අප්‍රේල් 8 සෞඛ්‍ය වැඩ වර්ජනයක්

දිවයින පුරා රෝහල් සහ සෞඛ්‍ය ආයතන වල දී හෙද, පරිපූරක, අතුරු වෛද්‍යසේවා ඒකාබද්ධ වැඩ වර්ජනයක් කිරීමට හෙද, පරිපූරක, අතුරු වෛද්‍ය වෘත්තීමය සේවාවන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය තීරණය කර තිබේ.

ඒ ඉල්ලීම් නමයක් මුල්කරගෙනය. වසර හයෙන් හයට ශ්‍රේණිගත උසස් වීම් ලබා ගැනීම, උපධිධාරීන් සඳහා වෘත්තීමය වැටුප් තලයක් ලබා ගැනීම, විෂමතා ඉවත් කරන රනුග් ගේ කමිටු වාර්තාවේ වැටුප් පරිමාණයන් වහා ක්‍රියාත්මක කරවා ගැනීම, අහිමි කළ මාණ්ඩලික තත්ත්වය යළි ස්ථාපිත කරගැනීම, තීරු බදු රහිත වාහන ලබා ගැනීම, රැ.3000/-ක අවම විශේෂ රාජකාරී දීමනාව රු.6000/-ක් ලෙසට යාවත්කාලින කරගැනීම, අතිකාල රේට් අගය පැයට 1/80 ලෙස ලබා ගැනීම හිඟ අතිකාල දීමනා වහා ලාබා ගැනීම, සෞඛ්‍ය පරිපාලන සේවාව ස්ථාපිත කරවා ගැනීම ඔවුන්ගේ ඉල්ලීම් අතර වේ.

මෙම වැඩවර්ජනයට වෘත්තීය සමිති 16ක් අත්සන් කර තිබේ. රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය – සමන් රත්නප්‍රිය, රජයේ ‍‍‍‍ඖ‍ෂධවේදීන්ගේ සංගමය – ප්‍රියංකර පෙරේරා, ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරින්ගේ සංගමය – උපුල් රෝහණ, රජයේ වෛද්‍ය පර්යේෂණ තාක්ෂණ විද්‍යාඥ සංගමය – රවී කුමුදේශ්, රජයේ විකීරණ විද්‍යා තාක්ෂවේදි සංගමය – ධර්මකීර්ති ඈපා, රජයේ ආක්ෂි තාක්ෂණවේදීන්ගේ හා ඍජු නේත්‍රඥයින්ගේ සංගමය – සුජානි ධර්මපාල, රජයේ භෞත චිකිත්සක නිලධාරීන්ගේ සංගමය – චන්දන පෙරේරා, රජයේ දන්ත කාර්මික ශිල්පි සංගමය – සරත් රණවක, සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය – කේ.ඩී.එන්. සුමනසේන, රජයේ විද්‍යුත් නිකර්පණ රේඛන ශිල්පි සංගමය – නිලන්ත පියරත්න, රජයේ පාසල් දන්ත චිකිත්සක නිලධාරින්ගේ සංගමය – රේණුකා දාබරේ, රජයේ ඛන්තු රේඛන ශිල්පි සංගමය – ඉසුරු සෙනරත්, රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය – දේවිකා කොඩිතුවක්කු, රජයේ මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පි සංගමය – රිෂ්නි කරුණානායක, රජයේ ‍ ඖෂධ සංයෝජක නිලධාරිනගේ සංගමය – උ‍‍දේනි දිසානායක වැඩවර්ජනයට සහයෝගය දක්වා අත්සන් තබන වෘත්තීය සමිති හා වෘත්තීය සමිති ක්‍රියාධරයෝ වෙති.

මනෝජ්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *