අතාවුද සෙනෙවිරත්න ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවෙන් නෙරපයි

ශ්‍රීලනිප මාවනැල්ල අසන සංවිධායකවරයා ලෙසත් කෑගල්ල දිස්ත්‍රික් නායකයා ලෙසත් දිගු කලක් කටයුතු කළ අතාවුද සෙනෙවිරත්න මහතා  ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවෙන් නෙරපා ඇති බව වාර්තා වෙයි . ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම නෙරපා හැරීම සිදුකොට තිබේ . එයට කිසිදු හේතු දැක්වීමක් සිදුකොට නැති බව ද කියති . අතාවුද සෙනෙවිරත්න මහතා පසුගිය පළාත් පාලන මැතිවරණදීත් ශ්‍රීලනිප ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රියා කළේය .

ලංකා සමසමාජ පක්ෂයෙන් දේශපාලනයට පිවිසි අතාවුද සෙනෙවිරත්න මහතා පසුව  ශ්‍රීලනිපයට සම්බන්ද වීය . ඒ මහතා දැනට සිටින ජෙෂ්ටතම දේශපලඥයෙකි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *