ජනාධිපතිවරණය ජුලි මාසයේ ?

ජනාධිපතිවරණය ජුලි මාසයේ පැවැත්වීමට ඉඩ ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි . මෙම මස අග වනවිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හදිසි මහා මැතිවරණය කඩවීමේ නියෝගය නිකුත්කරනු ඇතැයි විශ්වාස කෙරෙයි . තම ජනාධිපති අපේක්ෂකත්වය තහවුරු කර ගැනීම ජනාධිපතිවරයාගේ අරමුණ වී ඇතැයි කියති . ගොටාභය රාජපක්ෂ මහතාගේ ඇමෙරිකානු පුරවැසි භාවය පිළිබද ප්‍රශ්නය විසඳා ගන්නට පෙර ජනාධිපතිවරණ නාමයෝජනා භාර ගැනෙන  ලෙස මැතිවරණය ඉක්මන් කිරීම සිරිසේන මහතාගේ උපාය බව කියති .

මැතිවරණ කොමිසම කියන්නේ මැතිවරණය පැවැත්වීමට මස දෙකහමාරක කාලයක් අවශ්‍ය බවයි . ඒ අනුව ජනාධිපතිවරයා මේ මස අගදී දැනුම්දීමක් කළහොත් මැතිවරණය ජුලි මාසයේ දී පමණ පැවැත්වීමට ඉඩ ඇත .

ජනාධිපතිවරණය සාමාන්‍ය නිත්‍ය යටතේ පවත්වන්නේ නම් එය නොවැම්බර් 9 දා සහ දෙසැම්බර් 9 දා අතර පැවැත්විය යුතුය .මෛත්‍රීපාල සිරිසේන ගේ නිල කාලය 2020 ජනවාරි අටවැනිදා දක්වා පැවතිය ද මැතිවරණ නීතිය අනුව ඊට මසකට පෙර ජනාධිපතිවරණය පවත්වා අවසන් කළ යුතුය .ඒ අනුව ජනාධිපතිවරණය නොවැම්බරයේ පැවැත්වීමට මතිඅවරණ කොමිසම විසින් නාමයෝජනා කැඳවීම අගෝස්තු සැප්තැම්බර් කාලයේ සිදුවිය යුතු ය . එසේ වුවද  එය ඊට පෙරජනාධිපතිවරණය කැදවීමෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා එහි අපේක්ෂකයකු වීම අනිවාර්ය වන තත්වයක් නිර්මාණය වෙයි .

කෙසේ වෙතත් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පිරිසකගේ අදහස වී ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සහය දී නාමික ජනාධිපති තනතුර ලබාගැනීමට කටයුතු කලයුතු බවයි . එයට මෛත්‍රීපාල සිරිසේන මහතා තවමත් කැමැත්ත ප්‍රකාශ කොට නැත .

මෛත්‍රීපාල සිරිසේන මහතා පොහොට්ටුවේ සහය ලබාගැනීමට දැරූ උත්සාහය ද මේ දක්වා සාර්ථක වී නැත . ශ්‍රීලනිප ප්‍රබලයන් පවසන්නේ එම සාකච්චා පිළිබඳව එතරම් බලාපොරොත්තු තැබිය නොහැකි බවයි .

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *