ද්විත්ව පුරවැසිභාවය තියනව නම් කාටවුණත් ඉල්ලන්න බෑ ; අපි තවම අපේ අපේක්ෂකයා තීන්දු කරල නෑ – විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ

මහින්ද රාජපක්ෂ මහතා පොළොන්නරුව පාර්ලිමේන්තු මන්ත්‍රි රොෂාන් රණසිංහ මහතාගේ නිවසේ ආගමික උත්සවයකට සහභාගි වී සිටි අතරතුර හා කුරුණෑගල ප්‍රදේශයේ වෙළඳ සැලක් විවෘත කිරීමට ගිය අවස්ථාවන්හි දී මාධ්‍යවේදීන් ඒ මහතාගෙන් අසන ලද ප්‍රශ්න හා ඒ මහතා එම ප්‍රශ්නවලට දුන් පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය – රංජිත් සොයිසා මහත්තයා කියල තියෙනව, අයවැයට විරුද්ධව ඡන්දෙ ප්‍රකාශ කරනකොට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු එයාලව නැවැත්තුවා කියල.

පිළිතුර –  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු කණ්ඩායමක් ඡන්දය දීමෙන් වැලකී සිටියා. එක ඡන්දය දුන්නා හා සමානයි.

ප්‍රශ්නය – එතකොට මෙයාලත් එක්ක ඉදිරිගමන සාකච්ඡා කරගෙන යන්න පුළුවන් ද?

පිළිතුර – ඒක ඉදිරියට යන වෙන ගමනක්. ඒක වෙනම කාර්යයක්. ඒක මේකට බාදාවක් වෙන්න නෑ.

ප්‍රශ්නය – අය වැය ට මොකද වුණේ ජනාධිපති තුමා? බහුතරය තියෙනව කියල කිව්වා ඒ වුණාට?

පිළිතුර – අපි එහෙම කිව්වෙ නෑ. බහුතරයක් ඉන්නව කියල. අපි බහුතරයක් ගන්න බලනව කියල කිව්වෙ.ඒ වගේම අපි අයවැයෙන් තුනෙන් එකක් පරාජය කෙරුව කියල මතක තියා ගන්න. පරද්දලා පෙන්නුවා ආණ්ඩුවට රතු එළියක්.

ප්‍රශ්නය – මීළඟ ජනාධිපති අපේක්ෂකයා හැටියට ගෝඨාභය රාජපක්ෂ මහත්තයව පත් කරන්න සූදානම්ද?

පිළිතුර – තාම අපි තීන්දු කරල නෑ. ජනාධිපතිවරයයි අපියි ඔක්කොම එක්කාසු වෙලා සකච්ඡා කරල අපි දාන අපේක්ෂකයා අනිවාර්යෙන්ම දිනන අපේක්ෂකයා.

ප්‍රශ්නය – තවම නම්කරල නැද්ද?

පිළිතුර – අපි ජනතාවගෙන් අහනව. දැන් රටවටේ යනව.

ප්‍රශ්නය – යම්කිසි විදිහකින් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා වුණා නම්, පුරවැසිභාවයට මොකක්හරි ප්‍රශ්නයක් වෙනවද?

පිළිතුර – පුරවැසිභාවයක් නැත්නම් ඉල්ලන්න බෑනේ!

ප්‍රශ්නය – ඇමරිකාවෙ පුරවැසිභාවය ප්‍රශ්නයක් නැද්ද?

පිළිතුර – දෙකම තියනවා නම් ඉල්ලන්න බෑ කාටවුණත්.

බිනර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *