|

විකල්ප පෙරමුණු හදන්න ගිය වීරවංශ , ගම්මන්පිල අනාථයි !

එකසත් ජනතා නිදහස් සන්ධානයේ මෛත්‍රීපාල සිරිසේන නායකත්වයට සහ යහපාලන ආණ්ඩුවට එරෙහිව විකල්ප පෙරමුණක් හදන්න ගිය විමල් වීරවංශ ,උදය ගම්මන්පිල දෙදෙනාට මහින්ද පිලේ සිටි අන් සියලු කණ්ඩායම් විරුද්ධ වීම නිසා අනාථ වන්නට සිදුවී ඇති බව අපගේ දේශපාලන ආරංචි මාර්ග කියයි .මහින්ද රාජපක්ෂ මහතා මෙම වැඩපිළිවෙලට සහභාගී නොවන බව ප්‍රකාශ කොට ඇත .ශ්‍රී ල නි ප අනෙක් මන්ත්‍රීවරුන්ද මෙයට සම්බන්දවීමට ඉදිරිපත්ව නැත .වාසුදේව නානායක්කාර මහතා කියා ඇත්තේ මෙය වැරදි වැඩක් බවයි. දිනේෂ් ගුනවර්දන මහතාගේ මහජන එක්සත් පෙරමුණ මෙම ප්‍රශ්නය මත දෙකඩ වන ලකුණු පහළවී ඇතැයි කියති .

මේ අතර මෙම පක්ෂවල ආසන මට්ටමේ නායකයන් පළාත් පාලන මැතිවරණයට සන්ධානය යටතේ තරග වැදීමට සුදානමින් සිටින බවද වාර්තා වෙයි .

මෙම තත්ත්වය යටතේ ගොඩනගන විකල්ප පෙරමුණක් වේනම් එය වීරවංශ , ගම්මන්පිල ඇතුළු සුළු පිරිසකට සීමාවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *