අරලියගහ මැදුරේදී වෙඩි තබාගැනීමකින් එස්ටීඑෆ් සෙබළෙක් මරුට

කොළඹ අරලියගහ මන්දිරය ඉදිරිපිටදී පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළෙකු  වෙඩි තබාගෙන මියගොස් ඇතැයි වාර්තා වේ.ඔහු අරලියගහ මන්දිරයේ ආරක්‍ෂාවට යොදවා සිටි අයෙකු බවත්, රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන ඇති බවත් වාර්තා වේ.  වෙඩි තබාගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී  නැති බව පොලිසිය පවසයි.මෙම සෙබළා වෙඩි තබාගැනීමෙන් පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්‍ෂයට පත්ව ඇත.ඔහු 31 හැවිරිදි අයෙකු බව ද ආරංචි මාර්ග පවසයි.

ඩයනා උදයංගනී

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *