විදුලි බල අර්බුදයක් ඇති වන බව 2012 සිට දැන සිටියත් දේශපාලන අධිකාරිය නිසි විසඳුම් දී නැහැ – විදුලිබල ඇමැති රවි කරුණානායක

විදුලි බල අර්බුදයක් ඇති වන බව 2012 වසරේ සිට දැනුවත්ව සිටියත් දේශපාලන අධිකාරිය විසින් ඒ සඳහා නිසි විසඳුම් ගැනීම සිදු කර නොමැති බව විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති රවි කරුණානායක මහතා පැවසීය.

විදුලිය කැපීම හෙට (10) මධ්‍යම රාත්‍රියේ සිට මුළුමනින්ම නවතා දමා අඛණ්ඩ විදුලි බල සැපයුම සිදු කරන  බවත් ඇමැතිවරයා සඳහන් කළේය. බව විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති රවි කරුණානායක මහතා පැවසීය.

මා අමාත්‍යධුරය භාරගෙන දවස් 91යි. ගැසට් නිවේදනය නිකුත් කර දින 78යි. අද වන විට හැම පැත්තෙන්ම ඇහෙන එකම වචනය විදුලිය කපනවාද? නැද්ද? කියලයි. මම වගකීමෙන්ම කියනවා හෙට එනම් 10 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට විදුලිය නොකපන බව යයි ඇමතිවරයා වැඩිදුරටත් කීය.

විදුලි බල සැපයුම අඛණ්ඩව ලබා දීම සඳහා දැනට ගෙන ඇති සාධනීය පියවර මගින් 2021 වන විට ගෘහස්ත විදුලි බිල අඩු කිරීමට හැකි වනු ඇතැයි අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.

පෞද්ගලික සමාගම් මගින් විදුලිය මිල දී ගැනීම නිසා විදුලි බිල ඉහළ යනු ඇතැයි මාධ්‍ය මගින් පළ කර තිබූ මාධ්‍ය වාර්තා ප්‍රතික්ශේප කළ ඇමැතිවරයා පෞද්ගලික අංශයෙන් විදුලිය මිල දී ගැනීම වඩාත් ලාබදායක බවද සඳහන් කළේය.

මෙගොවොට් 500ක් විදුලි බල ධාරිතාවක් අලුතින් විදුලි බල පද්ධතියට එක් කර ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමට නියමිත බවත් කීය.

2025 වන විට ගල් අඟුරු බලාගාර තුනක් ඉදි කෙරෙන බව කී ඇමැතිවරයා ඉන් දෙකක් නොරොච්චෝලේ සහ අනෙක ත්‍රිකුණාමලයේ ඉඳි කිරිමට නියමිත බවත් පැවසිය.

අමාත්‍ය රවි කරුණානායක මහතා මේ බව සඳහන් කළේ මේ වන විට මුළු රටටම බලපා ඇති විදුලි අර්බුදය, එය විසඳීම සඳහා අනුගමනය කෙරෙන සහ ඉදිරියේදි අනුගමනය කිරීමට නියමිත කෙටි,මධ්‍යකාලින සහ දිගුකාලීන ක්‍රියා මාර්ගයන් පිළිබඳව දැනුවත් කිරිම සඳහා මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග අමාත්‍යාංශයේ දී ඊයේ (8) පැවැති සාකච්ඡාවේදීය.

වෙසක් සමය සඳහා විදුලි බල සැපයීම අත්හිටුවන බවට පැතිරෙන ප්‍රචාරයන් අසත්‍ය බව අවධාරණය කළ ඇමැතිවරයා මෙවර වෙසක් උත්සවය වෙනදාටත් වඩා තොරන් ඇතුළු විදුලි ආලෝකයෙන් සමන්විතව උපරිමයෙන් සැමරීමට අවස්ථාව ලබා දෙන බවත් පැවසීය. ඒ සඳහා සුදානම් වන ලෙස තමා අදාළ රාජ්‍ය,පෞද්ගලික,සංවිධානවලට ඇරයුම් කරන බවත් බෞද්ධ රටක් වශයෙන් එම වත් පිළිවෙත් සැමරීමට සියලු පහසුකම් ලබා දීමට රජය කැප වී සිටන බවත් පැවසීය.

එහිදී අමාත්‍ය රවි කරුණානායක මහතා මෙසේද කීය.

අමාත්‍ය රවි කරුණානායක මහතා මෙසේ වැඩිදුරටත් මාධ්‍ය දැනුවත් කළේය.

දැනට අපට විදුලිය බලය ජනනය කිරීමේ හැකියාව ඇත්තේ මෙග වොට් 4200යි. එහෙත් අප ලබා ගන්නේ මෙග වොට් 3990 යි. නොරච්චෝල බලාගාරයෙන් මෙග වොට් 900ක් ලබා ගත හැකි වුවත් යාන්ත්‍රික දෝෂ නිසා විදුලිය බල ජනනය මෙග වොට් 810යි. ජල විදුලි බල ජනනය ‍මෙග වොට් 1700යි. රන්දෙනිගල වැනි ජලාශ විදුලිබලජනනයට යොදා නොගන්නේ ඒවා මුළුමනින්ම පානීය ජල සැපයුම හා කෘෂිකාර්මික අවශ්‍යතාවන් සඳහා වෙන් කර තිබීමෙන් විදුලිබල ජනනය මෙග වොට් 240ක් තරම් ප්‍රමාණයක් සිදු වන්නේ.

ඒ වගේම ජල විදුලි බලජනනය දැන් ඇත්තේ ඉතා අවදානම් තත්ත්වයක. එය 50% – 60% තරම් අඩුවන ප්‍රවණතාවයක් වර්තමානයේ ඇත්තේ. ඉදිරියටත් එම තත්ත්වය එලෙසම විය හැකියි.

ඒ වගේම සූර්ය බලයෙන් විදුලිය බලය නිෂ්පාදනය කුඩා ජල බලාගාර නිපැයුම මඟින් 2012 සිට මෙග වොට් 760ක් පමණයි.

වසරකට විදුලිය බලධාරිතාවට එක් වන්නේ මෙග වොට් 300ක් වැනි ප්‍රමාණයක්. එහෙත් වාර්ෂික ඉල්ලුම මෙග වොට් 1500ක් 1600ක් තරම් වෙනවා. එම සැපයුම තවත් පහළ බහින්න යාන්ත්‍රික දෝෂ ජල බලය හේතුවනවා.

ඒ අනුව අඛණ්ඩ විදුලිය බල සැපයුමට ස්ථිරසාර විසඳුමක් අවශ්‍යයි. එහි එක් පියවරක් ලෙස පෞද්ගලික අංශය වෙත අවධානය යොමුකළ යුතු වෙනවා. එයට අප ටෙන්ඩර් දෙකක් කැඳවා තිබෙනවා. වින්ඩ්හෝස් සහ එල්. එන්. ජී. ජපානයෙන්, ඉන්දියාවෙන්, චීනයෙන් අප විදුලිය බලය ලබාගන්න සූදානම්. කැබිනට් අනුමැතිය ලද වහාම ඒ සඳහා ක්‍රියාත්මක වෙනවා.

ගල් අඟුරුවලින් විදුලිය ජනනයට රුපියල් 10 ක තරම් මුදලක් වැය වන අතර එල්. එන්. ජී. හරහා වැය වන මුදල රු.13 ක්. ජල බලයෙන් විදුලිය නිපදවීමට ඉතා අඩු මුදලක් වැයවන අතර ජල බලයේ හිඟකම එහි ලාභය ලබාගැනීම අපහසු කරනවා. කුඩා බලාගාර සඳහාත් රුපියල් 12 තරම් වැයවීමක් සිදුවෙනවා.

විදුලිබල මණ්ඩලයෙන් විදුලිබලය ලබාගැනීම සඳහා වැයවන මුදලත් පෞද්ගලික අංශ‍යෙන් ලබාගැනීමට වැයවන මුදලත් සසැඳීමේදී පෞද්ගලික අංශයෙන් අඩු මුදලක් වැය කළ යුතු වන බව පෙන්වා දී තිබෙනවා. එය එක් ඒකකයක් සඳහා රු.25 ක් 26 ක් වැය කළ යුතු වනවිට කැලණිතිස්ස බලාගාරයෙන් ලබාගැනීමේදී රු.37 ක් වැය කළ යුතු වෙනවා.

ඒ අනුව පෞද්ගලික අංශය වෙත අවධානය යොමු කිරීමෙන් මෙගවොට් 500 ක් අ‍ෙප් විදුලිය බල ධාරිතාවට එක් කළ හැකි වෙනවා. සූර්ය බලයෙන් නිෂ්පාදනය කළ හැකි වන්නේ සූර්යාලෝකය ඇති පැය ගණනාව තුළ පමණයි. ඉතිරි කාලය සඳහා බැටරි භාවිතයට ගියවිට නිෂ්පාදන වියදම වැඩිවීම අනිවාර්යයි. එසේම උදේවරුවේ ලැබෙන තාප බලය 60% ප්‍රමාණය එකතු කිරීමටත් මාස 6, 7 ක් කාලය වැය වෙනවා. සුළං බලයෙන් විදුලිබල ධාරිතාව එක්රැස් කිරීමට වසරක කාලය ගතවෙනවා. ඒ අනුව පෞද්ගලික අංශය වෙත යොමුවීම වඩාත් සාර්ථක ක්‍රියාදාමයක් වෙනවා. ඒ අනුව 2021 වසර වනවිට අපට මෙ.වොට් 500 ක් එක්කර ගත හැකි වෙනවා. හදිසි විදුලිය මිලදීගැනීම් අපි ප්‍රතික්ෂේප කළා. ඉංජිනේරු වෘත්තීය සමිතියෙනුත් අපිට කිව්වා හදිසි විදුලිය මිලදී ගැනීම් අවශ්‍ය නැහැ කියලා. ඇත්ත වශයෙන්ම ඒ අවස්ථාවේ අපට හදිසි විදුලිය මිලදී ගැනී‍ෙම් අවශ්‍යතාවක් තිබුණේ නැහැ. නමුත් අපේ නොරොච්චෝල බලාගාරයෙයි, බාජ් එකයි කැඩීමෙන් තමයි නැවත එම ප්‍රශ්නය ඇති වුණේ. අපි ඉදිරියට රිසව් මාජින් (සංචිත ආන්තිකය) 10% සිට 25% දක්වා වැඩි කරනවා. පසුගිය දිනවල මාධ්‍ය තුළින් අපේ පාවෙන බලාගාර ගැන කතා කරලා තිබුණා. වසර 15ක් තිස්සේ කොළඹ තිබෙන බාජ් එකකින් අවම මිලක් යටතේ මෙග‍ාවොට් 100ක් පමණ ලබාගත්තා. මට තේරෙන්නේ නැත්තේ ඇයි දැන් මේ මිල අවම මිලකට මිලදීගෙන විදුලි ගැටලුව විසඳන්න යද්දි, යම් පිරිසකට බාජ් එක ගැටලුවක් වුණේ කියලා. මේවා තමයි මාෆියා කියන්නේ” යැයි පැවසීය.

අප මේ සැලසුම් අධ්‍යයනය කර නිසි ක්‍රියාදාමයක් පිළිපැදීමෙන් අඛණ්ඩ විදුලිය බල සැපයුම සහතික කළ හැකි බව රවි කරුණානායක මහතා පෙන්වා ‍දුන්නේ ය.

 

Email Facebook0 Twitter google_plus Pinterest0 WhatsApp Viber Facebook Messenger

Leave a Reply

Your email address will not be published. Required fields are marked *