල සිරිසේන මහතා විදුලිබල අමාත්‍ය වරයාටත්, විදුලි බල ක්ෂේත්‍රෙය් ඉහළ නිලධාරීන්ටත් උපදෙස් දීම බව දැන් හෙළිකරව් වෙමින් පවතී. මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර නොගෙන හා ඔවුන්ගේ උපදෙස් පිළිනොපදිමින් කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දී ඇතැයි වාර්තා වේ. කෙසේ වෙතත් දැන් ගැටුම දුර දිග ගොස් අවුල් ජාලයක් වී ඇති විට විදුලි බල මණ්ඩලය හා උපයෝගීතා කොමිසම අතර ගැටුම විසදාගන්නා තෙක් කැබිනට් රැස්වීමට එන්නේ නැතැයි කියමින් ජනාධිපතිවරයා කැබිනට් රැස්වීමෙන් පිටව ගිය බවද පසුගිය දා වාර්තා විය.

 

මහජන උපයෝගීතා කොමිසම නොතකා හැර කටයුතු කරන ලෙස හිටපු ජනාධිපතිතුමා හිටපු ඇමති රංජිත් සියඹලාපිටිය මහතාටත්, නිලධාරීන්ටත් උපදෙස් දී ඇත්තේ එම කොමිසම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ පවතින නිසාය.

 

ජනාධිපතිවරයාගේ කිට්ටු අමාත්‍යවරයෙකු වූ රංජිත් සියඹලාපිටිය මහතා කෙරවලපිටිය මෙඝා වෝට් 350ක එල්.එම්.ජී. බලාගාරයක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ගෙන ටෙන්ඩර් කැඳවා චීන සමාගමකට ලබාදීමට තීරණය කොට ඇත්තේ අදාල බලාගාර ඉදිකිරීමට මහජන උපයෝගීතා කොමිසමෙන් මුලින්ම ලබාගතයුතු අනුමැතිය ලබානොගෙන බව ද පසුගිය සිකුරාදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ හෙළිදරව් විය. එම ටෙන්ඩරය චීන සමාගමට ලබාදීමට එරෙහිව ‘ලක්දනවී’, සමාගම ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයේ දී කොමිසම වෙනුවෙන් පෙනීසිටි නීතිඥයා අධිකරණයට මේ බව  දැනුම් දුන්නේය. මෙය නීති විරෝධි ක්‍රියාවකි. මෙතරම් විශාල ටෙන්ඩරයක දී නිතිය නොතකා හිතුවක්කාර ලෙස ක්‍රියාකිරීමට ඉහළ නිලධාරීන්ට ශක්තිය ලැබුනේ රටේ ඉහළම දේශපාලන බලවතාගේ අනුග්‍රහය ලැබුණ නිසා බව කියති.

 

මෙලෙස විදුලි බල ක්ෂේත්‍රෙයේ  නිලධාරින් දිගින් දිගටම උපයෝගිතා කොමිසමේ අදහස් නොතකා ඔවුන්ගේ උපදෙස් පැහැර හරිමින් කටයුතු කොට ඇත.

 

කෙරවලපිටිය බලාගාරය සඳහා ටෙන්ඩරය කැඳවා දැනට වසර දෙක හමාරකට වැඩි කාලයක් ගත වී ඇතත් එය ද තවම අවසන් කරගත නොහැකිව ඇත්තේ ද මත ගැටුම්කාරී තත්ත්වයක් උද්ගත වීම හේතුවෙනි.

 

2015 වන විට සාම්පූර්හි මෙඝා වෝට් 500ක ගල් අඟුරු බලාගාරයක් ඉදිකිරීමට සියලු කටයුතු සූදානම් කර වැඩ අරඹා තිබුණ ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ තීරණයක් මත එය අහෝසි කරනු ලැබීය. ඒ සඳහා බලපෑම් කළේ පිවිතුරු හෙටක් සංවිධානයේ අතුරලියේ රතන හිමියන්  හා “සෙමා” ආයතනයේසභාපතිව සිටි අශෝක අභයගුණවර්ධන ඇතුළු පිරිසකි. ඒ ගල් අඟුරු නිසා පරිසරයට හානිවන බව කියමිනි. එසේ කලද එයට විකල්පයක් ලෙස බලාගාර ඉදිකළේ නැත .

 

ජනාධිපතිවරයාගේ හිතවත්ම ඇමතිවරයෙකු වන රංජිත් සියඹලාපිටිය මහතා ඇමති ධුරය දැරූ වසර හතරටම එකම විදුලි බලාගාරයක්වත් ඉදිකොට නැත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *