|

මහින්ද යටගැසූ උදලාගම කොමිසන් වාර්තාව මෛත්‍රී එළියට දමයි

මීට වසර හයකට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදුන් නමුත් කිසිදු පියවරක් නොගෙන සගවා තැබූ නිස්සංක උදලාගම කොමිසන් සභා වාර්තාව ඉදිරි දිනවල ප්‍රසිද්ධ කිරීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තීරණය කොට ඇති බව ආණ්ඩුවේ අපගේ ආරංචි මාර්ග කියයි . අතුරුදන් වුවන් පිළිබඳ මක්ෂ්වෙල් පරණගම වාර්තාවත් සමග මෙම වාර්තාවද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කීරීම ඒ අනුව සිදුවනු ඇත .

උදලාගම කොමිසමේ ක්‍රියාකාරීත්වය පිලිබදව මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ විවේචන එල්ලවී තිබුනද තමන්ට භාරදුන් පරීක්ෂණ අවසන් නැතැයිද ඉදිරි පරීක්ෂණ සදහා සම්පුර්ණ බලය සහිත ස්ථිර කොමිසමක් පත්කරන ලෙස රජයට යෝජනා කරන බවද එම කොමිසන් වාර්තාවේ සදහන් බවද දැනගන්නට ඇත . එමෙන්ම තම පරීක්ෂණ වල වැදගත් සාක්ෂිකරුවන් විදේශ ගතව සිටින බවත් , ඔවුන්ගෙන් සාක්ෂි ලබාගැනීමට කොමිසම භාවිතා කළ වීඩියෝ කොන්ෆෙරන්සින් පහසුකම් නතර කළ නිසා වැඩිදුර සාක්ෂි ගත නොහැකි වූ බවද වාර්තාවේ සදහන්ව ඇතැයි කියති .

ත්‍රිකුණාමලේ සිසු ඝාතනය , මුතුර්හි සහන සේවකයන් ඝාතනය ,ඇතුළු සිදුවීම් ගණනාවක් පරීක්ෂා කීරීම සදහා මෙම කොමිසම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් පත්කරන ලද්දේ ජාත්‍යන්තරයේ ඉල්ලීමකට අවනත වෙමිනි . කොමිසමට උපදෙස් දීමට විදේශීය විද්වත් කණ්ඩායමක්ද පත්කරණු ලැබීය .එම කණ්ඩායම පසුව ඉවත්ව ගියේ කොමිසමේ කටයුතු පිලිබදව සැහීමකට පත්විය නොහැකි බව කියමිනි .ඉන්පසු අවස්ථාවක කොමිසමේ කටයුතු නතර කරන ලද්දේ පරීක්ෂණ අවසන් කිරීමට තවත් කල් ඉල්ලා සිටියදීය . එම අවස්ථාවේ කොමිසම ලබාදුන් වාර්තාවද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් යටගසා තිබිණි .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *