‘‘මරණ දඬුවම කිසිසේත් පිළිගත නොහැකි මානව අභිමානය නොසලකා හරින දඬුවමකි‘‘ – යුරෝපා සංගමයෙන් නිවේදනයක්

මරණ දඬුවම කිසිසේත්ම පිළිගත නොහැකි මානව අභිමානය නොසලකා හරින දඬුවමක් බවත් 2018 දෙසැම්බර් මස පැවති 73 වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී එකඟ වූ පරිදි මෙරට රජය මරණ දඬුවම ඉදිරියටත් අත්හිටුවනු ඇති බව යුරෝපා සංගමයේ නියෝජිත මණ්ඩලය (EU) අද (8) නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයකින් පවසයි. 
 
ප්‍රංශ, ජර්මන්, ඉතාලි, නෙදර්ලන්ත, රොමේනියා තානාපති කාර්යාල සහ එක්සත් රාජධානියේ මහකොමසාරිස් කාර්යාලය, මෙන්ම නොර්වේ සහ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල, ඔස්ට්‍රේලියාව සහ කැනඩාව මහකොමසාරිස් කාර්යාල මේ අතරට ඇතුළත්ය.
අදාළ නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබෙන්නේ,
”ශ්‍රී ලංකා රජය මත් කුඩු ජාවාරමට එරෙහි ප්‍රතිපත්තියට අනුකූලව වසර 43කට පසුව ශ්‍රී ලංකාව තුළ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා මෑතකදී කටයුතු යොදමින් සිටී. ශීඝ්‍රයෙන් වර්ධනයවන මත්කුඩු ජාවාරම ලොව පුරා රාජ්‍යයන් මුහුණදෙන බරපතළ ගැටළුවක් බවත්, මත්කුඩු ජාවාරම තහනමට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතු බවත් පිළිගන්නා අතරම මරණ දඬුවම ඒ සඳහා ඇති ඵලදායී ප්‍රතිකර්මයක්ය යන්න සනාථ වී නොමැති තර්කයකි. මත්කුඩු උවදුරට එරෙහිව ක්‍රියාත්මක වීම සම්බන්ධව අපට ඇති අත්දැකීම් බෙදාහදා ගැනීමට අප සූදානම්ය.
විවිධ නෛතික පද්ධති, සම්ප්‍රදාය, සංස්කෘති සහ ආගමික පසුබිම් සහිත ලොව රටවල් අතරින් තුනෙන් දෙකකට අධික ප්‍රමාණයක් මරණ දඬුවම අහෝසි කිරීමට හෝ එය ක්‍රියාත්මක නොකිරීමට කටයුතු කර ඇත. මරණ දඬුවම යනු කිසිසේත් පිළිගත නොහැකි මානව අභිමානය නොසලකා  හරින දඬුවමකි.
2018 දෙසැම්බර් මස පැවති 73 වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී එකඟ වූ පරිදි ශ්‍රී ලංකා රජය මරණ දඬුවම ඉදිරියටත් අත්හිටුවනු ඇතැයි අපි අපේක්ෂා කරමු.”  යන්නයි. 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *