ආණ්ඩුව කඩා වැටීමේ අවධානමක් තියෙනවා – ගැමුණු විජේරත්න

එසේත් නැතිනම් බලාපොරොත්තුඔබ සභාපතිත්වය දරණ සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය, යහපාලනය ඇති කිරීමට ප‍්‍රබල දායකත්වයක් දුන් පුරවැසි බලය හා වෘත්තීය සමිති සංවිධානයට අනුබද්ධිත එක් ප‍්‍රබල වෘත්තීය සමිතියක්. ඒ වගේම ඔබ සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරයේ විධායක සභිකයෙක්.  පුරවැසි බලය සංවිධානයේත් ක‍්‍රියාකාරී සාමාජිකයෙක්. ඔබලාගේ බලාපොරොත්තු සඵල කරමින්, යහපාලනය ඉදිරියට ගෙන යෑමට එක්සත් ජාතික පෙරමුණු රජයක් බිහිවුණා. බිහිකර ගන්නා ලද නව රජය ඔබලා බලාපොරෝතතු වූ පරිදිම කටයුතු සිදු කළාද? සුන්කරමින් වැරදි මාවතක යනවද? ඒ අනුව යහපාලනය පිළිබඳව ඇත්්තේ සතුටක්ද? කණගාටුවක්ද?

අපි සංවිධානයක් විදිහට යහපාලනය ඉදිරියට ගෙනියන්න විශාල කැපවීමක් කෙරුවා. මම පුද්ගලයෙක් විදිහටත් විශාල අභියෝගයක් බාර ගත්තා. අපිට අවාසනාවකටවගේ යහපාලනය කියන එක සමාජ ගතකරන්න බැරි වුණා. යම් පසුබෑමක් තියෙනවා. ඒ ගැන ඇත්තේ කණගාටුවක්. ඒ වගේම දුර්ධාන්ත මහින්ද රාජපක්‍ෂ පරාජය කිරීම ගැන සතුටකුත් තියනවා. වැඩිපුරම ඇත්තේ කණගාටුවක්.

එසේ කළකිරීමකට පත්වීමට, කණගාටුවක් ඇතිවීමට හේතු මොනවද?

මේ වනවිට රට අකර්මණ්‍යයි. රටේ ආර්ථිකය දැඩි ලෙස කඩාවැටිලා තියෙනව. ගොවියාට වී ටික විකුණගන්න බැරිවෙලා තියෙනවා. ප‍්‍රවාහණ ක්‍ෂේත‍්‍රයේ දැඩි අර්බූදකාරී තත්ත්වයක් තියෙනව. අධික වාහන තදබදයත් ජනතාවගෙ පැත්තෙන් විශාල අර්බූදයක්. ඒ වගේම රබර් මිල, තේ මිල අඩුවෙලා තියෙනව. අපනයනය දැඩි අකර්මන්‍යතාවයකට පත්වෙලා තියෙනව.

මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට ප‍්‍රථම ජනතාවට කෑම බීම පහසු මුදලකට ලබා ගත හැකිවිය යුතුයි. රටේ ආර්ථිකය යහපත් මාවතකට යොමු කළ යුතුයි. නැතුව රටක් ඉස්සරහට ගෙනියන්න බැහැ. හැම දෙයකටම වැඩිය මිනිස්සුන්ගේ බඩගින්න ගැන හිතන්න වෙනවා. ඒ පිළිබඳ අවධානය යොමු කෙරුවෙ නැත්නම් විශාල ගැටළුවක් ඇතිවෙනව.

හැමදා දෙපිළක සිට තර`ග කෙරුව ප‍්‍රබලම දේශපාලන පක්‍ෂ දෙක එකට එකතුවෙලා. මෙය ඓතිහාසික අවස්ථාවක්. මේ ගැන මොකද හිතන්නේ?

යහපාලනයේ මේ තියෙන සුසංයෝගය පිළිබඳ ගැටළු සහගත තත්ත්වය ඉදිරියේදී අපි නිරාකරණය කරගන්න බලාපොරොත්තු වෙනවා. පාළකයන් මේ සම්බන්ධයෙන් අවදියෙන් නොසිටියොත් ආණ්ඩුව කඩා වැටීමේ අවධානමක් තියෙනවා.

ඒ ඔබ සඳහන් කළේ රටේ ආර්ථික පැත්ත. අනිත් අතින් ඔබලා කතා කරපු භීෂණය තුරන් කිරීම, දූෂණ වංචා මැඩලීම, රාජ්‍ය මුදල් අවභාවිත කළ අය අත්අඩංගුවට ගැනීම, දැඬුවම්දීම වැනි දේවල් සාර්ථකව කෙරී තියෙනවද?

මේ ගැන කතා කරන්න හොඳම සාධකය තමයි, ප‍්‍රවාහන ඇමති විදිහට පත්වෙලා තියෙනව නිමල් සිරිපාල ද සිල්වා ඇමතිතුමා. එතුමා මාධ්‍ය සංදර්ශන පවත්වමින් ඉන්නවා. ‘හොරකම් කරපුවා අපි එළිදක්වනවා’ කියල කියනව. එයා කතාකරන්නෙ නිර්වස්ත‍්‍රවද? ඇඳුමක් ඇඳගෙනද කියන එක පිළිබඳ ගැටලූවක් තියෙනව. එතුමා හිටපු කැබිනට් අමාත්‍යවරයෙක්. ප‍්‍රවාහන ක්‍ෂේත‍්‍රයේ අධික විදිහට හොරමැරකම් සිද්ධ වුනේ කැබිනට් තීරණ ගන්නකොට තමයි. එතුමා කැබිනට් අමාත්‍යවරයෙක් විධිහට දැනගෙන හිටියා මේ සියලූ දේවල්. දැන් ඇවිල්ලා හොරකම් ගැන කතා කරනවා. ඔවුන් විසින්ම ස්වයං විවේචනයක් කරගත යුතුයි කියලා මම යෝජනා කරනවා. කැබිනට් මණ්ඩලය අනුමත කෙරුවා කියන්නේ, හොරකම්වලට දායක වුණා කියන එකයි. දැන් හොරුම හොරකම් ගැන කතාකරනවා.

යම් අමාත්‍යංශ්‍යක හොරකම් වලට වග කිව යුත්තේ කැබිනට් ඇමතිවරයා නේද?

ඔව්. ඒ වුනත් කැබිනට් පත‍්‍රිකාවක් අනුමත කරන්නේ කැබිනට් මණ්ඩලයෙනුයි. එම කැබිනට් පත‍්‍රිකාවෙන් යම් අයතා ගනුදෙනුවක් සිද්ධ වෙනව නම් කැබිනට් ඇමතිවරුන්ට ඊට විරුද්ධ වෙලා එය සම්මත කර නොගැනීමට හැකියාවක් තියෙනවා. ඔවුන් විරුද්ධ වුනේ නෑ. හොරකමට පක්‍ෂව අත ඉස්සුවා. හොරකමට දායක වෙලා තියෙනව. දැන් ආයෙ ඒකෙන් ගැලවීමට බෑ. ඒක බරපතල අර්බූදයක්.

පරාදවුන, දූෂිත චෝදනා ලබපු කැබිනට් අමාත්‍යවරු නැවත බලයට පත්වෙලා තියෙනවා. දැන් කළ යුත්තේ සිදුවුන දේවල් නොසලකා හැරීමද? ඉදිරියටත් පරීක්‍ෂණ කරගෙන යාමද?

මම හිතන විදිහට මේවා කථිකාවලට පමණක් සීමා වේවි. තව මාස කීපයක් යනකොට මේවා අතීතයේ හමස්පෙට්ටියට දාන තත්ත්වයකට පත්වෙනවා. එය ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක්. මම හිතන විදිහට මේ රටේ මිනිස්සුන්ට යහපාලනය සාක්‍ෂාත් කරගන්න හැකියාවක් වෙන්නෙ නෑ. අපි මේ පිළිබඳව බලාගෙන ඉන්නවා.

අපි ඉදිරියට නම් හොරකම්, වැරදි වැඩ, දූෂණ කරන්න ඉඩ දෙන්නෙ නෑ. අපි අභියෝග කරනව, එහෙම කෙරුවොත් අපි ඔවුන්ව ජනතාව හමුවේ දණගස්සනව කියල.

එහෙම කරන්න ඔබලාගේ සූදානමක් තියෙනවද? ඒ සඳහා හොඳ නිරීක්‍ෂණයක් අවශ්‍යයි. ජනතා විමුක්ති පෙරමුණ යම්තාක් දුරකට පහුගිය ආණ්ඩුව සමයේ ඒ කාර්ය ඉටු කෙරුවා. ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක මන්ත‍්‍රීතුමා පාර්ලිමේන්තුවේ ප‍්‍රබල සටනක් ගෙන ගියා දූෂණයට විරුද්ධව. සිවිල් සංවිධාන විදිහට මොකක්ද ඔබලාගේ තියන සූදානම?

සිවිල් සංවිධාන විදිහට අපිට හැකියාවක් තියෙනවා ජනතාව අතර ව්‍යාප්ත වෙන්න. අපිට හැකියාවත් තියෙනවා එසේ දූෂණ, වංචා සිදුවෙනවා නම් එයට විරුද්ධව ජනතාව අතර යම් මතයක් ගොඩනගන්න. පහුගිය කාලෙත් එය ගොඩනැගුවා. අපි අදත් ගොඩනගමින් ඉන්නවා. හෙටත් එය ගොඩනගනවා. අපි අනිවාර්යෙන්ම කියනවා, එවැනි පුද්ගලයින් ජනතාව ඉදිරියේ දණගස්සනවා.

දැන් අලූතින් ආපු අමාත්‍යවරු සොරකම් කිරීමට උත්සාහ ගනිමින් ඉන්නවා. විශේෂයෙන්ම සන්ධානයෙන් ආපු අමාත්‍යවරු. අපි විශේෂයෙන්ම දකින්නෙ ප‍්‍රවාහන ආමාත්‍යංශයෙන් විතරයි. දැන් එක එක දේවල් වලට එබිකම් කරමින් ඉන්නවා. අපි අභියෝග කරනවා හොරකම් කරන්න දෙන්නෙ නෑ කියල. එහෙම කළොත් යහපාලනය කොහෙ නවතීද කියල කියන්න බෑ.

ඔබ කියන්නේ විශේෂයෙන්ම ප‍්‍රවාහන අමාත්‍යංශයේ සිදුවන දූෂණ හොරමැරකම් ගැන අවදියෙන් ඉන්නවා කියලද?

අපිට ඒ පිළිබඳව සියලූම අංශවල තොරතුරු එනවා. අපි දකිනවා ලංකාවේ මූලිකවම වැඩි සැලකිල්ලක් දක්වන්න අවශ්‍යය ප‍්‍රවාහනය, අධ්‍යාපනය හා සෞඛ්‍යය යන අංශ තුන කියල. ඒ තුන පිළිබඳව විශේෂයෙන් අවදියෙන් ඉන්න අවශ්‍යයි. ප‍්‍රවාහන අමාත්‍යවරයා නිමල් සිරිපාලද සිල්වා. සෞඛ්‍ය අමාත්‍යවරයා රාජිත සේනාරත්න, අධ්‍යාපන අමාත්‍යවරයා අකිල විරාජ් කාරියවසම්. රටේ වැදගත්ම විෂයයන් තුන ඒ තුන. ඒ විෂයයන් බාර අමාත්‍යවරු හරියාකාරව ක‍්‍රියා කරනවා නම් ගැටළුවක් නෑ. විශේෂයෙන්ම සෞඛ්‍ය සේවයේත් විශාල ගැටළුකාරී තත්ත්වයක් තිබුණා පසුගිය කාලය පුරාම. සෞඛ්‍ය සේවය පිළිබඳවත් අවදියෙන් ඉන්න අවශ්‍යයි. සෞඛ්‍ය සේවයට යම් යම් බලපෑම් තිබුණා වර්ථමාන ජනාධිපතිතුමා සෞඛ්‍ය ඇමති වෙලා ඉන්න කාලෙදි. ඒක එතුමාම ප‍්‍රකාශ කළා. අපි දකිනවා මේ අමාත්‍යාංශ තුන රැුකගතයුතුයි කියලා. අපි මේ ත‍්‍රිකෝණය පිළිබඳව විශේෂ අවධානයෙන් ඉන්නවා.

පසුගිය දිනක වව්නියාවේ නිරීක්‍ෂණ චාරිකාවක ගිය ප‍්‍රවාහන අමාත්‍යවරයා බස් රථ එකසිය ගණනක් බලපත‍්‍ර නැතිව ධාවනය කරනවා කියල හදිසියේම ඒවායේ ධාවනය අත්හිටවනු ලැබුවා. ඒසේ කිරීම සුදුසුද? නැතිනම් ඊට වඩා සාධාරණ ක‍්‍රීයාමාර්ගයක් ගතයුතුව තිබුණද? මොකක්ද ඒ පිළිබඳව ඔබේ අදහස?

ඒක හොරාගෙ අම්මගෙන් පේන ඇහුවා වගේ වැඩක්. ඔය බස්රථ සේරම අනුමත කෙරුවෙ වෙල්ගම මහතා ප‍්‍රවාහණ ඇමතිවෙලා ඉන්න කාලේ. වෙල්ගම ඇමතිතුමා ඉන්න කාලේ මෙයා කොහෙද හිටියේ?  එතකොට මෙයා කැබිනට් එකේ හිටියෙ නැද්ද? වෙල්ගම ඇමතිවරයා අනිසි විදිහට මාර්ග බලපත‍්‍ර දුන්නා. ඒ සම්බන්ධයෙන් අපි අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාවට ගිහිල්ලා තියෙනව. අපි ගාව සාක්‍ෂි තියෙනවා. බඩුත් එක්ක හොරු ඉන්නවා. කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ ව්‍යාජ කැබිනට් පත‍්‍රිකාවකින් තමයි ඒ බලපත‍්‍ර දුනනේ. බස් හිමියන්ගෙන් පගාව ගත්තා. ඒක අපි පැහැදිලිවම කියනව. එතකොට බස් හිමිකරුවන් අමාරුවෙ වැටුණා. ඒ මිනිස්සු බස් අලූතින් ගත්තා. ඒ මිනිස්සු ගොඩ එන්න නම් හොරට හරි දුවන්න  ඕන. බස් හිමියනුත් අමාරුවෙ දැම්මා. රටත් අමාරුවෙ දැම්මා. අපිත් අමාරුවෙ දැම්මා.

ඔබ කතා කෙරුවේ බස්රථ හිමියන්ගේ පැත්තෙන් හා සංගමය පැත්තෙන්. බස් මගීන්ගේ පැත්තෙන් බස් මගියා හිරිහැරයකට පත්වෙලා තියෙනවා. ඇතැම් බස්රථ කොන්දස්තරවරු, රියැදුරන් කතාකරන්න දන්නෑ. පිරිසිඳුකමක් නෑ. කටහොදලා වතුර විදිනකොට ජනෙල් වලින් බස් මගීන්ගේ ඇ`ගට එනවා. ඒ ගැන හිතන්නේ නෑ. කස්දොස්කිරියාවක් වන තරමට මලජරා සිංදු අධික ශබ්දයෙන් දානවා. එවා නැතිකරන්න බැරිද? වෙන රටවල බස්රථ කොතරම් මගීන් ගැන හිතනවද? අපේ රටේත් යම් සාධනීය තත්ත්යක් ඇති කරන්න බැරිද? වැඩමුළු පැවැත්වීමෙන් හෝ දැනුම්වත් කිරීමෙන්.

මෙහි ගැටළු කීපයක් තියෙනව. මධ්‍යම ආණ්ඩුවට බස් 3000 ක් වගේ ප‍්‍රමාණයක් තමයි තියෙන්නෙ. ලංගම බස් 5000 ක් පමණ ඇති. සියල්ලම ගත්තොත් 8000 ක් පමණ තියෙනවා. අනිත් බස් රථ 17000 ම පළාත් සභාවලට විමධ්‍යගත වෙලා තමයි තියෙන්නේ. මේ පළාත් සභා වලට 13 වන ව්‍යවස්ථාව අනුව වෙනම ප‍්‍රඥප්ති තියෙනව. එතකොට ඒ අය කටයුතු කරන්නෙ ඒ අනුව. මෙතනදි විෂමතාවයක් සිද්ධ වෙනවා මධ්‍යම ආණ්ඩුවට. මම මේ ගැන පැහැදිලිව කියලා තියෙනවා. මේ සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය තුමාවත් දැනුවත් කරලා තියෙනව.

මධ්‍යම ආණ්ඩුවෙ නපුංෂක තත්ත්වයක් ඇතිවෙනවා මේ ක්‍ෂේත‍්‍රය තුළ, ජාතික ප‍්‍රතිපත්ති විහිදුවන්න, ක‍්‍රියාත්මක කරන්න (සපචකැපැබඑ* කරන්න නීතිමය හැකියාවක් නැහැ පළාත් සභාවලට. ඒක විශාල ගැටළුවක්. මේක බලය බෙදීම පැත්තෙනුත් තියෙනවා. අනෙක් පැත්තෙනුත් ඇතිවෙනවා. බලය ඒකරාශි කිරීම පැත්තෙන් ගත්තාම මෙහි පරස්පරතා ඇති වෙනවා. ආණ්ඩුව සහ පාලකයින් විශාල ගැටළුවකට පත්වෙනවා. බලය නැවත දෙනවද? නැත්නම් බලය ආපසු ගන්නවද? පාර්ලිමේන්තුවෙ පනත් සම්මත කරලා ගන්නවානම් බලය ආපසු ගැනීමක් විදිහට එනවා. පනතක් සම්මත කරලා ජාතික ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කරනවා නම් ප‍්‍රදේශීය වශයෙන් ඔවුන්ට බලය ලබා දෙනවා. බලය ලබා දෙනවද? බලය රැුකගන්නවද? පරස්පර විරෝධි තත්ත්වයක් ඇති වෙනව. මෙම තත්ත්වය යටතේ එක විනය පනතක් ක‍්‍රියාත්මක කරන්න බැරි වෙනවා. පළාත් සභා ක‍්‍රමයට මම විරුද්ධයි. මම ඒක 2010 වසරේ එල්.එල්.ආර්.සී. එකට යෝජනා කෙරුවා.  ඒ නිසයි එක පනතක් රටේ ක‍්‍රියාත්මක කරන්න බැරි. එය අද ප‍්‍රායෝගිකව අත්විඳිනව. කොමිෂන් සභා පිහිටුවීමෙන් මෙය කරන්න පුළුවන්. නැතුව ප‍්‍රවාහණ කර්මාන්තය ඉදිරියට ගෙනයාමේ හැකියාවක් නෑ.

මම යළිත් ප‍්‍රශ්නයට එන්නම්. මම මතුකළේ මගී ජනතාව විඳින හිරිහැර හා බස්රථ සේවක විනය ගැන. ඔවුන් නියමිත යොනිෆොම් එකවත් අඳින්නෙ නෑ. පොලිසියෙන් හරි පරීක්‍ෂකයන් හිටියොත් හරි ඇඳගන්නවා. ඊට පස්සේ අකුලලා මුල්ලක ගහනවා.

උපාලි කොඩිකාර කියන අසාර්ථක පළාත් අමාත්‍යවරයා නිසා ප‍්‍රවාහන ක්‍ෂේත‍්‍රයේ විශාල කඩාවැටීමක් සිද්ධ වුණා. මට ඔහුගේ නීති විරෝධි වැඩකටයුතුවලට විරුද්ධව අපිට උසාවි ගානේ යන්න සිද්ධ වුනා. අපේ කාලය, රටේ වටිනා කාලය නාස්ති කෙරුවා. මම පෙර ගෙවුම් ප‍්‍රවේශ පත‍්‍ර කි‍්‍රයාවලිය හඳුන්වලා දුන්නා. ඒක කඩාකප්පල් කරන්න ඇති උවමනාව නිසා අවශ්‍ය දේවල් කෙරුවෙ නෑ. මම නිල ඇඳුම නිකම් අරන් දුන්නා. ඒකත් ක‍්‍රියාත්මක කරන්නෙ නෑ. මට සංගමයක් විදිහට කරන්න පුළුවන් උපරිම දේ කරලා තියෙනව. නියාමන ආයතනවල තියෙන බෙලහීනතාවය, පළාත්සභාවල තියෙන බෙලහීනතාවය නිසා තමයි මේවා ක‍්‍රියාත්මක වෙන්නෙ නැත්තේ.

ඔබේ සංගමය ප‍්‍රබල තත්ත්වයක තිබුණා. ඔබේ සංගමයට විරුද්ධව වෙනත් සංගම් බිහිවුණා, නැත්නම් නිර්මාණය කෙරුවා. අනෙක් සංගම් එක්ක සංසන්ධනය කිරීමේදී ඔබේ සංගමයේ ශක්තිය කොහොමද?

වෙනත් සංගම් බිහිකෙරුවෙ පසුගිය ආණ්ඩුව කාලෙ. පැහැදිලිවම මට ගහන්න බලාගෙන වෙනත් සංගම් බිහි කෙරුවා. මට ගහන්න සංගම් බිහිකරලා අද ඒ ගොල්ල නන්න්තාර වෙලා තියෙනව. ඔවුන්ට බලයක් නැහැ. නමුත් අපට ප‍්‍රශ්නයක් තියෙනවා. මේ යහපාලනයේ තියෙන අකාර්යක්‍ෂමභාවය තුළ නැවත ඔවුන් ගොඩනැගෙයිද කියල ගැටළුවක් තියෙනව. විපක්‍ෂයම නැවතවරක් බලයට ඇවිල්ලා කියනවා. ඔවුන්ව (නිර්මාණය කරන ලද බස්රථ සංගම්* කරළියට ගත්තොත් නැවත අර්බූදකාරී තත්ත්වයකට පත්වෙනවා. යහපාලනය නිර්මාණය කරන්න දායක වුණු අපි කොහෙ නවතීද කියලා හිතන්නවත් බෑ. ගැටළුවකට අපි මූණපාලා තියෙනවා. ජනතාව හමුවේ මෙය ඉදිරිපත් කරනවා.

අග‍්‍රාමාත්‍ය තුමාගේ ප‍්‍රධානත්වයෙන්, සිවිල් සංවිධානත් ඒකක, සැලසුම් කමිටුව හරහා අපි උත්සාහ කරනවා රටේ ගුණාත්මක ප‍්‍රවාහන සේවාවක් ඇති කරන්න. අපි ඒක ක‍්‍රියාත්මක කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. අවාසනාවකට අපේ සෝභිත ස්වාමීන්වහන්සේගේ අසනීප තත්ත්වය නිසා අපිට අඩියක් පස්සට ගන්න සිද්ධ වෙලා තියෙනව.

ඔබලා අවසාන වතාවට කරපු බස් වර්ජනය සාර්ථක වුනේ නෑ කියන එකයි මගේ අදහස. බස්රථ හිමියන්ට සිදුවෙන අසාධාරණයකදි හෝ වෙනයම් පොදු අසාධාරණයකට විරුද්ධව බස් රථ ධාවනය සාර්ථක ලෙස වර්ජනයකිරීමේ හැකියාවක් ඔබ සංගමයට තියෙනවද?

2013 වසරේ මහින්ද රාජපක්‍ෂ රජයට විරුද්ධව වර්ජනයක් දියත් කළා. අධික මැර බලය හා රාජ්‍ය බලය යොදලා ඒක මර්ධනය කරන්න කටයුතු කළා. ඒත් ඒක කරන්න ලැබුණෙ නෑ. 2014 වසරේ අපි දියත් කළ වර්ජනය යම් පසුබෑමකට ලක්වෙන්න සිද්ධ වුණා. ඒ අවස්ථාවේ තිබුණු රාජ්‍ය ත‍්‍රස්තවාදය ඔස්සේ අපිව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් තිබුණා. විශේෂයෙන්ම අපේ ප‍්‍රධාන සංවිධායකවරයා අත්අඩංගුවට අරගෙන අසාධාරණ විදිහට ඔහුට නඩු පවරලා තියෙනවා. එවැනි තත්ත්වයක් තුළ පසුගිය රජයෙන් විශාල අසාධාරණයක් සිද්ධ වුනා. ඒ නිසා අපි ඒ ආණ්ඩුව පෙරළුවා.

පසුගිය රජය අපේ ශක්තිය හීන කරන්න විවිධ කණ්ඩායම්, බස් හිමියන්ගේ කණ්ඩායම් හැදුවා. ඔවුන් තමයි මේ රටේ බස් කර්මාන්තය විනාශ කරන කණ්ඩායම. තවත් කණ්ඩායමක් ඉන්නවා. ඒ අමාත්‍යවරුන්ගේ කණ්ඩායම. උන් තමයි විශේෂ වරප‍්‍රසාද අරගෙන බස්වල යන මගීන්ව විනාශ කරන්න කටයුතු කෙරුවේ. ඔවුන් තවමත් ඉන්නවා. පසුගිය මාස හය හත තුළ මම ඔවුන්ව මර්ධනය කෙරුවා. මට හිතන්න අමාරුයි යළිත් ඔවුන් පැනනගීද කියලා. ඔවුන් පැන නගියි කියල බියක් තියෙනව.

ඔබ යහපාලන රජයක් බිහිකිරීම වෙනුවෙන් මෙතරම් කැපවීමක් කෙරුවේ සමාජ අසාධාරණයට විරුද්ධව යහපාලනයක් ගෙන ඒමටද නැතිනම් නැතිවී ගිය බස්රථ හිමියන්ගේ සමිතිය යළි බලාත්මක කර ගැනීමටද?

මූලිකත්වය ගත්තේ සමාජ අසාධාරණයට විරුද්ධව. එයම තමයි අපේ වෘත්තීය ගැටලූ වලට හේතු වුනේ. සමාජ අසාධරණ බස් කර්මාන්තයට පමණක් නෙවෙයි, විවිධ පැතිකඩයන් තුළ අපි සමාජ අසාධාරණය දැක්කා. සමාජ සාධාරණය කොතනද අපි ඊට විරුද්ධවයි ඉන්නේ. අපි අසාධාරණයක් වෙනවා නම් ඊට විරුද්ධව පෙනී සිටිනවා. අපිට ශක්තිමත් කණ්ඩායමක් ඉන්නවා. අපි ඔක්කොම එකට එක්කාසු වෙලා යන ගමනක් තියෙනව. මේ සඳහා ප‍්‍රමුඛත්වයක් ගත්ත සෝභිත හාමුදුරුවන්ගේ වටේ එක්කාසු වෙලා රටට ශක්තියක් දුන්නා. රටට විශාල අවධියක් ලබා දුන්නා. ඒ වගේම රට වෙනත් පැත්තකට අපි හැරෙව්වා. අවාසනාවකට උන්වහන්සේගේ රෝගීවීම තුළ යම් පසුබෑමක් තියනවා. දේශපාලනයේ බලලෝභීන් කරළියට ඒමට උත්සාහ දරමින් ඉන්නවා. උන්වහන්සේ සනීප වෙලා ආවාම අපි අපේ යුද්ධෙ ඉක්මනින් පටන්ගන්නවා.

සෙමිලක්සරි සේවාව මගීන්ව සූරාකෑමකට ලක් කරනවා. සාමාන්‍ය බස්රථයකත්, සෙමිලක්සරි බසයකත් විශේෂයක් නෑ. (සෙමිලක්සරි බස්රථවල හොදපු නැති, පසුගඳ ගහන කර්ට්න් එකක් තියනවා. එච්චරයි වෙනස.* ඔවුන් මගීන්ගෙන් සාමාන්‍ය ගාස්තුවකට වඩා අධික මුදලක් අයකරනවා. මගීන් ගොඩවුන පසුවයි ඒ බව දන්නෙත්. මේ තත්ත්වය අසාධාරනණයක් නේද?

සෙමි ලක්සිරි බස් සේවාව අහෝසි කරන්න මම යෝජනාවක් කෙරුවා. මාස 6 ආණ්ඩුවට එය යෝජනාවක් ලෙස ඉදිරිපත් වී තිබුණා.  මම හිතනවා ඉදිරියේදී එය අහෝසි කරන්න පුළුවන්. පහුගිය ආණ්ඩුවට සහයෝගය දක්වපු උදවිය තමයි සෙමි ලක්සරිසේවාව පවත්වාගෙන යන්නෙ. ඔවුන් තමයි බස් මගියාව කම්බස් කෙරුවෙ. පහුගිය කාලේ මට ඒකෙ කොටසක් නැතිකරගන්න පුළුවන් වුනා. පසුගිය දේශපාලන වාතාවරණය තුළ යම් ආකාරයක අඩාල වීමක් වුණා. මම මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාව දැනුවත් කරල තියෙනව. මට ආණ්ඩුවෙන් සහයෝගය දෙනවනම් මම පුළුවන්තරම් උත්සාහගන්නවා මෙය අහෝසි කරගන්න.

මාර්ග අංක 173 නුගේගොඩ සිට නාරහෙන්පිට, නිදහස් චතුරශ‍්‍රය, කොටුව, මාළු කඬේ හරහා තොටළ`ග දක්වා ධාවනය වූ බස්රථය නතරකර දැමීම කාර්යාල සේවක සේවිකාවන්ට මෙන්ම සාමාන්‍ය මගී ජනතාවට ද හිරිහැරයක්. මේ එක් උදාහරණයක් පමණයි. එවන් බස් ධාවනයක් හිටිහැටීයේ නතර කර දැමීම මගීන්ට කරන අසාධාරණයක් නේද?

173 බස් එක නතර කෙරුවේ නෑ. ඉබේම නතර වුණා. පළාත් සභාවෙ අකාර්යක්‍ෂම පරිපාලනය නිසා ගැටළුවක් ආවා. අපි බලාපොරොත්තු වෙනවා මේ අකාර්යක්‍ෂමතාවය ම`ග හැරගෙන අලූත් පරිපාලනයක් ඔස්සේ ඉස්සරහට වැඩ කිරීමට. මම ඇමති වරයාගෙන් ඉල්ලූවා පරිපාලනය දන්න සභාපතිවරයෙක් මේ සම්බන්ධයෙන් පත්කරන්න අවශ්‍යයි කියල. පලාත් සභාවේ ප‍්‍රවාහන අධිකාරියෙ සභාපති විදිහට හිටියේ එම අමාත්‍යංශයේ ඇමති කොඩිකාර මහතාගේ බෑනනුවන්. අපි අලූත් එක්කෙනකේ පත්කරව ගන්න බලාපොරොත්තු වෙනවා. ජනාධිපතිතුමා ආපසු ආපුවාම ජනාධිපතිතුමා සම`ග සාකච්ඡුා කර මේ සම්බන්ධ දැනුමක් ඇති සුදුසු පුද්ගලයෙක් පත්කරන්න කටයුතු කරනවා. බස්නාහිර පළාත් සභාවට තමයි බස්නාහිර බස්ධාවනයේ වැඩිපුර බලයක් තියෙන්නෙ.

දකුණෙ වගේම උතුරෙත් ප‍්‍රවාහන ක්‍ෂේත‍්‍රයේ ¥ෂණය කෙරුවා. බස් බලපත‍්‍ර 113 කින් 5 ක් පමණයි නියමිත පරිදි දීලා තියෙන්නෙ. අනිත් ඒවා දුන්නෙ හොරට. මහින්ද රාජපක්‍ෂ රජය උතුරෙත් හොරකම කෙරුවා. දකුණෙත් හොරකම කෙරුවා. අපි ඒ පිළිබඳව අල්ලස් හෝ ¥ෂණ කොමිෂන්  සභාවට පැමිණිලි කරල තියෙනව. අපි බලාපොරොත්තු වෙනවා සාධාරණ විමර්ශනයක් සිද්ධවෙයි කියල.

මේ අසාධාරණය පිළිබඳවත්, තමාට සිදුවූ පාඩුව පිළිබඳවත් බස්රථ හිමියන්ට සිවිල් නඩුවක් පැවරීමට බැරිද?

පුළුවන්. ඒත් දැන් ඇති ආර්ථියකයත් එක්ක අමාරුයි. පසුගිය අවුරුදු 7 ක් 8 ක් නඩු කිව්වා. දැනට ලක්‍ෂ 60 කට ආසන්න ප‍්‍රමාණයක් වියදම් වෙලා තියෙනව. දැන් තියෙන තත්ත්වය අනුව විශාල පසුබෑමකට පත්වෙලා තියෙනවා බස් සංගමය.

ලෝක වෙළෙඳපොලේ තෙල් මිල විශාල වශයෙන් පහත වැටිලා තියෙනවා. මේ තත්ත්වය අනුව තෙල් මිල අඩුකරන්න හැකියාවක් තියෙනවා. එහෙම තෙල් මිල පහල ගියොත් මගීන්ට තවත් සහන සැලසීමට හැකියාවක් තියෙනවනේද? තෙල් මිල අඩුකරනවාට ඔබ සතුටුද?

මම හිතන්නෙ නෑ රජය තෙල් මිල අඩු කරයි කියලා. තෙල් වලින් දැනට ලැබෙන ලාභයෙන් තමයි රජය දුවන්න රුකුලක් වෙන්නෙ. පෙට්ට‍්‍රල් මිල ඉහළ යනවා නම් හොඳයි. බස් මගීන් සංඛ්‍යාව වැඩිවෙනවා වගේම. මාර්ග තදබදය තරමක් අඩුවෙයි. ඞීසල් මිල අඩු වුණොත් බස් කර්මාන්තය ලොකු අර්බූදයකට යනවා. රූට් පෝමිට් ඉල්ලන පෝලිමක් ඇති වෙන්නත්, බස්ගාස්තුව පිළිබඳව ගැටළු ඇතිවෙන්නත් පුලූවන්.

ඔබගේ නිවස ඉදිරිපිට පසුගිය ආණ්ඩුව සමයේ මල්වඩමක් තියල අනතුරු ඇ`ගවීමක් කෙරුවා. යළිත් එහෙම වෙයි කියලා බලාපොරොත්තු වෙනවද?

වෘත්තීය සමිති කරනකොට  ඕවා බලාපොරොත්තු වියයුතු දේවල්. අපි ඇත්ත වෙනුවෙන් ජීවිතේ පුදන්න සුදානම්. අපි බය නෑ. අපි රට වෙනුවෙන් වැඩ කරනවා. එක මල්වඩමක් නෙමේ මල්වඩම් 10 ක් ගෙන්ල්ලා තිබ්බත් අපි බය නැතුව වැඩ කරන්න සූදානම්.

මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *