විදුලිය විසන්දි කිරීමට සිදුවීම ගැන කණගාටුයි ; අප්‍රෙල් 10 වනදා සිට විදුලිය කැපීමක් නෑ – ඇමති රවී කරුණානායක

 

“ලංකා විදුලිබල මණ්ඩලයත්, අමාත්‍යාංශයත්, මමත් ජනතාවට විදුලිය විසන්ධි කිරීම සිදුවීමෙන්  ජනතාවට ඇති වී තිබෙන අපහසුතාව පිළිබදව ඉතාමත් කණගාටුවට පත්වෙනවා. ඒ වගේම අප්‍රේල්  මාසේ 10 දා දලා මෙම අපහසුතාව නැවතත් ජනතාවට විදින්න වෙන්නේ නැහැ කියලා මම වගකීමෙන් ප්‍රකාශ කරනවා.

විදුලි බල විෂය බාර අමාත්‍ය රවී කරුණානායක මහතා එසේ ප්‍රකාශ කළේ කැළණිතිස්ස විදුලිබලාගාරයේ නිරීක්ෂණ චාරිකාවට එක්වෙමිනි. එහි දී තවදුරටත් කතා කළ අමාත්‍ය රවී කරුණානායක මහතා අප්‍රේල් 10 දා ඉදලා විදුලි අර්බුදයට ජනතාවට මුහුණ දෙන්න ඉඩතියන්නේ නැති බවත්, ඉදිරියේදී කර්මාන්ත අංශයේ විදුලි ඉල්ලුම සති 02 ක් වැනි කාලයක් තුලදීත්, ගෘහස්ත විදුලි ඉල්ලුමක් පැය 24ක් තුලදීත් ලබාදීමට පියවර ගන්නා බවත් කීය.

අපි මාස 03 ක් 04 ක් ඉතාම අරපිරිමැස්මෙන් ප්‍රවේශමෙන් විදුලිය පාවිච්චි කළ යුතුයි. ඉන් පස්සේ අපි තව මාස 03කින් 04 කින් ජනතාවගේ ඉල්ලීම පරිදි හිඟයකින් තොරව විදුලිය සැපයුම ලබාදෙන්න අපි මේ වනවිට සැලසුම් සකස් කරමින් පවතිනවා.

අද මේ රටේ ඇතිවී තිබෙන තත්ත්වය, රටවැසියන් වශයෙන් අපි සියළු දෙනාටම තදින් දැනෙන ප්‍රශ්නයක්. නමුත් අපේ සමහර කොටස් වලට මේ උග්‍ර තත්ත්වය ගැන කිසිම හැගීමක් නැහැ. රජයේ වත්කම් බොහෝ තැන්වල නාස්ති වෙනවා. විදුලියත් එහෙමයි. අනවශ්‍ය ආකාරයෙන් වීදි ලාම්පු දැල්වෙන්නට නොදී නිවා දමන ලෙස අපි ඉල්ලීම් කරලා තිබෙනවා. නමුත් මේ උග්‍ර ජාතික ගැටළුව ගැන කැක්කුමක් නැති පිරිස් මේ පිළිබදව තැකීමක් කරන්නේ නැහැ. අපි නැවතත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, මේ මාසේ 10 දා වෙද්දි මේ ගැටළුව විසදුනත්, දිගුකාලීන වශයෙන් මේ සදහා සාර්ථක විසදුම් ලබාගන්නා තෙක් ජාතික හැගීමක් ඇතිව අරපිරිමැස්මෙන් විදුලිය පරිහරණය කරන්න කියල.  යැයි පැවසීය.

මනෝජ්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *