ගෝටා ඇමරිකන් පුරවැසිභාවය අත්හැරීමේ ලිපි භාරදුන්නේ ගිය සතියේ

ගෝටාභය රාජපක්ෂ මහතා තම ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීමට අදාල ලිපි ලේඛන පසුගිය සතියේ ඇමෙරිකාවේ වොෂින්ටන් නගරයේදී එරට බලධාරීන්ට භාරදුන් බව වාර්තා වෙයි . ඒ මහතා පසුගිය මාර්තු 6 දා අදාල ලේඛන කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලයට භාරදුන් බවට කලින් පළවූ වාර්තාවල සත්‍යතාවයක් නැති බව ද කියති . මාර්තු 6 දා ගෝටාභය රාජපක්ෂ මහතා කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලයට ගොස් පුරවැසිභාවය ඉවත්කර ගැනීම ගැන සකචචා කළ ද ලිපි ලේඛන භාරදීම එදින සිදුකොට නැත .

පුරවැසිභාවය ඉවත්කර ගැනීමට ගෝටාභය රාජපක්ෂ මහතා භාරදුන් ලේඛන පිටපත් අමිරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව , එෆ් බී අයි ආයතනය ඇතුළු ආයතන ගණනාවක් මගින් පරීක්ෂාවට ලක් කළ යුතුය . ඇතැම්විට පුරවැසිභාවය ඉවත්කිරීමට එරෙහිව අධිකරණ තීන්දු ලැබුණු අවස්ථාද ඇති බව කියති . කෙසේ වෙතත් ගෝටාභය රාජපක්ෂ මහතා ගේ ප්‍රශ්නය එතරම් සංකීර්ණ නොවුනද එයට යම් කාලයක් ගතවනු ඇතැයි කියති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *