ජනාධිපති කිවුවට මහේන්ද්‍රන් ගෙන්වන්න බෑ – සිංගප්පුරු අධිකරණයකින් නියෝගයක් ගත යුතුයි – හිටපු නීතිපති පාලිත ප්‍රනාන්දු නිතිය පැහැදිලි කරයි

උසාවියකින් වරෙන්තුවක් තිබු පමණින් හෝ රාජ්‍ය නායකයා ඉල්ලීමක් කළ පමණින් පුද්ගලයකු රටකින් රටකට භාරදිය නොහැකි බවත් ඒ සදහා නීතිමය ක්‍රියාවලියක් ඇති බවත් හිටපු නීතිපති පාලිත ප්‍රනාන්දු මහතා සන්ඩේ ටයිම්ස් පුවත්පතට ලිපියක් ලියමින් කියයි .

මෙම නීතිමය තත්ත්වය අනුව අර්ජුන මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවට ලබාගත හැක්කේ පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් අතර ඇති උදර්පණ ගිවිසුමට අනුව කටයුතු කිරීමෙනි . ඒ අනුව අර්ජුන මහේන්ද්‍රන් මහතාට එරෙහිව ඇති සියලු චෝදනා , සාක්ෂි ,ලිපි ලේඛන ආදී සියල්ල සිංගප්පුරු විදේශ අමාත්‍යංශය මගින් එරට නීතිපතිවරයාට භාරදිය යුත්තේ ඔහු අදාල වරදට වරදකරු බව එරට අධිකරණයට ඔප්පු කළ හැකිවන පරිදිය . එම නඩුව පැවරු විට  අර්ජන මහේන්ද්‍රන් මහතාගේ නීතිඥයන්ට ද ඔහු වෙනුවෙන් කරුණු දැක්වීමට  අවස්ථාව ලැබේ .අධිකරණය නියෝගය නොදුන්නොත් අර්ජුන මහේන්ද්‍රන් මහතා මෙරටට ලබාදීමක් සිදු නොවේ . නියෝගය දුන්නත් එයට එරෙහිව අභියාචනා කිරීමට ද අර්ජුන මහේන්ද්‍රන් මහතාට අවස්ථාව ලැබේ .

මෙරට කෙනෙකු පිටුවහල් කිරීමේ බලය ඇත්තේ කොළඹ මහාධිකනයටය .එහි තීන්දුවකට ඉහල අධිකරණයේ අභියෝග කළ හැකිය .සිංගප්පුරුවේද එම තත්වයම පවතියි .

අර්ජුන මහේන්ද්‍රන් මහතා මෙරටට ලබාගත හැකි අනෙක් ක්‍රමය වන්නේ ඔහුට එරෙහිව නඩු පවරා නඩුව විභාග කොට වරදකරු බවට තීන්දුවක් ලැබ ගැනීමයි . එහිදී ද අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ නීතිඥයන්ට ඉදිරිපත් විය හැකි වන අතර අභියාචනා කිරීමේ අයිතියද ඇත .එලෙස තීන්දුවක් ලබුනහොත් සම්පුර්ණ නඩු වාර්තා සිංගප්පුරු අධිකරණයට ඉදිරිපත් කොට සාධාරණ නඩු විභාගයක් සිදුවූ බවට ඔප්පු කළ යුතුය .

අර්ජුන මහේන්ද්‍රන් මහතා ගෙන්වා ගැනීමට ඇත්තේ එබදු සංකීර්ණ ක්‍රියාවලියක් බව හිටපු නීතිපති පාලිත ප්‍රනාන්දු මහතා පෙන්වා දෙයි . ජනාධිපතිතුමා හෝ රජය හෝ ඉල්ලීමක් කළ පමණින් අර්ජුන මහේන්ද්‍රන් මහතා මෙරටට භාරදීමට සිංගප්පුරු රජයට නීතිමය හැකියාවක් නැත .

පාලිත ප්‍රනාන්දු මහතාගේ sunday times ලිපිය බලන්න

http://www.sundaytimes.lk/190331/sunday-times-2/extradition-of-mahendran-laws-and-flaws-343130.html

http://www.sundaytimes.lk/190331/sunday-times-2/extradition-of-mahendran-laws-and-flaws-343130.html

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *