විදුලිය අර්බුදය ගොඩයන ලකුණු – පුද්ගලික සමාගම් තුනකින් විදුලිය මිල දී ගනී

මෙගාවොට් 100ක ධාරිතාවක් හදිසියේ මිලදී ගැනීමට පෞද්ගලික සමාගම් තුනක් තෝරාගෙන ඇතැයි ලංවිම ආරංචි මාර්ග සඳහන් කරයි. ඇට්‍රිකෝ, වී පවර් සහ අල්ටාස් ඕල්ඩනේටිව් නමැති විදුලි ජනන සමාගම් ටෙන්ඩර් පරිපාටියට අනුව තෝරාගෙන තිබෙන අතර එම ආයතන සමග තවත් දින කිහිපයක් ඇතුළත ගිවිසුමි අත්සන් කිරීමට නියමිත බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම ආයතනවලින් මාස 6ක් විදුලිය මිලදී ගැනීමට නියමිත අතර  ඒ සඳහා විදුලිය ඒකකයකට මණ්ඩලය විසින් රුපියල් 28ත් 30ත් අතර මුදලක් ගෙවීමට නියමිත බවද පැවසේ. එම සමාගම් වලින් එලෙස විදුලිය මිලදී ගැනීමත් සමග රටපුරා අඛණ්ඩ විදුලිය සැපයීමක් ලබාදිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

මේ අතර පෞද්ගලික ආයතන ඒවායේ අවශ්‍යතා සඳහා විදුලි ජනක යන්ත්‍ර භාවිත කරන්නේ නම් ලංකා විදුලිබල මණ්ඩලය එම ආයතනවලට ඒකකයකට රුපියල් 36බැගින් ගෙවීමටද පියවර ගෙන ඇත.

අප්‍රේල් 10 සිට ජනතාවට විදුලිය පිළිබඳ ප්‍රශ්නයකට මුහුණ දීමට ඉඩ නොතබන බව විදුලිය විෂයභාර අමාත්‍ය රවී කරුණානායක මහතා කැළණිතිස්ස බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් පවසීය.

සුළු හා මධ්‍ය පරිමාණ සූර්ය තාප බලාගාරවලින් විදුලිය ඒකකයක් රුපියල් 16 බැගින් මිලදී ගැනීමට ද ලංවිම තීරණය කර තිබේ.

මනෝජ්

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *